

තිරසාර ආදායම් වර්ධනයකට, විශිෂ්ට සංචාරක ක්‍රමෝපායක්:-
සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම අතින් ශ්‍රී ලංකාව සන්ධි ස්ථානයකට පැමිණ සිටී. පැමිණෙන සංචාරක සංඛ්‍යාව කෙමෙන් ඉහළයාමත් සමග අපි මූලික තෝරාගැනීමක් අභිමුවේ සිටිමු. ගුණාත්මක බව පරයා ප්‍රමාණාත්මක බවට ප්‍රමුඛතාව දෙමින් සංඛ්‍යාව, පදනම් කරගත් සංචාරක කර්මාන්තයක් හඹා යන්නේ ද නැතහොත් අපගේ ස්වාභාවික හා සංස්කෘතික, දායාද ආරක්ෂා කර ගනිමින් එක් අමුත්තකුට උපරිම ආදායම ලැබෙන විශිෂ්ට වූ සංචාරක මාදිලියක් ක්‍රියාත්මක කරමුද යන දෙකෙන් එකක් අප තෝරාගත යුතුය.
ඊට අදාළ ගණන් හිලව් පැහැදිලිය. අපට ඉහළ වියදම් දරන සංචාරකයන් පන්සියයක්, මෙරටට ඇදගැනීම, අඩු වියදම් දරන සංචාරකයන් පන්දහසක් මෙරටට ඇද ගැනීමට වඩා වඩාත් ලාබදායී වේ.
ශ්‍රී ලංකාව විශිෂ්ට සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය කිරීමට, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, භූතානය සහ මාලදිවයිනේ සාර්ථක මාදිලිවලින් ආභාෂය ලබා ගොණු කරන ව්‍යාපාරික තොරතුරු සමූහයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
ව්‍යාපාරික තොරතුරු: සංඛ්‍යාව පරදා ගුණාත්මක බව:-
වර්තමානයේ ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ලබන ආදායම, අපගේ විභව ආදායමට වඩා බෙහෙවින් පහළ පවතින්නකි. සාධාරණ ක්‍රය ශක්තියකින් (වැය දැරිය හැකි) හෙබි සංචාරකයන් අප ආකර්ෂණය කරගන්නා අතර අපගේ යටිතල පහසුකම්, ස්ථාන ගත කිරීම්, සහ අලෙවි උපාය මාර්ග එක් එක් අමුත්තා වෙතින් උපරිම වටිනාකම ග්‍රහණය කර ගැනීමට අසමත් වී තිබේ.
එම ගණන් හිලව් බැලීම් සරලය. සංචාරක ආදායම දෙගුණ කිරීමට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දෙගුණ කිරීම අවශ්‍ය නොවන්නේය. ඒ වෙනුවට අප ආකර්ෂණය කර ගත යුත්තේ දිනකට දෙතුන් ගුණයක් වියදම් කරන වැඩි කාලයක් මෙහි ගත කරන අමුත්තන්ය. අගයෙන් වැඩි සංචාරකයන් ආහාර සහ ඉඳුම් හිටුම්වලට පමණක් වැඩි වියදම් දරන්නෝ නොවෙති. ඔවුහු සුවතා සේවා, සංස්කෘතික ක්‍රියාකාරකම්, අධි වියදම් සහගත සාප්පු සවාරි අත් විඳින්නෝද වෙති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, මොඩලය : වාර්ෂිකව ඩොලර් බිලියන 70 ක සංචාරක ආදායම :-
ශ්‍රී ලංකාවට සුදුසු වඩාත් ආදර්ශවත් මොඩලය අපට සපයන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙනි.ස්වාභාවික ආකර්ෂණය පවතින්නේ ශ්‍රී ලංකාවට වඩා අල්ප සංඛ්‍යාවක් වුවද,එක්සත් අරාබි එමිර් රාජ්‍යය 2025 වසරේදී ඩොලර් බිලියන 70ක සංචාරක ආදායමක් ලැබුවේ, අමුත්තන් මිලියන 20 ක ගෙනි. එහිදී එක් අමුත්තකුගෙන් ලැබූ සාමාන්‍ය ආදායම ඩොලර් 3500 කි.
සාර්ථකත්වයට හේතු වූ මූලික සාධක :-
ක්‍රමෝපායික විදේශ ආයෝජන පාලනය:-
එක්සත් අරාබි එමිර් රාජ්‍යයට දේශීය හවුල්කාරීත්වය සහ එමීර් වරයකුගේ කොටස් හිමිකාරිත්වය බොහෝ අංශ සම්බන්ධයෙන් අවශ්‍ය වේ. මෙයින් ලැබෙන ලාබ රට තුළම පැවතීම සහතික කෙරෙන අතර, ව්‍යාපාරික අවස්ථා හා ආදායම් ව්‍යාප්තිය හරහා සංචාරක ව්‍යාපාරයෙන් උපයන, ධනය ජාතික වශයෙන් ප්‍රයෝජනයට ගැනීම සිදුවේ.
උත්කෘෂ්ඨ යටිතල පහසුකම් සංවර්ධනය;-
දැවැන්ත සංචාරක සංඛ්‍යාවකට ඉඳුම් හිටුම් ඇතුළු මූලික පහසුකම් සපයීමේ ගොඩනැගිලි ඉදිකිරීමට වඩා එක්සත් අරාබි එමීර් මේ රාජ්‍යය සුඛෝපභෝගී හෝටල්, ලෝක මට්ටමේ සාප්පු සංකීර්ණ සහ අධික වියදම් සහගත විශිෂ්ට විනෝද පහසුකම් සැපයීම උදෙසා ආයෝජන සිදු කරනු ලබයි.
ඉහළ වටිනාකම් සහිත කොටස් ඉලක්ක කර ගැනීම:-
එක්සත් අරාබි එමිර් රාජ්‍යය විශේෂයෙන්ම අලෙවිකරණ සිදු කරන්නේ සුඛෝපභෝගී සංචාරකයන්, ව්‍යාපාරික සංචාරකයන් සහ ඉහළ ඒක පුද්ගල වියදම් දරන සංචාරකයන් මිස ඔලොගු කරේ එල්ලාගත් වියදම් පිරිමසින සංචාරකයන් නොවේ.
භූතාන මොඩලය: උපරිම වටිනාකම ලබා ගැනීම සඳහා අවම දෛනික ගාස්තු:-
භූතානය සංචාරකයකුගෙන් දිනකට ඩොලර් සියයක තිරසාර සංවර්ධන ගාස්තුවක් අයකිරීම ක්‍රියාත්මක කරයි. මෙයින් සීමිත සංඛ්‍යාවකින් සෑහෙන තරම් ආදායමක් උත්පාදනය වන අතර,එම ආදායම් රට වැසියන්ටනොමිලේ සෞඛ්‍ය රැකවරණ ලබාදීම සහ නොමිලේ අධ්‍යාපනය ලබාදීම සඳහා මූල්‍ය සම්පාදනයට යොදා ගනී. සංචාරකයන්ට සෙනග තදබදයෙන් තොරව අනගි අත්දැකීම් ලබාදීම ඒ අතරම තහවුරු කෙරේ.
මෙම ක්‍රමෝපාය එකවර විවිධ ව්‍යාපාරික අරමුණු කරා ළඟා වීම සිදුවේ. එක අමුත්තෙකුගෙන් උපරිම ඒක පුද්ගල ආදායම ලැබීම, පාරිසරික බලපෑම අවම කිරීම, සංස්කෘතික සංරක්ෂණය තහවුරු කර ගැනීම සහ සෙනග තදබදයෙන් තොරව ආකර්ෂණය ඔස්සේ සංචාරකයන්ගේ තෘප්තිමත් බව ඉහළ නැංවීම යන අරමුණු ඉටුවේ.
ශ්‍රී ලංකාවේ තරගකාරී වාසි:-
විශිෂ්ට මිල ගණන් පවත්වා ගැනීමට අප විශිෂ්ට අත්දැකීම් බෙදා දිය යුතුය.දැනට උපරිම ලෙස ප්‍රයෝජනයට නොගත් සෑහෙන තරම් තරගකාරී වාසි ශ්‍රී ලංකාව සතුව පවතී.
1) ස්වාභාවික දායාද:-
සීමා සහිත ප්‍රදේශයක් තුළ විවිධ වූ භූමිදර්ශන ශ්‍රී ලංකාව තුළ පවතී. අති රමණීය වෙරළ, කඳුකර ප්‍රදේශ, වර්ෂා වනාන්තර සහ වනජීවින් ඒ තුළ පවතී. කෙසේ වුවද අපගේ වෙරළ පිරිසුදු කම පිළිබඳ සහ සංවිධාන දුර්වලතා පිළිබඳ ගැටලුවලින් යුක්තය. මෙම වෙරළ පිරිසුදු කිරීම සහ නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම උදෙසා සෑහෙන තරම් ආයෝජනය වැය කළ යුතුව තිබේ. මාලදිවයින එක් රැයකට ඩොලර් 500 සිට 2000 දක්වා විශිෂ්ට මිල ගණන් නියම කෙරෙන සුඛෝපභෝගි ගමනාන්ත බවට එහි දූපත් පරිවර්තනය කර තිබේ.අපගේ වෙරළ නිසි ලෙස සංවර්ධනය කළහොත්, මෙම වෙළෙඳපොළේ තරග කළ හැකිය.
2) සංස්කෘතික හා ඓතිහාසික උරුමය:-
පොළොන්නරුව, සීගිරිය හා අනුරාධපුරය වැනි පුරාණ නගර ලෝක මට්ටමේ පුරාවිද්‍යා භූමි ප්‍රදේශයි. වර්තමානයේ අනික් රටවල් හා සංසන්දනය කළ බව බැලූ විට මෙම ස්ථානවල යටිතල පහසුකම් සහ සංවිධානාත්මක අඩුපාඩු බහුලය. බිම් කළමනාකරණය අමුත්තන් සඳහා පහසුකම් සහ වෘත්තීමය තත්වයේ මාර්ගෝපදේශ සේවා හොඳින් සැපයේ නම් ඉහළ ගාස්තු අය කිරීම සාධාරණීකරණය වන අතර ප්‍රවේශවීම් ද වැඩිවේ.
3) සැබෑ ආයුර්වේද ප්‍රතිකාර සහ සුව සේවා ;-
ගෝලීය සුවසේවා සංචාරක ව්‍යාපාරය 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 1.3 ක ආදායමක් කරා ළං වේ යයි ප්‍රක්ෂේපණය කර තිබිණි. ශ්‍රී ලංකාවේ විශ්වාසදායි ආයුර්වේද සම්ප්‍රදායන් මගින් සැපයෙන්නේ අද්විතීය තරග හැකියාවක් සහිත සේවාවකි. ඉන්දියාවේ විශිෂ්ට සුවසේවා නිකේතනවල, එවැනි ප්‍රතිකාර සඳහා දිනකට අය කරන ගාස්තුව ඩොලර් 300 - 500 පමණ වේ. අපට අඩු වියදම් ප්‍රතිකාර පිරි නොනමා එම මිල ගණන් සමග තරග වැදිය හැකිය.
4) වෛද්‍ය පහසුකම් සපයන සංචාරක සේවා:-
ශ්‍රී ලංකාවේ ඉහළ නිපුණතාවෙන් යුතු වෛද්‍යවරුන් සහ වෛද්‍ය විශේෂඥයන් සිටින මුත් නවීන වෛද්‍ය උපකරණ ඇත්තේ අඩුවෙනි. තුර්කියේ වෛද්‍ය පහසුකම් සපයන සංචාරක සේවාවෙන්, අවුරුද්දකට ඩොලර් බිලියන 2.5 පමණ ගුණාත්මක සෞඛ්‍ය රැකවරණ සේවා, සංචාරක ව්‍යාපාරයට එක් කිරීමෙන් උපයනු ලැබේ. ඉහළ තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරණ සඳහා ආයෝජනය කිරීමෙන් තරගකාරී මිලකට විශේෂ ප්‍රතිකාර සැපයීමෙන් ධනවත් රෝගීන් ආකර්ෂණය කර ගනිමින් නිවර්තන ප්‍රදේශවල සැලකිල්ල දිනාගත හැකිය.
උපායමාර්ග ක්‍රියාත්මක කිරීමේ සැලසුම්:-
1අවධිය: යටිතල පහසුකම් සහ ප්‍රමිතිය (අවුරුදු 1-2)
ප්‍රධාන සංචාරක ප්‍රදේශ කඩිනමින් පිරිසුදු කිරීමට හා නඩත්තු කිරීමට ආයෝජන සිදුකිරීම. විරල පුරාවිද්‍යා ප්‍රදේශ සහ සංචාරක නගරවලින් සුපිරි සුදු බව බලපවත්වා ගැනීමත් තහවුරු කිරීම. තරු පහේ සේවා සැපයීමට සත්කාරක කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වැඩසටහන් වැඩි දියුණුකිරීම.ප්‍රධාන ආකර්ෂණීය ප්‍රදේශවල ජාත්‍යන්තර ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා පහසුකම් යාවත්කාලීන කිරීම.
2 වැනි අවධිය: වෙළෙඳපොළ යළි ස්ථානගත කිරීම(අවුරුදු 2-3)
අඩු වියදම් සංචාරකයන්ගේ සිට විශිෂ්ට සංචාරක කොටස් දක්වා අලෙවි කරන අවධානය මාරු කිරීම. සංස්කෘතික අත්දැකීම් සොයා යන සංචාරකයන්, සුපිරි සුදු වෙරළ, සොයා යන සුඛෝපභෝගී සංචාරකයන්, විශ්වාසදායී ආයුර්වේද ක්‍රම, සොයා යන සුවසේවා සංචාරකයන්, සෙනගින් තොර දුෂ්කර කඳු නැගීම්, සර්ෆ් ක්‍රීඩා සොයා යන ත්‍රාස ජනක අත්දැකීම් ලබන සංචාරකයන් ඉලක්ක කර ගත යුතුවේ.
ඔලොගු එල්ලාගෙන යන අඩු වියදම් සංචාරකයන්, වෙරළ සමාජයේ ශාලා සොයන සාද සංචාරකයන්, දීර්ඝ කාලීන ඩිජිටල් එඬේරන්, උදෙසා කරන අලෙවි ප්‍රවර්ධනය නවතාලිය යුතුය. මෙම සංචාරක කොටස් අවම ආදායම් උත්පාදනය ක්‍රන අතර සම්පත් සෑහෙන තරම් පරිභෝජනය කරති.
3 අවධිය ; උත්කෘෂ්ඨ නිෂ්පාදන සංවර්ධනය,
ප්‍රධාන සංචාරක ස්ථානවල සුඛෝපභෝගී, හිඳුම් හිටුම් සංවර්ධනය කිරීම, අති විශේෂ අත්දැකීම් නිර්මාණය පුරාවිද්‍යා සංචාරක භූමි, සුඛෝපභෝගී වනජීවී සෆාරි තවත් ඉහළම මට්ටමේ, ආයුර්වේද නිකේතන) ලෝක මට්ටමේ වෛද්‍යකම් පහසුකම් අන්තර්ජාතික රෝහල් සමූහ සමග හවුල් වී ගොඩනැගීම. සෙනග වැඩිවීම හා පාරිසරික හානි වළක්වාලීමට සෙනග පිවිසෙන සංඛ්‍යාව සීමා කිරීම.
4 අවධිය : (දැනට පවතින); ආයෝජන පාලනය
සංචාරක ව්‍යාපාරවල ශ්‍රී ලාංකිකයන්ගේ බහුතර හිමිකාරිත්වය අවශ්‍ය වේ. දේශීය සේවකයන් බඳවා ගැනීමට ප්‍රමුඛතාවදී හා පුහුණු වැඩසටහන්. දේශීය ප්‍රසම්පාදන අවශ්‍යතා හරහා, ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සංචාරක කර්මාන්තයේ ලාබ ඉපයීම් තහවුරු කළ යුතුවේ. උත්කෘෂ්ට සංචාරක ව්‍යාපාරයක් උදෙසා ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් වෙත දිරිදීමනා සපයන වැඩපිළිවෙළ සකස් කළ යුතුය.
ආදායම් ප්‍රක්ෂේපණය,: ඩොලර් මිලියන අටක් ඉපයීමේ මග :-
වර්තමාන තත්වය තුළ දළ වශයෙන් සංචාරකයන් මිලියන 1.5 ක් දිනකට කරන සාමාන්‍ය වියදම, ඩොලර් 150 කි. ඔවුන් දින 10 ක් මෙරට ගත කළ විට ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් බිලියන 2.25 කි.
විශිෂ්ට සංචාරක ව්‍යාපාර තත්වයක් තුළ සංචාරකයන් මිලියන1.2ක් දිනකට ඩොලර් 400 සාමාන්‍ය වියදමක් දින 12 පුරා කළහොත් වාර්ෂික සාමාන්‍ය ආදායම ඩොලර් බිලියන 5.76 කි.
වෛද්‍ය සංචාරක ආදායම් එකතු කිරීම
වෛද්‍ය සංචාරකයන් ලක්ෂයක් දෙනා, එක් පැමිණීමකට ඩොලර් 5000 බැගින් වියදම් කළොත් එවිට ආදායම ඩොලර් මිලියන 500කි.
සුවසේවා සංචාරක ආදායම එකතු කිරීම
සුවසේවා අරමුණු කරගත් සංචාරකයන් 200000, එක් සංචාරයකට ඩොලර් 1000බැගින් වියදම් කළහොත් එවිට ලැබෙන ආදායම ඩොලර් මිලියන 200කි. ප්‍රක්ෂිප්ත මුළු ආදායම ඩොලර් බිලියන 6.46කි.
අඛණ්ඩ වර්ධනයෙන් හා උත්කෘෂ්ට බව අත් කරගැනීමෙන්, 2030 දී ඩොලර් බිලියන 8 ඉක්මවා යන ආදායමක් කරා සංචාරකයන් විශාල පිරිසක් ආකර්ෂණය කර ගැනීමට වඩා අඩු සංචාරකයන් සංඛ්‍යාවකින් වැඩි ආදායමක් ලැබීමේ ප්‍රවේශය අනුගමනය කිරීමෙන් ළඟා වියහැකිය.
ශ්‍රී ලංකාව තුළ රැඳෙන ආර්ථික වාසි තහවුරු කර ගැනීම:-
රටට ආදායමක් ඉතිරි නොවෙන සංචාරක ආදායමකින් ඵලක් නැත. දේශීය හිමිකම්වලට වාසි ලැබෙන අතරතුර විදේශ ආයෝජන සාදරයෙන් පිළිගත හැකි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආදර්ශයෙන් පෙන්වා දෙයි.
හෝටල් නිවාඩු, නිකේතන, ප්‍රධාන සංචාරක පහසුකම් සැපයීම් වලදී බහුතරක් ශ්‍රී ලාංකික හිමිකම අවශ්‍ය වේ. විදේශීය කළමනාකරණ විශේෂඥයන්ට සහ ආයෝජනවලට අවසර දිය යුතු මුත් පාලනය කිරීමේ කොටස් හිමිකම් ශ්‍රී ලාංකීය හවුල්කරුවන්ට තිබිය යුතුය. සියලු මට්ටමේ කාර්ය මණ්ඩලවලට, අනිවාර්ය පුහුණුව සපයන වැඩසටහන් සමග ශ්‍රී ලාංකික සේවකයන් බඳවා ගත හැකි වන නියාමන ක්‍රියාත්මක කළ යුතු වන්නේය.
දේශීය ප්‍රසම්පාදන අවශ්‍යතා තහවුරු කිරීම:-
හැකි සෑම අවස්ථාවලම හෝටල් වල ආහාර සැපයුම් ශ්‍රී ලාංකීය ව්‍යාපාර මූලාශ්‍රවලින් ලබාගත යුතුය. සංචාරක ව්‍යාපාර වර්ධනය කර ගැනීම පිණිස ශ්‍රී ලංකීය ව්‍යවසායකයන්ට හිතකර මූල්‍ය පහසුකම් සැපයීම අවශ්‍ය වේ. සංචාරක ප්‍රදේශවල යටිතල පහසුකම් වර්ධනය කිරීම උදෙසා මුදල් යෙදවීමට සංචාරක ව්‍යාපාරයෙන් ලත් ආදායම් උපයෝගී කරගත යුතුය. එය දේශීය ප්‍රජාවට වාසියකි.
2030 දැක්ම : විශිෂ්ට ගමනාන්තයක් උපරිම ආදායමක්:-
මෙම උත්කෘෂ්ඨ සංචාරක ව්‍යාපාරය අප ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළහොත් 2030 වසර වන විට,
අඩු මිලටනොව, අති විශිෂ්ට ගුණාත්මක සේවා සපයන ගමනාන්තයක් බවට පත්වීම. සෑම ප්‍රධාන හෝටලයක් සහ නිකේතනයක්ම ශ්‍රී ලාංකිකයන්ට අයත්වීම. වාර්ෂික සංචාරක ආදායම ඩොලර් බිලියන 8 ඉක්මවා යාම, අඩු පාරිසරික සහ අඩු සමාජ පීඩනයකින්, විශාල සංචාරක සංඛ්‍යාවක් කැඳවනවාට වඩා ලැබීම.
ආරුගම්බේ මිරිස්ස සහ තංගල්ල ලෝක මට්ටමේ අති සුඛෝපභෝගී ගමනාන්ත බවට පත්වේ. පුරාවිද්‍යා භූමි, පැමිණෙන පිරිස් සීමාකොට, සංරක්ෂණය තහවුරු කරමින් නිසි පරිදි නඩත්තු කිරීම.
නිවර්තන කලාපයේ ලෝක මට්ටමේ සෞඛ්‍ය රැකවරණ සපයන පිබිදෙන වෛද්‍ය සංචාරක අංශයක් බවට පත්වීම.
සේවකයන්ට හොඳින් ගෙවීම් සිදු කිරීම නිසා සහ ව්‍යාපාරික අවස්ථා පැවතීමෙන් දේශීය ප්‍රජාවට වාසි ලැබීම. තුලිත වූ සංචාරක පැවතුම්වලින් ස්වාභාවික පරිසරය ආරක්ෂා වීම. සංස්කෘතික උරුමය ආරක්ෂා වීම සහ අගය කිරීමට ලක්වීම.
ශ්‍රී ලාංකීය හිමිකාරිත්වය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියේ වෘත්තීය සත්කාරක භාවයෙන් හෙබි සංචාරක ව්‍යාපාරයක් පැවතීම. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් අධ්‍යාපනය යටිතල පහසුකම් සහ, රටවැසියන්ගේ සෞඛ්‍ය රැකවරණය උදෙසා ප්‍රති ආයෝජනය කිරීම.
ආර්ථිකමය තේරීම:
මෙය සංචාරක ව්‍යාපාරය ප්‍රතික්ෂේප කිරීමක් නොවන අතර සංචාරක ආදායම උපරිම කිරීම සහ ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය දායාද සංරක්ෂණය කිරීමකි. මෙහිදී ව්‍යාපාරික කරුණු පැහැදිලිය. උත්කෘෂ්ඨ ස්ථානගත වීමෙන් ඉහළ ප්‍රතිලාභ උත්පාදනය වන අතර, විශාල සංචාරක සෙනගක් කැඳවීමේදී සිදුවන පාරිසරික සහ යටිතල පහසුකම්වල පීඩනය අවම වේ. කුඩා සංචාරක සංඛ්‍යාවකින් උපරිම ලාබ උත්පාදනය වන ආකාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ භූතානයේ ආදර්ශයෙන් පැහැදිලිය.


