කොරෝනා ආසාදිතයන් 3793ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් වයිරසය ආසාදිතයන් 3,793 ක් අද (19) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ‘කොවිඩ්’ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 363,136 ක් දක්වා ඉහළ ගියේය.

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2186 දෙනකු සුවය ලබා අද (19) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 318,7140 කි.