ආසාදිතයින් තහවුරු කරගැනීමේ පරීක්ෂණයට තවත් ආයතන 4කට පහසුකම්


 ( ඩයනා උදයංගනී)

මෙතෙක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පමණක් සිදුකළ කොරෝනා වයිරසය ආසාදිතයෙක්ද යන්න තහවුරු කරගැනීමේ පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම් තවත් රෝහල් 3 කට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල හා අනුරාධපුර ශික්ෂණ රෝහල මගින් ද මෙම පරීක්ෂණ සිදුකරන බව වෛද්‍යවරයා කීවේය. ඉදිරියේදී එම පහසුකම් පෞද්ගලික රෝහල් සදහා ද ලබාදීමට සාකච්ඡා කරගෙන යන බවද හෙතෙම සදහන් කළේය.

 ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.