Shangri-La වෙතින් ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට ‘Golden Hour’ අත්දැකීම නව මුහුණුවරකින්


ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Shangri-La හෝටල් සමූහය, සිය සන්නාම අනන්‍යතාව විදහා දක්වන ගෝලීය සංකල්පයක් වන “Golden Hour” සන්ධ්‍යා කාලීන අත්දැකීම කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් පරිශ්‍රවලදී හඳුන්වා දී ඇත. මෙයට සමගාමීව, කොළඹ Shangri-La හෝටලයේ සුප්‍රසිද්ධ ඔසනස  Tiki Bar නව මුහුණුවරකින් සහ සුවිශේෂී මෙනුවක් සහිතව යළිත් විවෘත වේ.
සාම්ප්‍රදායික Happy Hour සංකල්පයට නව අරුතක් එක් කරමින් නිර්මාණය කර ඇති මෙම සුවිශේෂි අත්දැකීම Shangri-La හෝටල් සමූහයෙහි ආසියානු උරුමය සහ සන්නාමයේ සංකේතාත්මක ආභාෂය මැනවින් නිරූපණය කරනු ලබයි. කාර්යබහුල ජිවන රටාවෙන් ඔබ්බට ගොස් සන්ධ්‍යා කාලයේ සුන්දරත්වය අත්විඳීමට මෙම සංකල්පය හරහා ඉඩ සැලසේ. වර්තමාන වනවිට කොළඹ නගරයේ ආකර්ෂණීයම ගමනාන්තය බවට පත්ව ඇති Shangri - La Colombo හි නවතම අනන්‍යතාව මෙමගින් නිරූපණය වේ.
කොළඹ Shangri-La හෝටලයේ මෙම සංකල්පය අගනුවර කාර්යබහුල නාගරික පරිසරය සහ සාගර දසුන් මුසුවන පසුබිමක මෙය ක්‍රියාත්මක වේ. හෝටලයේ ප්‍රමුඛතම අලෙවිසැල් වන Capital Bar & Grill  සහ ඔසනස Tiki Bar හරහා අති නවීන සන්ධ්‍යා කාලීන සමාජ අත්දැකීමක් අමුත්තන් වෙත සමීප කරයි.
අක්කර 145ක විහිදුණු ස්වාභාවික සෞන්දර්යය සහ ඉන්දීය සාගරයට මායිම් වූ සන්සුන් පරිසරයක, වඩාත් විවේකී අත්දැකීමක් ලෙස හම්බන්තොට Shangri-La හෝටලයේ මෙම ‘Golden Hour’ සංකල්පය දියත් වේ. ගොල්ෆ් පිටියට ඉහළින් බැස යන හිරු සහ සොබාදහමේ සුන්දරත්වය මෙහිදී ප්‍රමුඛත්වය ගනී.
Shangri-La  හි ගෝලීය Mixology Masters විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ දේශීය රසයන් මුසු කරමින් සුවිශේෂී පාන වර්ග දෙකක් වෙළඳපොළට හඳුන්වා දී ඇත.