(ජේ.කේ.එල් චාමින්ද)
අක්මීමන තල්ගස්යාය සණස සමිතිය මගින් එම සමිතියේ සාමාජිකයින් 257 දෙනෙකු සඳහා වියළි ආහාර මල්ලක් බෙදාදීම අද (30) අක්මීමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාම විහාරස්ථානයේ ද සිදුකෙරිණි.
සණස සමිතියේ සභාපති ගාලු කඩවත්සතර හා තල්ප පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන හිමියන් මෙම වියලි ආහාර පාර්සල් බෙදාදෙනු ලැබූහ.