
(සුජිත් හේවාජුලිගේ )
මෙරට ප්‍රදේශ රැසකින් ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6 දෙනෙකු හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල 88ක් පරික්ෂා කිරීමේදී යැයිද ඔහු සඳහන් කළේය.
ජනවාරි මාසයේ සිවුවන සතියේ සිට ලබා ගත් නියැදිවලින් මෙම ආසාදිතයින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද භාර දෙනු ලැබීය .

