|
NDBබැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී |
NDB බැංකුව පසුගිය දිනෙක කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ලැයිස්තුගත කිරීම සඳහා Basel III අනුකූල ස්ථර II (Tier II) GSS + බැඳුම්කර නිකුතුවක් හරහා රුපියල් බිලියන 16.0 ක් සාර්ථකව රැස් කළ බව නිවේදනය කරයි. මෙම නිකුතුව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ තේමා මූලික (thematic bonds) අරමුදල් රැස් කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර එය ඉතා වැදගත් අංශයක් වන තිරසාර මුල්‍යකරණය හරහා වන රටේ ප්‍රගතිය පෙන්නුම් කරයි.
GSS + බැඳුම්කර නිකුතුව 2026 මාර්තු 10 වන දින ආරම්භ වූ අතර එදිනම අති සාර්ථක ලෙස එය අවසන් කළ අතර, පෞද්ගලික සහ ආයතනික ආයෝජකයන්ගෙන් දැඩි ඉල්ලුමක් පෙන්නුම් කළේය. මෙම බැඳුම්කර නිකුතුව හරහා ආයෝජකයන් NDB බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය සහ බැංකුවේ සමස්ත මුල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය නැවත තහවුරු කරනු ලබයි. මෙම GSS + බැඳුම්කර නිකුත් කිරීම හරහා බැංකුවේ ණය ලබාදීමේදී අනුගමනය කරනු ලබන පිළිවෙත්වල අන්තර්ගත ශක්තිමත් පාරිසරික සහ සමාජයීය තත්වය කෙරෙහි ඇති සලකා බැලීම් පිළිබිඹු කරයි. වසර ගණනාවක් මුළුල්ලේ, NDB බැංකුව පාරිසරික හා සමාජයීය වශයෙන් වගකීම් සහගත ව්‍යාපෘති සහ අරමුණු සඳහා මෙම අරමුදල් යොමු කරන බව සහතික කරමින් ශක්තිමත් පාරිසරික සහ සමාජ කළමනාකරණ පද්ධතියක් (ESMS) පවත්වා ගෙන ගොස් තිබේ.
NDB බැංකුවේ මෙම GSS + බැඳුම්කර, පාරිසරික වශයෙන් වගකීම් සහගත, සමාජයීය වශයෙන් බලපෑම් සහිත සහ තිරසාර ආර්ථික සංවර්ධනයට සහාය වෙමින්, සුදුසුකම් ලත් පරිසර හිතකාමී ව්‍යාපෘති, සමාජීය, තිරසාරභාවය සහ තිරසාරභාවයට සම්බන්ධ ව්‍යාපෘති සඳහා මුල්‍ය පහසුකම් ලබාදීමට යොදවනු ඇත.
මෙම සුවිශේෂී බැඳුම්කර නිකුතුව පිළිබඳ අදහස් දක්වමින් NDBබැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. NDB බැංකුවේ තිරසාර ගමන් මග බැංකුවේ ආරම්භය දක්වා දිව යයි. ආරම්භයේදී සංවර්ධන මුල්‍ය ආයතනවලින් අරමුදල් සපයන සංවර්ධන මුල්‍ය ආයතනයක් ලෙස පිහිටුවන ලද, NDB බැංකුවේ පහසුකම් සැපයීමේදී පාරිසරික හා සමාජයීය සලකා බැලීම් දිගු කලක් තිස්සේ ප්‍රධාන අංගයක් වී ඇත.
මෙම බැඳුම්කර නිකුතුව බැංකුවේ තිරසාර මුල්‍ය ගමන් මගේ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර ශ්‍රී ලංකාවේ ජාතික දේශගුණික හා සමාජයීය සංවර්ධන අරමුණු සඳහා සහය වෙමින් එහි ESG (පාරිසරික, තිරසාර සහ පරිපාලන) න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා අපගේ ඇති කැපවීම තහවුරු කරයි. රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන අංශයට බැංකුව ප්‍රධාන දායකත්වයක් ලබා දී ඇති අතර, 2004 සිට රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාවෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයකට අරමුදල් සපයා ඇත. මෙම මුලපිරීම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කිහිපයකට ද දායක වන බව ඔහු තවදුරටත් පැවසීය.
මුල්‍ය පහසුකම් සැපයීමට අමතරව, වඩාත් පාරිසරික හා සමාජයීය වශයෙන් වගකීම් සහගත පිළිවෙත් කරා ගමන් කිරීමේදී ව්‍යාපාරවලට උපදේශන සේවා සහ වෙනත් සහය ලබාදීමෙන් තම සේවාදායකයන් අතර මෙම අරමුදල් මාර්ග ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කිරීමට බැංකුව අදහස් කරයි.
මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව අපගේ ආයෝජකයන්ටත්, විවිධ ක්ෂේත්‍ර හි සහ රටේ සමස්ත අභිවෘද්ධිය සඳහා මෙවැනි නිකුතු සඳහා පහසුකම් සලසන අපගේ නියාමන ආයතනවලටත්, මේ සඳහා සහයෝගය සහ සහයෝගීතාව ලබාදුන් නිකුතුව සඳහා දායක වූ අපගේ සියලුම සේවා සපයන්නන්ටත් ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි’ යනුවෙන් එදිරිසිංහ මහතා සිය අදහස් දැක්වීම අවසන් කළේය.
කොළඹ කොටස් වෙළඳපොළ ඇතුළු අදාළ නියාමන ආයතනවල අනුමැතිය සහිතව මෙම GSS + බැඳුම්කර නිකුත් කිරීම සම්පූර්ණ කරන ලදී. මෙම නිකුතුව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා හරිත මුල්‍ය වර්ගීකරණයේ අදාළ මූලධර්මවලට අනුකූලව නිර්මාණය කරන ලද බැංකුවේ GSS + බැඳුම්කර රාමුව මත පදනම්ව ඇත.
මෙම GSS + බැඳුම්කර නිකුතුව සඳහා ස්වාධීන බාහිර සමාලෝචකයකු (independant external reviewer) ලෙස කටයුතු කරනDeloitte Partners ආයතනය විසින් එම වැඩසටහන ස්වාධීනව සත්‍යාපනය කර ඇත. වැඩසටහනේ දක්වා ඇති පරිදි GSS + බැඳුම්කර නිකුතුව හරහා රැස් කරන ලද අරමුදල් සුදුසුකම් ලත් අංශවලට යෙදවීම සත්‍යා පනය කිරීම සඳහා Deloitte Partners ආයතනය මෙම භූමිකාවේ අඛණ්ඩව කටයුතු කරනු ඇත.
මෙම GSS + බැඳුම්කර නිකුතුවේ එකම කළමනාකරු සහ මුල්‍ය උපදේශකවරයා වූයේ NDB හි සියයට 99.9ක හිමිකාරීත්වයක් සහිත අනුබද්ධිත ආයතනයක් වන NDB Investment Bank Limited ය. නිකුතුවේ භාරකරු මහජන බැංකුව වන අතර, රෙජිස්ට්‍රාර්වරයා SSP Corporate Services (Pvt) Limited වේ. අභ්‍යන්තරව, NSB බැංකුවේ ගනුදෙනු බැංකුකරණ ඒකකය, නීති දෙපාර්තමේන්තුව සහ සමාගම් ලේකම් කාර්යාලය බැංකුකරුවන්, නීතිඥයන් සහ ලේකම්වරුන් ලෙස ක්‍රියාත්මක වූ අතර, GSS + බැඳුම්කර නිකුතුවේ විගණකවරුන් සහ වාර්තාකරණ ගණකාධිකාරීවරුන් ලෙස අර්නස්ට් ඇන්ඩ් යන්ග් ආයතනය කටයුතු කළේය.


