ඔඩෙල් - සොෆ්ට්ලොජික් කොටස් ගනුදෙනු අත්හිටුවීම 2027 ජූනි දක්වා කල් දැමේ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඔඩෙල් පීඑල්සී සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහි කොටස් ගනුදෙනු අත්හිටුවීමේ තීරණය 2027 වසරේ ජූනි 30 දක්වා කල් දැමීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමැතිය ලබාදුන් බව පවසයි. 
එම කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවීම 2026 අගෝස්තු 31 වැනිදා සිට සිදුවීමට නියමිතව තිබුණි. එම සමාගම් දෙක සම්බන්ධයෙන් දැනට පවතින ස්වාධීන විගණන වාර්තාවලට අනුව අදාළ සමාගම් දෙකම මාස ගණනාවක සිට කොළඹ කොටස් හුවමාරුවේ Watch list ලැයිස්තුවට ඇතුළත්ව තිබීම මෙලෙස එම කොටස් ගනුදෙනු අත්හිටුවීමට හේතුව වී තිබේ.