
(විමුක්ති එස් රුද්‍රිගු)
ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනය, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව පසුගියදා සාර්ථකව හඳුන්වා දුන්නේය.
ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අංක 47, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ 2 යන ලිපිනයේ පිහිටි ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනයේදී අද(03) පැවැත්විණි.
එයට පීඨ සාමාජිකයෝ, කාර්ය මණ්ඩලය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට සහභාගී වන සිසුන්ද සහභාගී වූහ.
මෙම අවස්ථාවට මැලේසියාවේ විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සභාපති මහාචාර්ය ආචාර්ය ප්‍රේම්කුමාර් රාජගෝපාල් මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර එහිදී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලා දෙකක් හඳුන්වා දුන්නේය.
සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ විශේෂවේදී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ සාමාන්‍ය ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව එහිදී ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනය නිල වශයෙන් ආරම්භ කළේය.















