IMG-LOGO

මරණය

සිලුවටය

මන්ද ඔතන හැංගී උඹ කරන්නේ
අන්ධකාර සළු පොරවා වැනෙන්නේ 
නින්ද නැතුව මම පැදුරේ දපන්නේ 
නින්ද සදාකාලික කොට දියන්නේ 

 

පාන නිවා බිම පැදුරේ නිදන්නේ
මූණ උඹේ එතකොට මට පෙනෙන්නේ
පාන හිනා හඬ හීනෙන් ඇහෙන්නේ 
හීන නොමැති නින්දක් මට දියන්නේ 

 

උපන් දිනයේ සිට නැත අත්හරින්නේ 
හෙමින් හෙමින් පස්සෙන් ලුහු බඳින්නේ 
හොරෙන් තවත් මොකටද ඉඟිකරන්නේ 
වරෙන් නුඹ තමයි මම මේ හොයන්නේ 

 

ගන්න හුස්ම නැත පහළට ඇදෙන්නේ 
පින්න ලෙසට ඇඟ සීතල කරන්නේ
ඉන්න වගේ අත අතපය දඬු ගැහෙන්නේ 
යන්න එලොව මට තනියට වරෙන්නේ 

 

මූද අහස පොළොවේ රැක සිටින්නේ 
භේද නැතුව කොයි කාටත් බෙදෙන්නේ 
ඒද කියා කෙදිනක නැත කියන්නේ
වාද නොකර - ආ කල බිම ළඟින්නේ

 

මහගම සේකර
( ව්‍යංගා කාව්‍ය සංග්‍රහය ඇසුරිනි )



අදහස් (0)

මරණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1556 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site