කොරෝනා මර්දනයට බදුල්ල මහ නගර සභාවෙන් ලක්ෂ 18 ක්


(ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනා වයිරසය මර්දන කිරීමේ වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම සහ ජනතාවට සහන සැලසීම සඳහා බදුල්ල මහ නගර සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 18 ක මුදලක් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත වෙන්කළ බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 1500 කට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට නියමිත බව නාගරාධිපතිවරයා සඳහන් කළේය.

මෙම මුදල් ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනිතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ලිඛිත අනුමැතිය හා උපදෙස් මත වෙන් කර ගත්බව නගරාධිපතිවරයා පැවසීය.