2026 වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගෙන ඇති මෙරට ජංගම දුරකතන පරිශිලකයන් වෙත එල්ල වූ මැල්වෙයා ප්‍රහාර සංඛ්‍යාව 922ක් බව පරිගණක ආරක්ෂක සේවා සම්පාදන සමාගමක් වන Kaspersky පවසයි.
ඒ අනුව මෙය පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 132 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. එසේම ශ්‍රී ලංකාව තුළ එක් පරිශීලකයකුට තර්ජන හඳුනාගැනීම් ප්‍රමාණයද 5.5 ක සිට 17.4 ක් දක්වා කැපී පෙනෙ ලෙස ඉහළ ගොස් තිබේ.
විශේෂයෙන්ම ලොව සයිබර් අපරාධකරුවන් මේ වනවිට ජංගම දුරකතන වෙත එල්ල කරන මැල්වෙයා ප්‍රහාර වැඩි කරමින් සිටින බව Kaspersky පවසයි. ඒ අනුව විශේෂයෙන්ම ආසියා පැසිපික් කලාපය මෙම ජංගම තර්ජන ක්‍රියාකාරකම් වැඩි වශයෙන් එල්ල වන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබෙන බව එම සමාගම සඳහන් කරයි.
ඒ අනුව එක් පරිශීලකයකුට තර්ජන හඳුනාගැනීම් ප්‍රමාණය 4.9 ක සිට 7.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 49 කින් ඉහළ යාමක් බවද පවසයි.
මේ අතරින් තායිලන්තය තුළ එම තර්ජනයේ කැපී පෙනෙන ඉහළ යාමක් සටහන් කර ඇති අතර, එවැනි සිදුවීම් 2,494 ක් වාර්තා වී තිබේ. මෙය එක් පරිශීලකයකුට තර්ජන හඳුනාගැනීම් ප්‍රමාණය 3.0 ක සිට 11.9ක් දක්වා ඉහළ යෑමකි.
මෙහිදී ව්‍යාජ ප්‍රවර්ධන, මුලාකිරීම් සිදු කරන වෙබ් පිටු, හානිකර දැන්වීම්කරණය, වංචනික සමීක්ෂණ ඇතුළු අනෙකුත් සමාජ ඉංජිනේරු ශිල්පක්‍රම යනාදී රහස්‍ය තොරතුරු, මුරපද (Passwords) හෝ මුදල් ලබාගැනීමට සයිබර් අපරාධකරුවන් භාවිත කරන උපක්‍රමවල වර්ධනය මෙලෙස ජංගම මැල්වෙයා ප්‍රහාර ඉහළ යෑමට හේතුව වී තිබේ.

