මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව ජනාධිපතිට පිළිගන්වයි


මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත කොළඹ 01, ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා නිල වශයෙන් පිළිගන්වන ලදී.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර, මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද සහභාගී වූහ.