ඌවේ රාජ්‍ය ආයතන විෂබීජහරණය කරන්න උපකරණ බෙදාදෙයි


(ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාතේ මහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන රාජ්‍ය ආයතන විෂබීජ හරණය කිරීමට අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර ආයතන වලට බෙදාදීම පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදුකෙරිණි.

වැවිලි කටයුතු රාජ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ අමාත්‍යාංශය මගින් දියර ඉසින යන්ත්‍ර 200 ක්ලබාදී තිබේ.

පොලිස් ස්ථාන,පළාත් පාලන ආයතන,සෞඛ්‍ය ආයතන,බන්ධනාගාර,දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දුම්රිය ස්ථානය,ලංගම බස් ඩිපෝ,පළාත් සහාව ඇතුලු මහජනතාව නිතර ගැවසෙන ආයතන සඳහා දියර ඉසින යන්ත්‍ර බෙදාදීම සිදුවිය.

ඌව පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපකරණ බෙදාදුන් අවස්ථාවට ඌව ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා , ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න,ආණ්ඩුකාර ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගිවූහ.