ශ්‍රී ලාංකේය ලියෝ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක්: “Leo Crown Sri Lanka 2026” අභිමානයෙන් කරළියට


ශ්‍රී ලංකාවේ ලියෝ ඉතිහාසය අලු‍ත් කරමින්, ලියෝවරුන්ගේ දක්ෂතාව, නායකත්වය සහ පෞරුෂය ඇගයීමට ලක් කළ ප්‍රථම පෞරුෂත්ව තරගාවලිය  “Leo Crown Sri Lanka 2026” පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. කොළඹ සෙන්ටෙනියල් ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, සමස්ත ලංකාවම ආවරණය වන පරිදි පවත්වනු ලැබූ මෙවැනි ආකාරයේ ප්‍රථම උත්සවය ලෙස ඉතිහාසයට එක්විය.
දිවයින පුරා විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි දක්ෂ ලියෝවරුන් රැසකට තම සැඟවුණු කුසලතා සහ වේදිකා විශ්වාසය ප්‍රදර්ශනය කිරීමට මෙමගින් සුවිශේෂී අවස්ථාවක් හිමිවිය. මෙය ලියෝවරුන්ගේ නායකත්ව හැකියාව සහ එකමුතුකම විදහා පෑ සුවිශේෂී වේදිකාවක් විය.
තරගාවලියේ ජයග්‍රාහකයන් ලෙස Miss Leo Sri Lanka 2026 කිරුළ මෙත්මි ගුණරත්න දිනාගත් අතර, දෙවන ස්ථානය බිහානි ජාගොඩ සහ තෙවන ස්ථානය මිතුනි සේරසිංහ විසින් හිමිකර ගන්නා ලදී. එමෙන්ම  Mister Leo Sri Lanka 2026 ලෙස පසිඳු කරුණාරත්න ප්‍රථම ස්ථානය දිනාගත් අතර, එහි දෙවන ස්ථානය ආකාෂ් කොටුවැල්ල සහ තෙවන ස්ථානය සුරින් ප්‍රනාන්දු විසින් ජයග්‍රහණය කරන ලදී.
තරුණ  “Leo Crown Sri Lanka 2026”‍ රාත්‍රිය, ශ්‍රී ලාංකේය ලියෝ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය.