


මම 2016 සහ 2022 Are you ready for the next black out ? යන හිසින් යුතුව ලිපි දෙකක් පළ කළෙමි. පෙබරවාරි නව වැනිදා දිවයින පුරා විදුලිය කපා හැරෙමින් සිදු වූ ව්‍යසනය පසුබිමේ රිදී රේඛාවක් ඇත්තා සේ, දිවයින පුරා සිදුවන විදුලිය කපා හැරීම් අනාගතයේදී වළක්වාලීමට කැපවෙමින් ලංවිම සූදානමින් පසුවන පරිසරයක් නිර්මාණය වී ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එහෙත්, දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් නොබෝදා සිදු වූ සිද්ධි නිසා නුදුරු අනාගතයේදී ලංවීමට විදුලි බල කපා හැරීම් නියම කිරීමට සිදුවන්නා සේය.
තවදුරටත් 2026 මාර්තු 9 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලංවිම සමාගම් හයකට කඩා වෙන් කිරීම නිසා කලින් ලැබූ අත්දැකීම් නොසලකා හැරේදෝයි බියක් නොනැගෙයිද? එවැනි තත්වයක් යටතේ අනාගතයේ රට පුරා සිදුවිය හැකි විදුලිය කපා හැරීම්, ප්‍රතිව්‍යුහගත කරන ලද අලුත් ක්‍රමය යටතේ, එකට බැඳුණු කාර්යක්ෂම විදුලි බල අංශයක් තහවුරු වනතුරු මුළුමනින් නවතාලිය හැකි නොවන්නේය.
කෙසේ වුවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම නිල වශයෙන් කරන ලද අනතුරු හැඟවීමට, කන්දීමේදී (තත්වයෙන් බාල ගල් අඟුරු භාවිතය හේතු කරගෙන විදුලිය කපා හැරීමේ අවදානමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනතුරු අඟවයි - 2026 මාර්තු 6 අයිලන්ඩ් පුවත්පත) වැළැක්විය නොහැකි තත්වයකට මුහුණදෙමින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීමට අප එකිනෙකා කෙතරම් දුරට සලකා බලා තිබේ දැයි කල්පනා කිරීම විචක්ෂණශීලී වන්නේය.
මා අනතුරු ඇඟවීම කළ 2016 සහ 2022 කාල පරිච්ඡේදය මෙන් නොව, එම තර්ජනයට යම් දුරකට මුහුණ දිය හැකි අවදානම අවම කිරීමට මධ්‍යම ජාලයට ක්‍රම තිබීම නිසා අපි පෙරට වඩා වාසනාවන්ත වන්නෙමු. ප්‍රධාන වශයෙන් දේශීය පාරිභෝගිකයන් සහ මසකට ඒකක තුන්සියයට වඩා පරිභෝජනය කරන උදවියගේ මූල්‍යමය හැකියාව මෙතෙක් වර්ධනය වී නැති බැවින්, අවාසනාවකට එකී ක්‍රම වර්තමානයේ සීමා වී තිබේ. චක්‍රීය බැටරි ආනයන කරන අවස්ථාවේදී බලධාරීන් විසින් සියයට 46 ක ගාස්තුවක් අය කරමින් ප්‍රතිගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කරණ කොටගෙන මූලික වශයෙන් මෙම තත්වය උද්ගත වී තිබේ. මෙම කර්මාන්තයේ නියැලී සිටින අය දරන පිරිවැයෙන් වැඩි කොටසක් වැය වෙන්නේ ඒ සඳහාය.
පරිභෝජනය අඩුවෙන් සිදු කරන අයටත් දැරිය හැකි පිරිවැයක් මෙම බැටරි සඳහා වැය වේ නම් ඔවුන්ටද මෙම කර්තව්‍යය උපකාරී වනු ඇත. පොදු ගාස්තුවලට යටත්වෙන දිවා කාලයේ විදුලි බලය මදිවන කුඩා ව්‍යාපාර සහ කාර්යාලවලින් ද මේවාට යම් ආකර්ෂණයක් ලැබීමට ඉඩ ඇත්තේ, මූල්‍යමය නොගැලපීම් විසඳා ගැනීම වාණිජ වශයෙන් වැදගත් වන ගැටලුවක් බැවිනි.
2028 අප්‍රේල් පළමුවැනිදා පටන්, ලංවිම විසින් ගෘහස්ථ වර්ගය උදෙසා ඉල්ලා තිබෙන විභව පාරිභෝගික ගාස්තුව මත සිදු කර තිබෙන මූල්‍ය ඇගයුම සහ ඇස්තමේන්තුව ඒ පිළිබඳ උනන්දු වන අයකුට දැන් දැක ගත හැකිය.
යෝජනාව පසුබිමේ
තිබෙන මූලධර්ම මොනවාද?
සූර්ය බල සංග්‍රාමය යටතේ, පියසි මත සූර්ය බල පද්ධතිය ඒකාබද්ධ කර ගැනීම සඳහා වූ කිසිම ජාල සම්බන්ධතාවක් සැපයීම මේ වන විට ලංවිම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉල්ලුම උපරිමයට යන හෝරාවලදී, ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ, ආරෝපණය වූ බැටරි වලින්, විදුලි බල ජාලයට මුදාහරින සෑම කිලෝවොට් පැයකටම රුපියල් 45.80 ක් ගෙවන බවට පාරම් බාමින් බොහෝ සෙයින් වෙළෙඳ දැන්වීම් පළ කළ ද, ඒ සියල්ල දැන් ව්‍යාජයක් බවට හැරී තිබේ. එසේ වූයේ එම වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය ද ලැබී තිබියදීය. එකී වැඩපිළිවෙළ යටතේ එකදු කිලෝවොට් පැයක් හෝ ජාලයට එක් කරගත්තේ නැත. රුපියල් 45.80 ක ගාස්තුව පිරිනැමීම ගණනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් සහ පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට එම ගාස්තුව ප්‍රමාණවත් වේද යන්න සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න පැන නැගී තිබේ. කෙසේ වුවද එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවූයේය. එහි අවසාන දිනය වූ 2025 දෙසැම්බර් 31 දැන් ඉකුත්ව තිබේ.
බොහෝ ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ දිවා කාලයේ පරිභෝජනය ඉතාමත් පහත් මට්ටමේ පවතින අතර, වැඩි වශයෙන් පරිභෝජනය සිදුවන්නේ උපරිම පරිභෝජනය සිදුවෙන හෝරාවලදීය. එය දළ වශයෙන් බෙදා දැක්වුවහොත්, 20:60:20 - යන අනුපාතයෙන් දිවා කාලය/ උපරිම පරිභෝජනය සිදුවන කාලය/ උපරිම පරිභෝජනය සිදුවන කාලයෙන් පිටත කාලය යන ගාස්තු කාණ්ඩ වෙත වෙන් වෙමිනි.
වසරේ වළාකුළු වලින් වැසී ගිය තත්වය පවතින කාල පරිච්ඡේදවලදී ද යම් තරමක සූර්ය බල උත්පාදනය සිදුවේ. දෛනික පරිභෝජනය සූර්ය බලයෙන් ආවරණය වන ප්‍රමාණයට වඩා වැඩි බැව් තහවුරු කරගෙන, සවස සහ උපරිම පරිභෝජනය සිදුවන පැය ගණන් ආවරණය කිරීමට අවශ්‍ය අතිරික්ත ප්‍රමාණය සඳහා අවශ්‍ය ඉල්ලුම සපුරාලීමට අදාළ සූර්ය බල පැනලවල ධාරිතාව සහ බැටරිය කුමක්දැයි තීරණය කළ යුතු වේ.
පාරිභෝගිකයා ජාලයට සම්බන්ධ වී පවතින්නේ ස්වයංක්‍රීයව වෙනස් වන ස්විච්චියකිනි. බැටරියේ ආරෝපණ තත්වය මත ප්‍රමාණවත් බව පදනම් කරගෙන එයින් ස්විච්චිය ඉදිරියටත් පසුපසටත් යොමු වේ. එම නිසා වර්ෂාව අඛණ්ඩව පවතින කාල පරිච්ඡේදවලදී ඔවුන්ට ජාලයට නැවත සම්බන්ධ විය හැකිය. එවැනි අවස්ථාවල කපා හැරීමකින් තොරව ඉල්ලුම සඳහා සේවාව සැපයීම සඳහා ජල විදුලි බල උත්පාදනය ලංවිමට ප්‍රමාණවත් වන බව අපට අනුමාන කළ හැකිය. ඒ ආකාරයට පාරිභෝගිකයාට වසර පුරා අඛණ්ඩව විදුලි බලය ලබා දෙන බව සහතික කළ හැකි වේ.
ජාතික ජාලයට ඇති කරන
බලපෑම
මුළුමනින් පාරිභෝගිකයා විසින් බැංකුවල සහයෝගය ඇතිව මුදල් යොදවනු ලබන මෙම වැඩපිළිවෙළේදී ඇතිවිය හැකි විදුලි බල කපා හැරීම්වලින් පාරිභෝගිකයා අවුරා තබන අතරම එයින් ජාතික ජාලයට පහත සඳහන් හිතකර බලපෑම් ද ඇති වේ.
ඔවුන්ගේ යෝජනා ක්‍රමවල මෙහෙයුම් සිදුවනු ලබන්නේ ජාලයෙන් බාහිරව කිසිදු වෙලාවක ජාලයෙන් පිටතට නොයමිනි. එම නිසා නිතරම කනස්සල්ලට පත්වීමට තුඩු දෙමින්, ජාලය තුළ ඇතිවන පමණට වැඩි වෝල්ටීයතාව, අවස්ථාවරභාවය, විචල්‍යතාව ආදියට දායක වීමකින් තොරවය.
මෙම වැඩපිළිවෙළට ප්‍රමාණවත් පාරිභෝගිකයන් සංඛ්‍යාවක් දායක වුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස ජාලයට උපරිම ඉල්ලුම සිදුවන අවස්ථාවල ඇතිවන ඉල්ලුම සෑහෙන ප්‍රමාණයකින් අඩු වේ. ඒ හේතුවෙන් මිලෙන් වැඩි තෙල් භාවිතයෙන් කරන බලශක්තිය උත්පාදනය, ඉවතලීමේ හැකියාව ලැබේ. හොඳින් වර්ෂාව පවතින, හොඳ ජල විදුලි බල උත්පාදනයක් කළ හැකි දිනවල මිලෙන් වැඩි තෙල් භාවිතය ශූන්‍ය බවට පත් කරගෙන, සූර්යය බලශක්ති උත්පාදනය ප්‍රශස්ත අයුරින් සිදුවේ නම්, එම තත්වය වසරේ වියළි කාලගුණය පවතින මාස දක්වාම දීර්ඝ කර ගත හැකිය.
මැදපෙරදිග යුද්ධය සිදුවන වර්තමාන කාලයේ, ශ්‍රී ලංකාවට 2022 අත්විඳි කාලයට සමාන තත්වයකට තෙල් තොග හමාර වූ විට මුහුණ දෙන්නට සිදුවීමට ඉඩ තිබේ. වර්තමානය සඳහා ගෙවන්නට අප සතුව ඩොලර් තිබියදී පවා අපට තෙල් සැපයුම ලබා ගැනීමට නොහැකි වන්නට ඉඩ තිබේ. බොරතෙල් මිල දිනපතා ඉහළ යන, දැනටමත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 ඉහළ ගිය තත්වය තුළ වියදම් දැරීමේ ප්‍රශ්නය ද උද්ගත විය හැකිය. යුද්ධය ඉදිරියට ඇදුනහොත් තෙල් මිල බැරලයකට ඩොලර් එකසිය පනහ දක්වා ඉහළ යා හැකි අවස්ථා බොහෝය. ශ්‍රී ලංකාව මුහුණ දෙන අනික් ගැටලුව නම් මේ වන විටත් ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඩොලරයට රුපියල් 315 පසුකර තිබීමයි.
ලංවිම කෙරෙහි බලපෑම
මෙම වැඩපිළිවෙළට ලංවිම වෙතින් පැහැදිලිව විරෝධතා එල්ලවනුයේ, ඒ නිසා ඔවුන්ගේ දුප්පත් පාරිභෝගිකයන්ට හරස් සහනාධාරයක සහාය ලබා දෙන ඉහළ ගෙවීම් කරන ඔවුන්ගේ පාරිභෝගිකයන් ඉවත් කෙරෙන බව කියමිනි. එහෙත් ලංවිම මූල්‍ය දත්ත සම්බන්ධයෙන් කරන ලද ප්‍රසිද්ධියේ පවතින අධ්‍යයනයකින් පෙනී යන්නේ එය පිළිගත නොහැකි, තහවුරු කළ නොහැකි තර්කයක් බවයි. තෙල් පදනම් කරගත් උත්පාදන භාවිත කිරීම අවශ්‍ය වන්නේ ඉහළ ගෙවීම් කරන පාරිභෝගිකයන්ට සේවා සැලසීම උදෙසා පමණකි.
උපරිම ඉල්ලුම පවතින හෝරාවන්හිදී ඔවුන්ගේ ඉල්ලුම අඩු කළ හැකිනම්, එවැනි උත්පාදනවල අවශ්‍යතාව මුළුමනින් දුරු කර සාමාන්‍යයෙන්ම උත්පාදන පිරිවැය සෑහෙන ගණනකින් අඩු කළ හැකි වේ. අලුත් සාමාන්‍ය උත්පාදන පිරිවැය තවමත් මධ්‍යම මට්ටමේ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ආදායම් ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අඩුවන අතර එය අඩු ආදායම්ලාභීන්ට ලබා දෙන සහයෝගය අඛණ්ඩව පවත්වා ගැනීමටද ප්‍රමාණවත් වෙයි.
අඩුවෙන් ආදායම් ලබා දෙන පාරිභෝගිකයන්ගේ පරිභෝජනය, හෙවත් මසකට ඒකක 60 කට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන් උදෙසා උත්පාදනය කරනු ලබන විදුලි බලය ප්‍රධාන ජල විදුලි බලාගාරවල ඒකකයකට රුපියල් 2.50 කට වඩා අඩුවෙන් පිරිවැය දරමින් ජනනය කරනු ලබන උත්පාදනයට වඩා බෙහෙවින් අඩුය. 2023 අවුරුද්දේ දී ප්‍රධාන ජල විදුලි බලාගාරවලින් ජනනය කරනු ලැබූ වාර්ෂික උත්පාදනය, ගිගා වොට් පැය, (GWh) 5364 කි. එම වසරේ මසකට ඒකක 60 ට අඩුවෙන් පරිභෝජනය කළ පාරිභෝගිකයන් භාවිත කළ විදුලි බල ප්‍රමාණය ගිගා වොට් පැය ( GWh) 1261 ක් පමණකි. (ලංවිම2023 සංඛ්‍යාලේඛන). අඩුවෙන් පරිභෝජනය කරන, ලංවිමට අඩු ආදායම් ලබා දෙන, අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබාදීම සම්බන්ධ සංකල්පය එවැනි මිත්‍යාවකි.
අලුත් ගාස්තු ක්‍රමයේදී පවා, මසකට ඒකක එකසිය අසූවට (180) වඩා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින ගාස්තුව ඒකකයකට රුපියල් 67.27 කි. එහෙත් එවැනි පාරිභෝගිකයන්ගේ ඉල්ලුම සපුරාලීම පිණිස තෙල් පදනම් කරගත් විදුලි බල උත්පාදනයට වැය වෙන පිරිවැය අවම වශයෙන් ඒකකයකට රුපියල් 70 ක් හෝ ඊට වැඩිවනු ඇත. 2022 ජූනි මාසයේ පැවැති පිරිවැය පහත සඳහන් වේ. දැනට වැය වෙන පිරිවැය ඊට වඩා සෑහෙන තරමකින් වැඩිය. (බලාගාර සම්බන්ධ පිරිවැය සටහන බලන්න.)
ඉහළ ආදායම් ලබා දෙන පාරිභෝගිකයන් හැකි තරම් ස්වයං උත්පාදනයට යොමු කර, ජාලය මත වැටෙන බර සැහැල්ලු කරමින්, සාමාන්‍ය පිරිවැය අවම කර ගැනීමට, ලංවිම කෙතරම් උනන්දු විය යුතු ද යන්න එයින් පෙනේ.
අනෙක් අතට මසකට ඒකක තිහකට වඩා පරිභෝජනය කරන පාරිභෝගිකයකු ගෙවිය යුතු අවම ගාස්තුව වනුයේ ඒකකයකට රුපියල් 5.11 කි. ඒ අනුව පවතින යථාර්ථය වන්නේ වඩා දුප්පත් පාරිභෝගිකයන් විසින් ඉහළ ආදායම් ලබා දෙන පාරිභෝගිකයන්ට සහනාධාර සැපයීමයි. (2026 අප්‍රේල් පළමුවැනිදා සිට යෝජිත පාරිභෝගික ගාස්තු සටහන බලන්න.)
විශේෂඥයන්ගේ සංකීර්ණ අදහස් වලින් තොරව මෙම සරල සංඛ්‍යාවලින් යුක්ත, තක්සේරුව සහිත අවංක විග්‍රහය මහජනතාවට ලබා දීමෙන්, පසු ඔවුන් යෝජිත වැඩපිළිවෙළට සහාය දීම සඳහා බලධාරීන් දිරිමත් කරතැයි බලාපොරොත්තු විය හැකිය. විශේෂඥයන්ගේ සංකීර්ණ උපදෙස් සහිත ඔවුන්ගේ ව්‍යාපෘති සහ යෝජනා ක්‍රමවලින් අතීතයේ දී පාරිභෝගිකයන්ට ඉහළ යන පිරිවැය බර පැටවීම පමණක් සිදුවිය.
බැටරි ආනයනයේදී පමණට වැඩි ගාස්තු අය කිරීම ඉවත් කිරීමේ අගය හඳුනාගන්නට තරම් වැටහීමක්, ඔවුනට ඇත්තේ නම් පාරිභෝගිකයන්ගේ යෝජිත මැදිහත්වීමේදී අවශ්‍ය වන සමස්ත ප්‍රාග්ධනය පහත හෙළිය හැකිය. එයින් ඉහත කී මසකට ඒකක300 ට අඩු උත්පාදන සඳහා වැය කළ යුතු ආයෝජන සීමාව පහත හෙළිය හැකිය.
තෙල් ආනයනය සඳහා රටට වැය වෙන විදේශ විනිමය ඉතිරි කිරීම් වැඩි කිරීම, රේගු ගාස්තු බදු වැට්, PAL උදෙසා සහනාධාර දීමෙන් අහිමිවන ආදායමට වඩා වාසිදායකය.
මෑත කාලයේදී මෙගා වොට් පැය 1 ට වැඩි ධාරිතාවක් ඇති බැටරි සඳහා එවැනි සහනයක් ලබා දුන් බව දැනගන්නට ලැබිණි. දීර්ඝකාලීන බලපෑමට සහ, 2030 ට පෙර සියයට 70 ක අවම පුනර්ජනනීය බලශක්ති භාවිත ඉලක්කයකට පැමිණීමට උපකාරී වීම අතින් එය ප්‍රශංසා කටයුතුය. එවැනි සහනාධාර කුඩා පරිමාණ බැටරිවලට ලබාදීමේ වැදගත්කම අවබෝධ කර ගන්නට බලධාරීහු අසමත් වෙති. එසේ කළහොත් එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවට මුළුමනින්ම පාලනය කළ නොහැකි තත්වය තුළ ඇතිවිය හැකි විදුලි බල කපා හැරීම් නවතාලීමට එය උපකාරී වනු ඇත.
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසුව හෝ එම සිහිනුවණ පහළ වේ යැයි බලාපොරොත්තුවෙන්, පෙනෙන මානයේ ඇති වැළැක්විය නොහැකි විදුලි බල කපා හැරීම්වලින් ආරක්ෂා වන්නට, ඒ සඳහා වියදම් දැරිය හැකි පාරිභෝගිකයන් දිරිමත් කිරීමට මම කැමැත්තෙමි. අමාත්‍යාංශය කියා සිටින ආකාරයට එවැනි ව්‍යසනයක් වළක්වා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වන්නේ නම් අවම වශයෙන් තමන්ගේ විදුලි බිල අඩු කරගන්නට හෝ මෙම පාරිභෝගිකයන්ට හැකිවනු ඇත.
වර්තමානයේ සූර්ය බල පැනල සඳහා තවදුරටත් ජාලය වෙත සම්බන්ධතා ලබාදීම ලංවිම ප්‍රතික්ෂේප කරන තත්වය තුළ පාරිභෝගිකයන්ට මාසික විදුලි බිල අඩු කර ගැනීමට වෙනත් විදියක් නොමැත. ප්‍රමාණවත් පාරිභෝගිකයන් සංඛ්‍යාවක් මේ සඳහා මැදිහත් වුවහොත්, එය මහා ජාතික මෙහෙවරක් මෙන්ම මැද හා පහළ ආදායම් ලබන පාරිභෝගික කණ්ඩායම්වලටද එය උපකාරයක් වී, පහත පෙන්වා දෙන ආකාරයෙන් විදුලි බල කපා හැරීම් නොකිරීමට, එයින් ලංවිම හට හැකියාව ලබා දෙනු ඇත.
වර්තමානයේ උපරිම ඉල්ලුම සිදුවන මුදුන් පැයවලදී, අවශ්‍ය වන මෙගා වොට් ගණන 2949 කි. ශ්‍රී ලංකා පාරිභෝගික උපයෝගීතා කොමිසම ගණන් බලා තිබෙන විදුලි බල කපා හැරීම් සීමා, අප්‍රේල් මාසයේ මෙගා වොට් 3000, ජූනි මෙගා වොට් 3070, ජූලි මෙගා වොට් 3000 කි. උපරිම ඉල්ලුම සිදුවන හෝරාවලදී ජාලයෙන් කිලෝ වොට් 5 බැගින් ඉල්ලුම් කරන පාරිභෝගිකයන් 25000 ක් පමණ ඉවත් වෙතැයි අපේක්ෂා කෙරේ. දැනට බලාපොරොත්තු වන ආකාරයට ලක්විජය බලාගාරය නිසි ලෙස උත්පාදනය නොකළහොත් අඩුවන මුළු ප්‍රමාණය මෙගා වොට් 125 කි. මෙය විසඳුමක් නැති ගැටලුවකි.
විදුලි බල කපා හැරීම මඟහරවා ගැනීමට මෙම වැඩපිළිවෙළට සම්බන්ධවෙන වැඩි ජනතාවකට උපකාරී වන ආකාරයට, දැවැන්ත ලාබ ලබන බැංකු සහනදායී ණය ලබාදීම පිළිබඳ සලකා බලතැයි යන්න ගැන පමණක් අපට බලාපොරොත්තු තැබිය හැකිය. වර්තමාන යුද වාතාවරණය යටතේ, සියලුම ශ්‍රී ලාංකිකයන්ට, මුහුණ පෑමට සිදුවෙතැයි බලාපොරොත්තු වන අනෙකුත් අසීරුතා අතර මහා ඛේදවාචකයක් වන මෙය මඟහරවා ගැනීමට ප්‍රමාදයකින් තොරව බැංකු කටයුතු කරන්නේ නම් මැනවි.

