(ශාන්ත චන්ද්‍රසිරි)
මසකට අධික කාලයක් වසා දමා තිබු උඩරට වතුකරයේ මත්පැන්හල් ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ විවෘත කිරීමෙන් පසුව මෙරට නිෂ්පාදිත සියලුම මත්පැන් වර්ග අද (20) දහවල් වනවිට සම්පුර්ණයෙන්ම විකිණී අවසන් වු බව මත්පැන්හල් හිමියෝ පවසති.
උඩරට වතුකරයේ බොහෝ මත්පැන්හල්වල දේශීය මත්පැන් වර්ග පෙරවරු කාලයේදීම අවසන් වු බවත්, ඇතැම් මත්පැන්හලවල දහවල් වනවිට අවසන්ව ගිය බවත් ඔවුහු කියති.

