CSTI බියුරෝ ජාත්‍යන්තර පුහුණු කිරීමේ ආයතනයේ නව ශාඛාව ඇඹිලිපිටියේ


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


ඊශ්‍රායලය ඇතුළු යුරෝපීය රටවලට යෑමේ අපේක්ෂාවෙන් සිටින මෙරට ශ්‍රමිකයන් සඳහා නිවැරදි වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර වූ ඌරගස්මංහන්දිය යටගල පිහිටි C S T I බියුරෝ ජාත්‍යන්තර පුහුණු කිරීමේ ආයතනයේ නව ශාකාවක් ඉකුත්දා ඇඹිලිපිටිය කාවන්තිස්සපුරදී විවෘත කෙරිණ.
C S T I බියුරෝ ජාත්‍යන්තර පුහුණු කිරීමේ ආයතනයේ විධායක අධ්‍යක්ෂ සභාපති සමන් ප්‍රියන්ත විජේවික්‍රම, සාමාන්‍යාධිකාරී නුවන්ත මෙන්ඩිස් යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් පැවති මේ උත්සවයට කුට්ටිගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන දමින්ද වීරසිංහ, සුනිල් ශාන්ත, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමුව පළාතේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු සජිත් චාමින්ද, සදර්න් මිරකල් විදේශ විදේශ රැකියා ඒජන්සියේ සභාපති තිලක් කුමාර, C S T I බියුරෝ ජාත්‍යන්තර පුහුණු කිරීමේ ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂිකා ජයනී අංජලා, අධ්‍යක්ෂක සිසිර සමන්ත විජේවික්‍රම, ප්‍රධාන ඉංජිනේරු අජිත් නිලංග යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
මේ නව පුහුණු මධ්‍යස්ථානයෙන් ඊශ්‍රායලය ඇතුළු විදෙස් රැකියා සඳහා යාමට අපේක්ෂාවෙන් සිටින කාපෙන්ටර්, මේෂන්, ටයිල් සහ බාබෙන්ඩර්, ඉන්ටර්ලොක් යන වෘත්තීන් සඳහා පුහුණු කිරීම සිදුකෙරෙන බව සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා කීවේය.