කෙන්ගල්ල ජාතික පාසලේ සිසුන් 5 කට කොරෝනා


(ජේ.ඒ.එල්. ජයසිංහ සහ චන්දන උඩුවාවල )

කොරෝනා ආසාදිත  සිසුන්  පස්දෙනකු හඳුනා ගැනීමත් සමඟ කෙන්ගල්ල ජාතික පාසලේ 08 සහ 10 ශ්‍රේණි දින 14 කට වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මෙම පන්ති වසා දමා එහි  ගුරුවරුන්ද නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඇන්ටිජන් හා පී.සී.ආර් පරීක්ෂණ කුණ්ඩසාලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයෙන් සිදු කර ආසාදිත දරුවන් පිළිබදව තහවුරුකරගෙන ඒ සම්බන්ධව ඉදිරිපියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.