(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අද(01) දිනය තුළ මේ දක්වා, ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 25දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
ඊයේ(30) රාත්‍රිය වනවිට ආසාදිතයන් 665ක් බවට පත්ව තිබූ අතර, ඊයේ දිනය ඇතුළත තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 16කි.
මේ අතර, අද දහවල් 12.00 වන විට තවත් ආසාදිතයකු හඳුනාගැනිනි.
එතැන් සිට මේ දක්වා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 690 ක් වේ.
කෙසේවෙතත් සුවය ලබා රෝහලින් පිටව ගිය පුද්ගලයන් ගණන 162ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.


