කොරෝනා මරණ 100 පනී - අදට 8 යි


 

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් අටදෙනකු අද (27) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

අද දිනයේදී මිය ගිය සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති.

අවුරුදු 87, 54, 78 සහ 58 යන වයස්වල කාන්තාවන් සිවුදෙනෙක්ද, 36, 83, 69 සහ 70 යන වයස්වල පිරිමි පුද්ගලයන් සිවුදෙනෙක්ද මිය ගිය අය අතර වෙති.  

මෙම මරණ 8 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍