(ප්‍රින්ස් රත්නායක)
සමනලවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 130 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සමනගවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි.
ප්‍රදේශයේ ත‍්‍යාගශීලීන් , ව්‍යාපාරිකයින් සහ තරුණ පිරිසකගේ දායකත්වයෙන් මෙම ආහාර ද්‍රව්‍ය සඳහා මූල්‍යාධාර ලැබිණි.
ග්‍රාමසේවා වසම් 14 ක අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම ආධාර ලබාදීම සිදුකෙරිණි.
ග්‍රාම සේවා නිලධාරීන්ගේ දායකත්වයෙන් අදාළ ප්‍රදේශයන් වෙත ගොස් එම ද්‍රව්‍ය ආධාර ලබාද දීම සිදුවිය.