LOLC රක්ෂණ සමාගමට විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී ද්විත්ව ගෞරව සම්මාන


LOLC රක්ෂණ සමාගම්හි විශිෂ්ට කළමනාකරුවන් ලෙස සම්මාන ලද ජයග්‍රාහකයන්

LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම වෙනුවෙන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදය කුමාර මහතා සම්මාන ලබාගනිමින්

 

LOLC ජීවිත රක්ෂණ සමාගම වෙනුවෙන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජයන්ත කාලිංග මහතා සම්මාන ලබාගනිමින්


2025 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී නායකත්ව විශිෂ්ටත්වය වෙනුවෙන් LOLC ජීවිත රක්ෂණ සමාගම සහ LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම ඇගයීමට ලක් වූ අතර, එමගින් ආයතනික කාර්ය සාධනය සහ තිරසාර වර්ධනයට ඉහළ බලපෑමක් කළ හැකි නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි සමාගමෙහි අඛණ්ඩ උත්සාහය හා අවධානය ඇගයීමට ලක්විය.
සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, LOLC ජීවිත රක්ෂණ සමාගම ප්‍රථම වරට විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගමක් ලෙස පිළිගැනීමට ලක් වූ අතර (Company with Great Managers) LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම අඛණ්ඩව දෙවැනි වසරටත් මෙම සම්මානය ලබා ගැනීමට සමත් වෙමින්, සමාගම්හි නායකත්ව සංස්කෘතියේ ශක්තිය සහ අනුකූලතාව පෙන්නුම් කළේය. ශ්‍රී ලංකාව පුරා නායකත්ව භාවිතයන් සහ මානව සංවර්ධනයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන සංවිධාන සහ වෘත්තිකයන් හඳුනාගැනීමට කැප වූ ආයතනයක් වන Colombo Leadership Academy  විසින් මෙම සම්මාන උළෙල පවත්වන ලදී.
ගෞරවනීය ‘‘විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගම”
 සම්මානය LOLC ජීවිත රක්ෂණ සමාගම වෙනුවෙන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජයන්ත කාලිංග මහතා සහ LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම වෙනුවෙන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදය කුමාර මහතා විසින් පිළිගන්නා ලදී. මෙම ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරමින්, LOLC රක්ෂණ සමාගම නියෝජනය කරන කැපී පෙනෙන නායකයන් නව දෙනකු තනි තනිව ඇගයීමට ලක් කරන ලද අතර, එමගින් කාර්ය සාධන විශිෂ්ටත්වය සහ නායකයන් බලගැන්වීම උදෙසා සමාගම්හි කැපවීම මනාව පිළිඹිබු විය.
නායකත්ව මානයන් පහක් ඔස්සේ සිදු කරන ලද පුළුල් ඇගයීමකින් පසුව, LOLC ජීවිත රක්ෂණ සමාගමේ විමල් දිසානායක, ඉසුරු විජේරත්න, යසිනාත් පුෂ්පවදනි සහ LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ අනුරුද්ධ බැද්දේවෙලල ප්‍රතිඵල අරමුණු කරගනිමින් කටයුතු කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය යටතේ ඇගයීමට ලක් කරන ලදී. LOLC  ජීවිත රක්ෂණ සමාගමේ වජිර ලංකානාථ, කීර්ති මුණසිංහ සහ LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ දිනුක තිරිමාන්න, සංවිධානාත්මක දැක්ම පෙළගැස්වීම යටතේ ඇගයීමට ලක් කරන ලදී. වර්ධනය සඳහා අන් අය පුහුණු කිරීම සහ සංවර්ධනය කිරීම වෙනුවෙන් LOLC ජීවිත රක්ෂණ සමාගමේ දිල්රුවන් දසනායක සහ සමාගම පුරා සංකලිතව ඇති විවිධත්වයෙන් යුතු සහ අනාගතයට සූදානම් නායකත්ව හැකියාවන් පිළිබිඹු කරමින්, නායකත්ව අඛණ්ඩතාව සහ සම්පූර්ණත්ව ප්‍රවේශය යටතේ LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ නාලන් පෙරේරා ඇගයීමට ලක් කරන ලදී.
විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගම සඳහා වන සම්මානය, නායකත්ව කුසලතා වර්ධනය කිරීම සඳහා විශ්වසනීය, ව්‍යුහගත සහ තිරසාර ප්‍රවේශ පෙන්නුම් කරන සංවිධාන හඳුනා ගනිමින්, හවුල්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරන අතරම, උපායමාර්ගික ප්‍රතිඵල ලබා දීමට කළමනාකරුවන් බලගැන්වන සංස්කෘතියක් පෝෂණය කරයි. මෙම මුලපිරීම මගින් සමාගම්, පිළිගත් නායකත්ව විශිෂ්ටතා ප්‍රමිතීන්ට අනුව සන්සන්දනය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ පුළුල් ආයතනික පරිසරයට ධනාත්මක ලෙස දායක වන ශක්තිමත් නායකත්ව පද්ධති ^Ecosystem& සංවර්ධනය කිරීමට සහාය වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති කිත්සිරි ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගම සඳහා වන සම්මානය අඛණ්ඩව දෙවන වසරටත් ලබා ගැනීම අප සමාගම තුළ නායකත්ව ශක්තියේ විශිෂ්ටත්වය පිළිබිඹු කරන අතර, මෙම ඇගයීම හරහා, අඛණ්ඩව ප්‍රතිඵල ලබා දෙමින්, නවෝත්පාදන දිරිමත් කරමින්, අපගේ කොටස්කරුවන් වෙත තිරසාර වටිනාකමක් නිර්මාණය කරමින්, අවංකව කටයුතු කරනු ලබන නායකයන් සංවර්ධනය කිරීම කෙරෙහි අපගේ අඛණ්ඩ කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි. අපගේ ආයතනයේ දිගුකාලීන වර්ධන ගමන්මගෙහි ශක්තිමත්භාවය තවදුරටත් පෙන්නුම් කරමින් විශිෂ්ටතා දැක්වූ අපගේ සියලු සම්මානලාභීන්ටද මම මේ මොහොතේ ස්තූතිවන්ත වෙමි.”