ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබා දීමට කටයුතු කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.
වසර පහක උපරිමයකට යටත්ව වසර දෙකේ සිට එම වීසා ලබා දෙන බව ද ඔහු කීවේය.
ඔහු මේ බව කීවේ මුදල් අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.

