සිය වටිනා ගනුදෙනුකාර භවතුන්ට නවතම බැංකුකරණ අත්දැකීමක් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් ලංකා බැංකුවේ බඩල්ගම ශාඛාව විවෘත කිරීම පසුගිය දා සිදු කෙරිණි. දිවයින පුරා පිහිටා ඇති 660 කට අධික ලංකා බැංකු ශාඛා ජාලය හා 2400කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සම්බන්ධ වී ඇති නිසා ගනුදෙනුකරුවන්ට මෙම නව ශාඛාව හරහා රටේ ඕනෑ ම ප්‍රදේශයක් සමග බැංකු ගනුදෙනු සිදු කිරීමේ වරප්‍රසාදය හිමි වේ.
ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ආයෝජන සැලසුම්, නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යාපන ණය, කල්බදු , උකස් සේවා වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන් ම සුවිශේෂී ණය පහසුකම් ද ලංකා බැංකුවේ බඩල්ගම ශාඛාව මගින් ලබා ගත හැකි වීම විශේෂිත ය. එමෙන් ම ගනුදෙනුකරුවන්ටDebit හා Credit කාඞ් පත්, ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් මෙන් ම ප්‍රේෂණ සේවා ද සහිතව මෙම ශාඛාව මගින් අංග සම්පූර්ණ බැංකු සේවාවක් ලබා ගත හැකිය.
ලංකා බැංකුවේ බඩල්ගම ශාඛාව කම්කරු අමාත්‍ය හා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතින් විවෘත කෙරුණු අතර, ඒ වෙනුවෙන් පැවති උත්සවයට දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ එම්. ජේ. විකුම්තිලක, දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් මානෙල් කුමාරි, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා, මහා කළමනාකරු /ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක, වැඩබලන ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ආර්. එම්. එන්. ජීවන්ත, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, ප්‍රධාන අලෙවි නිලධාරි සමීර ලියනගේ, සහකාර මහා කළමනාකරු (අලෙවි) බුද්ධික ප්‍රේමරත්න, සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත උතුර) සුදත් ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, ශාඛා කාර්ය මණ්ඩලය, ගනුදෙනුකාර භවතුන් සහ සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.
එමෙන් ම මෙම නව ලංකා බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සමගාමී ව මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ A සාමාර්ථ 3ක් ලබා ගත් ශිෂ්‍යයන් සංකේතාත්මකව අගයමින්, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඩබ්. පී. නෙත්මි කවීෂා සිසුවියට ත්‍යාග ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර, ලංකා බැංකුවේ 2025 වසරේ වාර්ෂික වාර්තාව ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා වෙත පිරිනැමීම ද එම අවස්ථාවේ දී සිදු කෙරිණි.
මහ ජනතාව වෙත ඩිජිටල් බැංකු සේවාවෙහි නව අත්දැකීම් ලබා දීම සඳහා නිබඳ ව ම වෙහෙසෙන ලංකා බැංකුව ඒ වෙනුවෙන් ම BOC Flex Mobile Banking App, Smart Online Banking, BOC Smart PassBook, E - Commerce සක්‍රීය Debit Card සහ Credit Card, අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් ක්‍රමවේද සහ ගිණුම් විවෘත කිරීම, පෞද්ගලික/නිවාස ණය සඳහා අයැදුම් කිරීම ආදී සේවා මාර්ගගත ව ලබාගැනීමේ හැකියාව වැනි ඩිජිටල් බැංකුකරණ විසඳුම් රැසක් තම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇත. මෙම ඩිජිටල් පහසුකම් නිසා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් දෛනික බැංකු ගනුදෙනු කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

