රූපජීවා යනු කුමක්ද?
රූපය උපයෝගිකර ජිවත්වන්නා රූපජීවා යනුවෙන් කෞටිල්‍යය විසින් අර්ථශාස්ත්‍රයේදි හදුන්වනු ලබයි. ස්ත්‍රියකගේ ලස්සන (beauty )එක හුදු සමාජ වටිනාකමක් (social value) නොව එය ආර්ථික වටිනාකමක් ( economical value) ලෙස රටක ආර්ථිකය තුළට ග්‍රහණය කරගතයුතු බවත් එය නියාමනය කළයුතු බවටත් මෙවන් දේශපාලිනික අදහසක් ඉදිරිපත් කළ වෙනත් කිසිම පිරිමියකු අතීතය තුළ බටහිර වේවා නැගෙනිර වේවා සතරදිග්භාගයේම මා ලොව දැක නැත. කෞටිල්‍යය දේශපාලන පරිමියකු ලෙස මැකියාවෙල්ලිට (Machiavelli) වඩා කෙළින් කතාකරන බව මාගේ පුද්ගලික අත්දැකිම් තුළින් මම තිරණය කරමි. ගැහැනියකගේ ලස්සන අවුරුදු 8 දී තීරණය කළ හැකි බව කෞටිල්‍යය පවසයි.
හැදෙන ගස දෙපෙත්තෙන් තීරණය කළ හැකිවාක් මෙන් අවරුදු 8 දී ගැහැනියකගේ ලසස්න තිරණය කළ හැකි බවත් එම වයසේදිම ඇය රාජ්‍යය නායකයා ඉදිරිපිට dance කිරිමට යොමුකළ යුතුබවත් කෞටිල්‍යය පවසයි. ගණිකාවක් පුරුදු පුහුණු කිරිම පටන්ගන්නේ එසේය. මෙහිද ලස්සන/ the beauty යනු ප්‍රයෝජ්‍යය වටිනාකමක් බව කෞටිල්‍යය විසින් හදුනාගන්නා ආකාරය අපට නිරික්ෂණයවේ. එක් ගණිකාවකට වසරකට පනාස්දාහක වේතනයක් කෞටිල්‍යය රජයේ වාර්ෂික අයවැයෙන් (budget) අනුමත කරයි. යම් දිනක රූපය වැහැරුනොත් යළි රූපස්වභාවය වර්ධනය කරගැනිම පිණිස රජය විසින් ණය මුදලක් ගණිකාවකට ලබාදිය යුතු බවත් කෞටිල්‍යය සදහන් කරයි. ශරිරය වැහැරි ගණිකාවක් වියපත්වු පසු ඇය හෙදියක (nurse ) කෙනකු ලස රැකියාවකට අනුයුත්ක කළයුතු බවට අර්ථශාස්ත්‍රයේ කියැවේ.
ස්ත්‍රිමාංශය exploitation කිරිමක් බව බැලු බැල්මට ඔබට පෙනීගියත් මෙය ස්ත්‍රිය වෙළෙදාම මුල්වු පිරිමි සමාජය තුළ බඩුවක් බවට පත්කිරිමක් නොවන බව basic literature තුළින් අපට පෙනීයයි. ක්‍රි.පු 3 වැනි සියවසේදි ඉන්දියාව ගෝලීයකරණය ( Globalization) විය. පර්සියාවේ වරායක ඉන්දියානු නැව් 200 ක් නැවතා තිබු බව Pliny සදහන් කරයි. එකල Global GDP එකෙන් 50% වඩා නිෂ්පාදනය වුයේ ඉන්දියාව තුළය. ස්ත්‍රියකගේ ලස්සන economical value එකක් ලෙසින් කෞටිල්‍යය විසින් වාර්ෂික budget එකට අනුගත කළත් ස්ත්‍රිය බඩුවක් ලෙස නොව human being කෙනෙකු ලෙස එම සමාජය තුළ ප්‍රතිෂ්ඨාපනයවී තිබු බව අපට නිරික්ෂණය කළ හැකිය. සේවා ආර්ථිකය තුළින් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වු ගණිකාව සමග පණ්ඩිතයන් දාර්ශනිකයන් මෙන්ම රාජ්‍යය නායකයන්ද දින සති ගණනන් සංවාද පැවත්වු අවස්ථා අපට basic literature තුළ හමුවේ. මිචෙල් ෆුකෝ Michel Foucault ගැන පන්ති කරමින් මහගම සේකරට මහා මානවවාදියකු යැයි කියමින් ඒ අතරම ගැහැනුන්ගේ photo use කර Facebooks පිස්සන් කොටුවේ පාදඩ වැඩ කරනා පාහර පිරිමි ස්ථරයක් එදා ඉන්දියාව තුළ සිටියායැයි අපට නිරික්ෂණය කළ නොහැකිය.
නුතන ඇමෙරිකාවේ ගාමන්ට්/factory කෙල්ලකට හිමි ස්ත්‍රි ශරිරය liberal markets තුළ අලෙවි වු ආකාරය දැන් අපි මදක් විමසා බලමු.
චිත්‍රපටයක් සදහා එළිසබත් ටෙලර්ට (Elizabeth Taylor)ගෙවන මුදලට වඩා දහයෙන් එකක් වැනි සොච්චමක් මැරලින් මොන්රෝට ( Marlin Monroe) ගෙවන්නේ Marilyn Monroe ජාතකවු පවුල් පසුබිම නිසාය. Marilyn Monroe හද්දා ඩොටේ ඉපදුන ගොඩේ ගැනියෙක් විය. 2 වැනි ලෝක යුද සමයේදි අමෙරිකා සොල්දාදාවන් cheer up කිරිමට වඩාත් සුදුසුවන්නේ high class classical නිළියන් නොව සොල්දාදුවන් මෙන්ම හිඟන පවුල් පසුබිම් වලින් ජාතක වු ස්ත්‍රී ශරිර බව CIA එක විසින් අනාවරණය කරගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩ නිමවි ගෙදර යන ඇඟලුම් සේවිකාවන්ගේ ( factory girls) photos ගැසීමට කැමරාවක්දී කම්හල් තුළට යැවු එක් යුද හමුදා සෙබළකු නිසා Marilyn Monroe ගේ ස්ත්‍රි ශරිරය ලොවට නිරාවරණයවේ.
Liberal markets තුළ ජනාධීපති Kennedy ගෙන් පසු ජනාධිපතිගේ චූටි දඟකාර මල්ලියා වු Robert Kennedy ගේ අතට මාරුවුණත් Marilyn Monroe ඉපදුන ගොඩේ ග්‍රමිය පවුල් පසුබිම නිසා ඒ හැම ඇඳක් මතම ඇයට හිමිවුයේ sub human condition එකක්ය. ඉරානයේ Shah රජු Marilyn Monroe දැකගැනිමට ඇමෙරිකාවට පැමිණෙන්නේ ගැහැනියක් නොව exhibit එකක් නරඹන අරමුණින්ය. මේ බව දන්නා Marilyn Monroe තමාව හමුවිමට පැමිණ Shah රජු මුණගැසිම ප්‍රතික්ෂේප කරයි. තමාව මිනිසකු ලෙස පිළිගන්නා ලෙස ඇය කෙතරම් portests කළත් ඇයට සිදුවුයේ ලස්සන නමැති ටොෆි කොලය ඔතාගෙන ජිවත්විමටය. මරණයට පෙර ඇය මෙසේ ලියාතැබුවාය . all I protest for right to wink - මා ඉල්ලන්නේ ඉගිබිගි කිරිමට මා හට ඇති අයිතිය පමණි .
Elizabeth Taylor ට මෙම ඉරණම මෙලෙසම අත්නොවිමත් Marilyn Monroe ට මෙම ඉරණම අත්විමත් පිළිබඳව සංසන්දනය කිරිම ඔබගේ home work පාඩම් වැඩක්වේ. මේ post එක හොරෙන් කියවන ඔබද උදේ ඉදන් රෑවෙනකම් සිරිලංකාවේ කලිසම් අඳින තඩි ගොබ්බයන්ගේ YouTube චැනල් බලමින් කාලය කාදමන කාලකණ්ණියකු වියහැකි නිසා home work පාඩම්වල සාරාංශය මෙසේ සදහන් කරමි. Elizabeth Taylor සිනමාවට අවතිර්ණ වන්නේ Marilyn Monroe වැනි හිඟන තුප්පහි පවුල් පසුබිමකින් නොවේය. ඇය ළමා නිළියක් විය. නමුත් ඇමෙරිකානු ස්ත්‍රි icon එන වන්නේ Elizabeth Taylor නොව Marilyn Monroe ය. Marilyn Monroe යනු ගාමන්ට් එකේ වැඩ නිමවි ගෙදර යමින් සිටි ගැහැනියකගේ ශරිරය ආමිකාරයකු ගැසු photo එකක් නිසා වෙළෙඳ පොළට අවතිර්ණ වු ශරිරයක් විය.
ආමිකාරයකු Marilyn Monroe ව photo ගැසු අකාරයෙන් සිරිලංකාවේ තුංමං හන්දියක සිටගෙන සිටින ග්‍රාමිය ලිපිකරුවකුගේ photo එකක් මහගම සේකර ගැසුවේය. එය අහඹු සිදුවිමක් නොව ස්ත්‍රි ශරිරය photo ගැසීමට වඩා පවතින post colonial ආර්ථිකය තුළ දිග කලිසම ඇදගෙන නන්නත්තාර වු ලිපිකරු ගැමියාව photo ගැසිම සිදුවීම අනිවාර්යක්ම සිදුවිය යුක්තක් විය. 70 කරැල්ල දේශපාලනික පිරිමියකු ලෙසින් යළි විමසා බැලිම මේ post එක කියවන තරුණ ඔබ විසින් සිදුකළ යතුය. නමුත් දැනට මෙහි ඒ සදහා ඉඩක් මට වෙන්කළ නොහැකිය.
70 දශකය වනවිටත් දූපත් ගැහැනිය විසින් දූපත් පිරිමියාව overtake කරනු ඇතැයි දූපත් පිරිමියා බියවි සටියේය. ස්වර්ණා මල්ලවාරච්චි සිරිලංකා දූපතේ ස්ත්‍රි icon එක වන්නේ මෙකි වෙළෙඳපොළ තුළය. ස්වර්ණාව සිනමාව තුළ භාවිත වු අකාරයෙන් සිරිලංකාවේ දූපත් පිරිමියා තුළ පැවති භීතිය මෙන්ම දූපත් පිරිමියාගේ masochist ආශාවන් තේරුම් ගැනිම basic literature ඇති පුද්ගලයකු හට එතරම් අසීරු නොවේ යැයි සිතමි. ස්වර්ණා දිග කලිසමක් ඇදගත් දූපත් පිරිමියාට පොල්ලෙන් ගසයි. මෙකි සිනමාව දූපත් පිරිමියාගේ masochist ආශාව සමග ප්‍රතිබද්ධවේ. අදටත් ස්වර්ණා මාරයි යනුවෙන් දූපතේ පිරිමි ගොබ්බයන් කැගැසිමේ රහස මෙයයි. සිනමාව තුළ ස්වර්ණා සැපින්නකසේ දිග කලිසම ඇදගත් ( සරම නොව other වෙනුවෙන් sacrifice එකක් සිදුකර කලිසම ඇදගත් ) දූපත් පිරිමියා විටින් විට සපාකයි. ස්වර්ණාගේ මෙම සපාකැමට දූපත් පිරිමියා කැමතිවේ. එය ඔහුගේ masochist ආශාවයි.
ස්වර්ණා සිනමාව තුළ නියෝජනය කරන්නේ ගොඩේ තුප්පහි පවුලක ගැහැනියක්ය. ස්වර්ණා කොළඹ කුරුදුවත්තේ ගැහැනියව සිනමාව තුළ නියෝජනය නොකරයි. කලිසම ඇදගත් සිරිලංකාවේ දූපත් පිරිමියාගේ ආශාව තඩි පස්සක් සහිත කොළඹ කුරුදුවත්තේ ගැහැනියකගෙන් බැනුම් අසමින් නින්දා ලබමින් ජිවත්විම සියුම් ආශාව ගමේ ගොඩේ වහුටු ගැනියකගෙන් වධපීඩා විඳිමින් ජිවත්විමය. එය පිරිමි ආශාවන්ගේ එක් ප්‍රභේදයක් වන අතර එය masochist ආශාවක් ලෙස අපි හදුනාගනිමු.
වරක් මම කණ්ඩලම වැව් මත්තේ සිටියෙමි. මෙම සිද්ධිය පිළිබඳව මීට වසර 8 කට පෙර මම Face book පිස්සන් කොටුවට ලියා ඇත්තෙමි. අත්ට්‍රැක්ටරයක් පදවාගෙන ආ ගැහැනියක් වැව් ඉස්මත්තේ තිබු ගොම එකතුකරගෙන අත්ට්‍රැක්ටරය පදවාගෙන යන්නට ගියාය. කණ්ඩලම හෝටලයේ නිවාඩුවක් ගතකිරිමට පැමිණි සිරිලංකාවේ පිරිමින්ට අත්ට්‍රැක්ටරය පදවාගෙන යන ගොඩේ වහුටු ගැහැනිය මාර romantic විය. කණ්ඩලම හෝටලයේ කාමරයක සුදු පිරිපුන් අඟපසඟ ඇති ලස්සන ගැහැනියක් නැවති සිටියාය. ඇය ආහාර ගත්තේද තනිවමය. ඇය පාවහන් රහිතව වැවේ රළපනාව මතින් අසීරුවෙන් ගමන් කරමින් සිටියාය. ඊශ්‍රායල්කාරයකු Yasser Arafat දෙස බලනා කෝණයෙකින් වැව්මත්තේ සිටි පිරිමින් ඇය දෙස බලා සිටිනවා මම දුටුවෙමි. ඔවුන් ඇය දෙස බලා සිටිමින් මොනවාදෝ කසුකුසුගෑ බව මම දුටුමි. ගොම පටවාගෙන ගිය ගොඩේ ගැහැනිය අප කිසිවෙකු දෙස නොබැලු අතර ගොම පටවාගෙන යන්නට ගියාය. නමුත් මේ posh ගැහැනිය වැව් රළපනාව මත්තේ අසීරුවෙන් ගමන් කරමින් අප සමග සිනාසිමට උත්සාහ කළාය. අවසානයේ මා ඇය කරාගොස් කතාකරන තුරු කිසිම පිරිමියකු හෝ ගැහැනියක ඇය සමග සිනාසෙනවා මා දුටුවේ නැත. මා ඉල්ලන්නේ ඉඟිබිඟි කිරිමට මා හට ඇති අයිතිය පමණි - Marilyn Monroe .
ගැහැනුන් පිරිමින් එකතුවන Show Boat නමින් ගුබ්බැයමක් කලකට පෙර Colombo lost city එක තුළ තිබුණි. එකල මා තඩි ගංකබරයකු වු අතර මා සිතාගෙන සිටියේ ලෝකයේ අම්බානක quality ම බියර් එක Carlsberg බවය. karaoke shows වලට sponsor කළේ Carlsberg නිසා මට එසේ සිතුනබව නොදත් මෝඩයෙකු වීමි මම. කුමක් හෝ සිද්ධියක් නිසා මහගම සේකරගේ ප්‍රබුද්ධ පොත ගැන බේබද්දන් අතර කතාවක් එතැන ඇතිවිය. මෙන්න මේකා ඔවා කියවනවා කියා අපේ ඉස්කෝලේ හිටිය අයියා කෙනකු මා පෙන්වීය. මොකක්ද cream එක කියා එකියක් බීමතින් මගෙන් විමසුවාය. කුරුදුවත්තේ ගැහැනුන්ට බණිනනවා කියා මම පිළිතුරු දුනිමි. ඔය කිව්වේ කිව්වොත් කියන්නේ අපබ්‍රංශයක්මයි කියා පිරිස සේකරගේ ප්‍රබුද්ධ පොත ගැන මාගේ නිර්වචනයට විරෝධතාව පළ කළෝය. වසර කිහිපයකට පසුව credit card එක renew කිරිමට බම්බලපිටියේ පුද්ගලික බැංකුවකට යාමට මට සිදුවිය. මගේ අත්සන tally නොවිමේ ප්‍රශ්නයක් නිසා මා manager කරා යෙමු කෙරිණි. manager ගේ පුටුවේ ඉඳගෙන සිටියේ එදා Show Boat එකේ සිටි එකියක්ය. දහවල් කෑමට අපි මුහුදුවෙරළ අයිනේ වු විශාල වීදුරු ජනේල සහිත buffet කෑම කොටුවකට රිංගුවෙමු.
You were all along the way correct malli
My signature ?
No about Mahayana Sekara
කලකට පෙර තිබු වාණිජ්‍යය සමාජය තුළ ස්ත්‍රියගේ "ලස්සන කඳ" වෙළඳපොළ තුළ භාවිත වූ ආකාරය අප දකින්නේ කෞටිල්‍යයගේ අර්ථශාස්ත්‍රය තුළිනි. එකී සමාජය තුළ ස්ත්‍රිය human ලෙස බාරගත්බව මම ඉහත සදහන් කළෙමි. Hermann Hesse ගේ Siddhartha පොත තුළ පවා අප දකින්නේ එම සමාජය තුළ ලස්සන කඳක් හිමි ගණිකාවක් කෙරෙහි තිබු පිරිමි කෝණයයි. එය කණ්ඩලම වැව් ඉස්මත්තේ දිග කලිසම් ඇදගෙන සිටි කුහක සිරිලංකා පිරිමි කෝණයට වඩා වෙනස්වු පිරිමි කෝණයක් විය. එය මහගම සේකර ඉදිමුන තොල් ඇති තඩිස්සිවු ඇස් ඇති කුරුදුවත්තේ ගැහැනිය දෙස බලනා කෝණයට වඩා වෙනස් කෝණයක් විය. කෞටිල්‍යය ගැහැනිය දෙස බැලු පිරිමි කෝණය. එය Marilyn Monroe දෙස Ford company එකේ ලිපිකරුවකු බැලු කෝණයට වඩා වෙනස් කෝණයක් විය.
පිරිමියා ගැහැනිය දෙස බලන කෝණය scale of economy එකට යම් ආකාරයකට සමානුපාති වනබව අප විසින් අවබෝධ කරගත යුතුය. ගැහැනිය දෙස පිරිමියා බලන කෝණය යම් භුදේශපාලනික ප්‍රදේශයක සිදුවන නිෂ්පාදනය ක්‍රියාවලිය සමග සසැදී ඇති බව අප විසින් අවබෝධ කරගත යුතුය. Genghis Khan ගේ රාජ්‍යය නිලධාරියකු ගැහැනිය දෙස බැලු කෝණයට වඩා Alexander රජුගේ නිලධාරියකු ගැහැනිය දෙස බලනා කෝණය වෙනස්ය. සත්‍යවශයෙන්ම Aristotle සිටි ග්‍රීසියට වඩා සමාජ පිළිගැනිමක් වන ලැහැබේ කුඩාරම්වල නිදාගත් Genghis Khan ගේ සමාජයේ සිටි ගැහැනුන් හට හිමිවිය. මාගේ මෙම පුද්ගලික නිරික්ෂණය පිළිබඳ ඔබ වික්ෂිප්ත වියහැකිය. එයට මට කරන්නට දෙයක් නැත. එය ඔබගේ basic literature ගැන ගැටලුවක්ය. Genghis ගේ ගැහැනුන් එම සමාජය තුළ නිෂ්පාදන ක්‍රියාවලියට Aristotle ගේ ග්‍රීක ගැහැනුන්ට වඩා අවතිර්ණවී සිටි බව මම දනිමි.
by the default masochist structure හිමි පිරිමියා අබියස සිරිලංකා දුපත තුළ දැති කැරකවුණු post colonial ආර්ථික මොඩලය නිසා victim කෙනකු බවට පත්වුයේ ගැහැනිය නොව ග්‍රාමිය පිරිමියා බව අප විසින් අවබෝධ කරගත යුතුය. එකි ආර්ථක මොඩලය නිසා victimized වු ග්‍රාමිය පිරිමියාව photo ගසා පෙන්විම නිසා මහගම සේකර සාහිතත්‍යය කරුවකුගේ නිම්වළලු ඉක්මවා අකණිඨා බ්‍රහ්මලෝකයද පසුකර ගොස් සිරිලංකාවේ දුපත් පිරිමින් තුළ පරිසමාප්ත මානවවාදියකු බවට පත්විය.
සේකර ගැහැනිය categorize කිරිමක් සිදුකරයි. එම gradient එකේ අම්මා ඉහළින්ම ඇත.වෛශ්‍යාව මැද තැනක ඇත. කුරුදුවත්තේ ලස්සන ගැහැනිය සිටින්නේ පතුලේමය. මෙහි authentic ගැහැනිය වන්නේ ග්‍රාමිය ගොඩේ වහුටු ගැහැනියයි. එනම් සේකරට අනුව අප කසාද බැඳය යුත්තේ එම ගැහැනියවයි. සිරිලංකාවේ කලිසම් අදින liberal sunglasses මැට්ටන්ට ස්ත්‍රීවාදය පහළ වන්නේ ග්‍රාමිය ගොඩේ වහුටු ගැහැනිය දර්ශනයවිම තුළ පමණි. ( liberal sunglass මැට්ටන් යන political terminology එක මවිසින් 2015 වසරේ සිට භාවිත කර ඇති බව Facebook පිස්සන් කොටුවේ පහළට ගමන් කළවිට ඔබට සොයා ගතහැකිය ) .
මෙයට හේතුවක් ඇත. සිරිලංකාවේ දිග කලිසම් අදින ග්‍රාමිය පිරිමියාට පොලු පහර එල්ල කළ යුත්තේ කුරුදුවත්තේ posh ගැහැනියක් විසින් නොව ග්‍රාමිය වහුටුගැහැනියක් විසින් බව ස්වර්ණා අපට කියාදේ. සරලවම කොළඹ කුරුදුවත්තේ ගැහැනියව අපට touch කළ නොහැකිය. අප masochist නිසා ග්‍රාමිය වහුටු ගැහැනියකගෙන් බැණුම් අසා අප සතුටු විය යුතුය. අපගේ විශ්වයේ කේන්ද්‍රය වන්නේ ග්‍රාමීය වහුටු ගැහැනියයි. මෙය සරලව ඔබට අවබෝධ කරගැනිම පිණිස යළිත් වරක් Naipul ගේ A half a live නවකතාව කියැවිමට මම ඔබට ආරාධනා කරමි.
post colonial structure එක තුළ පිරිමියා ගැහැනිය දෙස බලන කෝණය ඔබට සරලව මෙම නවකතාව තුළින් ග්‍රහණය කරගත හැකිය.
අද අගමැති Harini Amarasuriya. දෙස බලනා දූපත් කුහක පිරිමියාගේ කෝණයේ kernel එක ඇත්තේද මා ඉහත පැහැදිලි කළ ග්‍රාමිය post colonial මඤ්ඤොක්කා අලය තුළමය. සිරිලංකාවේ දිග කලිසම් අඳින ග්‍රාමිය පිරිමියකුට කිසිදා පිරිපුන් අඟ පසඟ සහිත කුරුදුවත්ත් posh ගැහැනිය කෙරෙහි ස්ත්‍රිවාදී ආකල්ප පහළ වන්නේ නැත. එකී පිරිමියාට ස්ත්‍රිවාදී ආකල්ප පහළ වන්නේ වහුටු ග්‍රාමිය ගැහැනියක් කෙරේ පමණය. මෙනිසා සිරිලංකාවේ කුරුදුවත්තේ ගැහැනියකට කිසිදා සිරිලංකාව තුළ " අම්මා " විය නොහැකිය. සේකර සමග දූපත් පිරිමින් 99.9999 % ක්ම ඒකග්‍රාහි වන්නේ මෙම context එක තුළය. ඕනෑම කෙනකුට මාගේ මේ විචාරය ගැන විවෘතව මාහට අභියෝග කළ හැකිය. ඒවාට මුහුණදීම මාගේ යුතුකමක් වේ. මට සේකර සමග කිසිදු ආරාවුලක් නැත. මා මේ කරමින් සිටින්නේ දේශපාලන වැඩක් පමණි.
Kapuge syndrome එක පැහැදිලි කරන්නයි කියා කොල්ලන් කිහිපදෙනකු මාහට inbox එවා තිබුණි. ළඟා විය නොහැකි වස්තුවක් වටේ කැරකවෙමින් ඉන් විඩාවට පත්ව අබලන් කරත්ත රෝදයක් සේ නිකරුණේ ගෙවි ක්ෂයවීයාම Kapuge syndrome එක බව මම ඔබට පවසමි. එනම් තව පැත්තකින් Kapuge syndrome යනු කුරුදුවත්තේ ගැහැනියට වෛර කිරිමක්ය . " අහිංසක දුප්පත් ගැහැනිය " යනු ගැහැනුන්ව categorize කිරිමට ග්‍රාමිය තක්කඩියා යොදාගන්නා gradient එකක් බව අවබෝධ කරගැනිමට අප Michel Foucault ට වඩා ටිකක් ඉදිරියෙන් ගමන් කළ යුතුය. basic literature ඇතිනම් ඔබට Foucault ට වඩා ඉදිරියෙන් ගමන් කළ හැකිය.
දැන් ඉහත මා සදහන් කළ කාරණාත් අතැතිව සේකරට කෞටිල්‍යය මුණගැසුණහොත් කෞටිල්‍යය සේකරට කුමක් පවසනවා ඇතිදැයි ඔබටම උපකල්පනය කළ හැකිය. මෙවැනි විනෝදාත්මක ක්‍රීඩා මා ගමේ ඉන්න කාලේ කනපැළෙන්න බීලා මාගේ රස්තියාදුකාර මිතුරන් සමග මිනීකනත්තේදී සිදුකළ බව මාහට මතකය. අප අතරින් එක්කෙනකු සීගිරි කාශ්‍යප වුයේය. තව එකෙක් Joseph Stalin වුවේය. දෙදනා මුණගැසී කතාකිරිම අපි සුස්ති අදිමින් බලා සිටීමු. අද ඒ කොල්ලන් නැත. පසුගිය ජනවාරියේ මා සිරිලංකාවට ගියවිට මා ඕමානයේ කාන්තාරයක් මැද තනිව සිටිනවා මෙන් මට දැනුණි. සිරිලංකාවේදි මට හමුවුයේ කෑමජාති ගැන දොඩවන බඩජහරි ගැනු ටිකකුත් වාහන import tax ගැන දොඩවන පිරිමි ටිකකුත් පමණි.
Marilyn Monroe ගැන ලියැවුණු පොත් දෙක තුනක්ම ඇත. කිසිවකු වැඩිපුර සඳහන් නොකරන කාරණාවක් මම ඔබට දැන් අනාවරණය කරමි. factory කෙල්ලකු වු Marilyn ගේ පොත්රාක්කයේ James Joyce ගේ Ulysses තිබුබව සදහන්වේ. Marilyn පිරිමි වෙළද සමාජය තුළ human කෙනකු ලෙස ජීවත්විමට ගත්තාවු උත්සාහය මට අවබෝධවුයේ ඇය Joyce ගේ නවකතාව අතේ තියාගෙන කියවන photo එකක් පොතක තිබි මා දුටු විටදීය. Joyce ගේ පොතක් මා මුල්වරට දුටුවේ 90 දශකයේදී කුරුදුවත්තේ ගැහැනියකගේ නිවෙසක් තුළදීය. සිරිලංකාවේ දිග කලිසම් අදින ග්‍රාමිය පාදඩයාට Joyce දුරස්ථය. කුරුදුවත්තේ ගැහැනියට Joyce සමීපය. ඒ බව මම දුටිමි. සිරිලංකාවේ ග්‍රාමීය පාදඩයාට ලස්සන posh ගැහැනිය දුරස්ථය. එකී පිරිමියාට ග්‍රාමිය වහුටු ගැහැනිය සමීපය. " ග්‍රාමීය වහුටු භාවය " තුළ එකී පිරිමියාට ස්ත්‍රිවාදී සිතුවිලි පවා පහළවේ.
මෙහිදි අප අවබෝධ කරගත යුතු දෙයක් ඇත.නාගරික posh ගැහැනියට වඩා ග්‍රාමිය වහුටු ගැහැනිය නමැති දුම්රිය නැරඹුම් මැදිරිය තුළ සිරිලාංකික පිරිමියා ticket එකක් book කරගෙන relax විමට රුචියක් දක්වන්නේ එකී පිරිමියා masochist පිම්පියකු නිසාය. කුරුදුවත්තේ ගැහැනිය අබිසයදි වඩා ග්‍රාමිය වහුටු ගැහැනිය අබියසදි සිරිලාංකික පිරිමියා ලබනා ශාරිරක මානසික පහසුව ආර්ථිකමය තක්කඩි කමක් බව අප විසින් කරුණු විමර්ශනය කර අවබෝධ කරගත යුතුව ඇත.
ඉඟිබිඟි කිරිමට සියලු ගැහැනුන්ට ඇති අයිතිය පිළිගැනිමට සිරිලංකාවේ ගොබ්බ පිරිමියාට අවබෝධ කරගැනීමට අවම වශයෙන් තව අවුරුදු 20 ක් වත් ගතවනු ඇත.
ඉඟිබිගි කරනා තරුනෙතුවලට හොරා
සැඟව සිනාසෙමු අප ලොව හිඳින තුරා
ග්‍රාමිය පාදඩයන් සමග jogging track වල ඇවිදිමින් තමන්ගේ ජීවිත තමන්ටම විහිළුවක් බවට පත්කරගැනිම නොව රදාවානේ සුමෙනෙලා අබියස සැඟවී නොව එළිපිට ඉඟිබිගි කිරිමට සිරිලංකාවේ ගැහැනුන් අද සිටම practice කළ යුතුය.
හැදෙන ගස දෙපෙත්තෙන් තීරණය කළ හැකිවාක් මෙන් අවරුදු 8 දී ගැහැනියකගේ ලසස්න තිරණය කළ හැකි බවත් එම වයසේදිම ඇය රාජ්‍යය නායකයා ඉදිරිපිට dance කිරිමට යොමුකළ යුත
මාලිනීට පෙම් නොකළ පිරිමියෙක් ඒ කාලේ ලංකාවේ හිටියේ නැහැ. පිරිමි දකින්න විඳින්න ආශා කළ’ස්ත්‍රීත්වය’ වෙන කිසිම නිළියකට වඩා තිබුණේ මාලිනී ළඟ යි. ඊට ප්‍රති
’’ පුංචි පැල්පතක් තුළට ඔබ මා සමඟ එනවානම් ඇලන් මම ඔබට මරණය තෙක් ආදරය කරමි. දිවියතුරා අප දෙදෙනාගේ සන්තෝෂයට වෙනකිසිවකු අවශ්‍යය නැහැ ඇලන් ’’ - මේ වර්ෂ 1
මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක් හා නිර්මාණ කාර්යශූරභාවයක් ප්‍රකට කළ විද්වතෙකි.
ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) හම්බන්තොට ගම්දනව් තුළ කැරකෙද්දි ගුණදාස අමරසේකර ගාල්ලේ ඒ වනවිට උපතලබා නැත. එනමුත් ඒ අවුරැදු 20 තුළ එකල කිසිදු වෙනසක් සිදුවුයේ නැ
මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහගම සේකරට කෞටිල්‍ය මුණගැසීම