කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 804 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද (06) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 07 දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඉන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් රෝගියා නාවික හමුදා සාමාජිකයෙකු ඇසුරු කළ අයෙකි.
මේ වන විට 232 සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

