IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ප්‍රේක්ෂක ආදරේට මම හරිම ආදරෙයි - MIONA DeSilva


පුංචි තිරයට අලුතින් එකතුවුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්න හිතුවා.

සඳැල්ල කවරයද හැඩ කරමින් අප හා එක්වූ ඇය නමින් මියෝනා ද සිල්වා  

  • මියෝනා ගැන මේ දිනවල කතාබහට ලක්වෙන ටෙලි නිර්මාණය හිරිපොද වැස්ස ගැන මුලින්ම කතා කරමුද? 

ඇත්තටම මං හිතුවෙවත් නැති බලාපොරොත්තු නොවුණු විදියට හිරිපොද වැස්ස ටෙලි නිර්මාණයේ මං රංගනයෙන් දායක වන ආත්මි චරිතයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මුලින්ම ඒ ගැන සඳහන් කරන්න ඕනෑ. හරිම සතුටින් තමයි මම ඒ රංගනය කරගෙන යන්නෙ.

  • මේ මියෝනාගේ පළමු ටෙලි රංගනයද?

නැහැ, මේ මම සම්බන්ධ වුණු දෙවන ටෙලි නිර්මාණය. නමුත් හිරිපොද වැස්ස තමයි මුලින්ම විකාශය සිද්ධවුණේ.

  • කොහොමද මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ?

මේ නිර්මාණයට මම සම්බන්ධ වෙන්නෙ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහත්මයා හරහා. ඒකට හේතුව මම පසුගිය වසරෙ චන්දිමාල් ජයසිංහගෙ CJ අවුරුදු කුමරිය තරගයෙන් ජයග්‍රහණය  ලබාගත්තා. එතැනින් පසුව තමයි හිරිපොද වැස්ස නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ඔහුගේ නිර්මාණයට මාව සම්බන්ධ කරන්න චන්දිමාල් ජයසිංහට කතා කරලා තියෙන්නෙ. 

ඉතින් මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න මුලින් ආරාධනා කරන්නෙ චන්දිමාල් ජයසිංහ මහත්මයා. ඔහු තමයි කියන්නෙ මේ ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂවරයාගේ වැඩක් කියන දේ. ඇත්තටම මම ඒ  අධ්‍යක්ෂවරයාගේ ‘‘ගිරිදේවි’’  නාට්‍ය මුල සිටම නරඹපු කෙනෙක්. ඒ හරිම රසවත් නිර්මාණයක්. ඒ නිසාම දෙවරක් හිතන්නෙ නැතිව තමයි මම ඔහුගේ මේ  නිර්මාණයට සම්බන්ධ වුණේ. ඇත්තටම මම රංගනයට විශේෂ කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. නමුත් ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් නිසා මේ රංගනයට දායකවීමට ප්‍රධානම හේතුව වුණේ. 

  • මේ චරිතය ගැන මියෝනාට මොකද හිතෙන්නෙ?

මේ රංගනය තුළ තියෙන්නේ අක්කා කෙනෙක් මල්ලි කෙනෙක්ට ආදරය කරන සිදුවීමක්. ඉතින් අද වෙද්දි මේ රංගනයට  ගොඩක් දෙනෙක් කැමතියි සහ ඒ රංගනයට  ආදරේ කරන වෙනම රසික පිරිසක් ඉන්නවා කියන්න පුළුවන් ලැබෙන ප්‍රතිචාරවලින්.  

  •  අක්කා - මල්ලි ආදර කතා අද සමාජයේ දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා.  මියෝනාට ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තම කියනවනම් ඒ සංකල්පයට මුලින් මම හරිම විරුද්ධයි. නමුත් මේ චරිත රංගනයත් එක්ක  ඒ දේට විරුද්ධ  වෙන්න කිසිම අයිතියක් නැහැ  කියලා මට හිතුණා. 

මොකද ඒක තමන්ගේ කැමැත්තනෙ. ඉතින් දැන් අක්කා-මල්ලි සම්බන්ධතාවක් දැක්කොත් මම ඒ දේට විරුද්ධ නැහැ.

  • මියෝනාට එහෙම අත්දැකීම් නැද්ද? 

අනේ නැහැ. ඒත් මේ චරිත රංගනයත් එක්ක මට මල්ලිලාගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් නම් මේ වෙද්දි ලැබෙනවා. හරි ලස්සන මල්ලිලා ටිකක් මට සමාජ මාධ්‍යයේ හොඳ ප්‍රතිචාර ලබාදෙනවා. ඒ ආදරේට මමත් හරිම ආදරෙයි. 

  • ටික් ටොක් මාධ්‍ය තුළත් මියෝනා ගොඩක් ජනප්‍රියයි නේද?

සමාජ මාධ්‍ය ගත්තම මම 2017වසරේ තමයි වික්ටොක්වලට සම්බන්ධ වුණේ. කොහොමත් මම කලා ක්ෂේත්‍රයට  අලුත් නැහැ. නිරූපණ අංශයේ නියැළිලා හිටියා. ඒ තුළිනුත් මාව හඳුනගෙන හිටියා යම් පිරිසක්. ඒ වගේම මම CJ අවුරුදු කුමරිය තරගාවලියට පෙර වෙනුර කවිඳුගෙ ලුන්ගි ක්වීන් තරගාවලියෙනුත් ජයග්‍රහණය කළා.  ඒ  තුළිනුත් මට රසික පිරිසක් එකතු වුණා.  ඒ විඩියෝ බොහෝ දෙනෙක් නරඹලා තිබුණා. ඒ හැමදේමත් එක්ක මෑතකදී රංගනයට සම්බන්ධවීමත් එක්ක තමයි ගොඩක්ම ප්‍රතිචාර ලබාගන්න හැකිවුණේ. 

  • මියෝනා පාසල් කාලෙත් රංගනයට සම්බන්ධවෙලා හිටියද?

ඔව්, මම පුංචි කාලෙ ඉඳන්ම කලාවට දක්ෂතා තිබුණා. ඒ තුළින් ජයග්‍රහණ ලබාගෙනත් තියෙනවා. මම පාසල් ගියේ මහනුවර නාලන්දා බෞද්ධ විද්‍යාලයට. පාසලේත් වේදිකා නාට්‍ය එහෙම  කළා.   ඒ වගේම හැම වසරකම අස්ගිරිය පන්සලේ සිංහල කලා සාහිත්‍ය උත්සවයෙ මගේ රංගනයක් හෝ නර්ථනයක් අනිවාර් යෙන්ම තිබුණා. ඒ විදියට ඉතින් කලාව එක්ක ඒ කාලෙත් එකතුවෙලා හිටියා.

  • මේ ලබාගෙන තියෙන ප්‍රේක්ෂක ආදරය ජනප්‍රියත්වය එක්ක කලාව තුළ වෘත්තීය වශයෙන් රැඳෙන්නද  බලාපොරොත්තුව?

තවම මට අවුරුදු 21යි. ඒ වයස ඇතුළත මේ ආපු ගමන ගැන සතුටුයි. කලාව තුළ ඉදිරියටත් ලස්සන ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. නමුත් මම තවම ඉගෙන ගන්නවා. ඒත් එක්ක මගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ඒ සියලු දේ සමබර කරගෙන කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න තමයි අරමුණ තියෙන්නෙ.

  • මේ සියලු දේට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, නංගියි. ඒ ගොල්ලො හරිම සතුටුයි මගේ රංගන හැකියාව සම්බන්ධයෙන්. ඉතින් ඒ හැමෝම මට මේ ගමනට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා.


  ධනු විජේරත්න

  රුෂිරු කොළඹතන්ත්‍රිගේ


 

 



අදහස් (0)

ප්‍රේක්ෂක ආදරේට මම හරිම ආදරෙයි - MIONA DeSilva

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 250 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 236 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site