ඇඳිරි නීතිය තිබියදී සූදු කෙළි පිරිසක් පහරදී පොලිසියේ දෙදෙනෙකු රෝහලේ


(එස්. ඩී. කොඩිකාර)
 
මෙදේරිපිටිය ප්‍රදේශයේ දී ඇඳිරිනීතිය කඩ කරමින් මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩාවේ යෙදී සිටි කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පිරිස පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක‍ෙ තුවාල ලබාදෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 

 
මෙසේ තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකි.
 
පහරදීම සම්බන්ධයෙන් පල්ලෙගම , මෙදේරිපිටිය   ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 -25 අතර පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් කණ්ඩායමක්  හඳුනාගෙන ඇති  ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
දෙනියාය ,මෙදේරිපිටිය ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට හෙඩ් ගසන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇඳිරිනීතිය කාලය තුළ ඔවුන්  අත්අඩංගුවට ගැනීමට යාමේදී  සුදු ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයින් කණ්ඩායමක් විසින් මෙම පොලිස් නිලධාරීන්ට පහරදී තවත් පිරිසක් පැන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.