" මචං රූබෙ........
අන්න ජානකී සමනව බැඳල...! "
- පුවතක්
හා කමක් නෑ එහෙනම් ජානකී
මෙතෙක් කල් රැඳී හිටියාට ස්තුතී
මේ ඝෝර ගරාජ වාසභවනේ
සුවඳ දුන් හැම හඳුන්කූරම
හොඳින් දැල්වී
අන්තිමට අළු තියලමයි නිමුනේ......
ගවුමෙ ගෑවිලා තිබුණනම් මජං
ඒ සිහිවටන හිමි අතීතය මරං
හෙට උදෑසන වෙනත් දෑතක් අරං
ඔයා යනකොට
ඇන්ජින් අඬයි ඔයිල් කඳුළැලි පෙරං...
හාමතේ ඈනුම් පිඹින සයිලාන්සර
පපුවටම පෙම හිරකරපු තද ස්පැනර
ජීවිතේ පල්ලමේ
නිවුටල් කළා මං හද ගියර
නට් පවා ගැලවුණේ ඒකයි
සෙනෙහසේ චැසිබොඩියෙ තුන හතර
ඔය ටින්කරින් හද කවුළු
දුන් රිදුම් වෙල්ඩින් ගිනි පුපුරු
ඔයා වෙන්වුණු විදියමයි
මිහිරාවියේ හරි නපුරු .........
මල්වල ඇතත් පැණි පොකුරු
සමනලියො දාල ගියදෙන්
දකිද්දී කෙළ උනන වහ කදුරු.............
..........................................................
කමක් නෑ එහෙනම් ජානකී
සමන් මල් මත
අතුරුවනු මැන කේතකී
මකුනො ලේ බිව්වාට
මම මදුරුවන්ගෙන්
පළිගන්නෙ නෑ ජානකී............!!!
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
’’ මචං රූබෙ........ අන්න ජානකී සමනව බැඳල...! ’’