අද කොරෝනා මරණ 04 යි : ආසාදිතයින් 360 යි




කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 4දෙනෙකු අද (06වැනිදා) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 497 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (06) මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක්  සහ පිරිමි දෙදෙනෙක් වෙති.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ ආසාදිතයන් 360 දෙනෙකු අද (06) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.