BYD ශ්‍රී ලංකාවේ වාහන 10,000ක් බෙදාහැරලා


BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto එක්ව, වාහන 10,000ක් පාරිභෝගිකයන් වෙත ලබාදීමේ සුවිශේෂී සන්ධිස්ථානය තුඩැල්ලේ පිහිටි BYD හි විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.
 දිනකට වාහන 100ක් දක්වා බෙදාහැරීමේ හැකියාව පවතින මෙම මධ්‍යස්ථානය හරහා, ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමයේ ශීඝ්‍ර වර්ධනය මෙන්ම BYD වාහන වෙත පාරිභෝගිකයන්ට වඩාත් සමීප කරවීමට සමාගමේ ඇති කැපවීම මනාව පෙන්නුම් කරයි. John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා ඇතුළු එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ BYD පාරිභෝගිකයෝ මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට එක් වූහ.