කොරෝනා මරණ 500 ඉක්මවයි


 

 

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07 වැනිදා) තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 502 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි සිවුදෙනෙක් වෙති.