IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ජයග්‍රාහී මාවතේ ඉදිරියටම


ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු දල්වාගෙන සිටින ශ්‍රී ලංකාව සහ සත්කාර දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පසුගිය බදාදා (27 වැනිදා) ඩර්බන් නුවර කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේදී ඇරඹුණි. 

පළමු දිනයේ 21 වැනි ඕවරයේදී වර්ෂාව ඇදහැළීමෙන් තරගය එතැනින් අත්හිටුවීමට සිදුවූ අතර ඒ වන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව ඕවර 20.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් රැස්කර සිටියේය. 

නායක ටෙම්බා බවුමා (නොදැවී 28) සහ කයිල් වරීන් (නොදැවී 9) පන්දුවට පහර දෙමින් සිටියහ. 

සත්කාර දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් දෙකම ඔවුන්ගේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් වන කේෂව් මහාරාජ් සහ ප්‍රභාත් ජයසූරිය යන දෙපළ සමඟින් වේග පන්දුවට ප්‍රමුඛත්වය දෙමින් තරගයට පිවිස සිටියහ. 

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ප්‍රබලතම දඟ පන්දු යවන්නා වන කේෂව් මහාරාජ්ගේ ගම්පළාත වන ඩර්බන්හි කිංග්ස්මේඩ් පිටියේ ඔහුට වාසිදායක වන තණතීරුවක් සකස් කර වමතින් දඟ පන්දු යවන සෙනුරන් මුතුසාමි ද කැඳවා ශ්‍රී ලංකාව අමාරුවේ දැමීමට සැලසුම් සකස්කර තිබුණි. 

ශ්‍රී ලංකාව සතුව ද ප්‍රභාත් ජයසූරිය සහ නිශාන් පීරිස් දඟ පන්දු යවන්නන් ලෙස සිටීම නිසා දඟ පන්දුයවන්නන් අතහැර සුපුරුදු වේග පන්දු යවන්නන්ට අවස්ථාව දීමට දකුණු අප්‍රිකාව පියවර ගෙන තිබුණි. මහාරාජ් සහ මුතුසාමි වෙනුවෙන් දඟ කැවෙන තණතීරු සකස් කළ හොත් ප්‍රභාත් සහ නිශාන් ප්‍රයෝජනය ලනු ඇතැයි සත්කාරක දකුණු අප්‍රිකාව තුළ බියක් හටගන්නට ඇතැයි අනුමාන කළ හැකි වෙනවා. 

මෙය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලියක් වුවද ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද ඒ පිළිබඳව ඇස ගසාගෙන සිටියි. 

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයේ ස්ථාන දෙක වෙන්කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව,  ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඕස්ට්‍රේලියාවේදී වැඩට බැස තිබේ. 

ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමිකරගැනීමට ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තියුණු සටනක් නිර්මාණ්‍ වී තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ ටෙස්ට් තරග 6 ක් ජයගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග තුනම ජය ලැබීම ද කැපී පෙනේ. දකුණු අප්‍රිකානු පිල ද අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග තුනම ජය ලැබීමෙන් පසුවය. 

බංග්ලාදේශ සංචාරයේදී විවේක ගෙන සිටි නායක ටෙම්බා බවුමා, ශ්‍රී ලංකාවට එරෙහිව මෙම තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්ව සිටීම සටන තවත් සටන්කාමී වී තිබේ. 

ශ්‍රී ලංකා තරුණ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙම වසරේ ටෙස්ට් තරග 7 කදී ලකුණු 943 ක් රැස්කරමින් මෙම වර්ෂය තුළ ලකුණු 1000 කඩඉම පසුකිරීමේ බලාපොරොත්තුවෙන් සිටීම ද දකුණු අප්‍රිකාවට තර්ජනයක් බවට පත්ව තිබේ. 

ප්‍රභාත් ජයසූරිය මෙම තරගයේදී කඩුලු 3 ක් දවාගතහොත් ටෙස්ට් තරග 17 කින් කඩුලු 100 ක් දවාගත් පන්දු යවන්නන් පස්දෙනාගේ සමාජජයට එක්වීමේ අවස්ථාව ඔහුට හිමිවේ. 

මෙම සටහන තබන මොහොත වන විට ටෙස්ට් තරගයේ සම්පූර්ණ දින හතරක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබූ අතර එම දින හතර තුළ ඕනෑම පෙරළියක් විමේ ඉඩකඩ තිබුණි. 

විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර යන ශ්‍රී ලංකා පිලේ ප්‍රධානම වේග පන්දු යවන්නන්ට අමතරව පළමු දිනයේදී ඇන්ජලෝ මැතිව්ස් ද ඕවර දෙකක්  යැවීම කැපී පෙනුණි.  

ලෝක ටෙස්ට් තරගාවලියේ තරගවලට මෙන්ම පසුගිය සතියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙත ද ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ අවධානය යෛාමුවී තිබුණි. 

සෞදි අරාබියේ ජේඩා නුවරදී පැවැති අතර එම වෙන්දේසියට ඉදිරිපත්ව සිටි ක්‍රීඩකයන් 574 න් 182 ක් තරගාවලියට සහභාගි වීමේ වරම් ලැබූහ. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයෝ 120 ක් සහ විදෙස් ක්‍රීඩකයෝ 62 ක් ද ඇතුළත් වූහ. 

මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දින වූ පසුගිය 25 වැනිදා ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ට සමාන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.6 ක් හෙවත් රුපියල් කෝටි පහමාරකට අධික මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල මිලදී ගැනීම කැපී පෙනුණි. 

ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක ලන්සුවකට වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ නුවන් තුෂාර, බැංගලෝර් හිමිකරුවන් සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් සමඟ පැවැති තියුණු තරගයකින් පසුව දිනාගත්තේය. 

වෙන්දේසියට ඉදිරිපත් කළ කමිඳු මෙන්ඩිස් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ද, දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ද මූලික ලන්සුව වූ ඉන්දීය රුපියල් ලක්‍ෂ 75 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි පනස්නව ලක්ෂයකට ආසන්න මිලට අලෙවි වූහ. පැතුම් නිස්සංක සහ විජයකාන්ත් වියස්කාන්ත් වෙන්දේසියට ඉදිරිපත් කළ ද කිසිඳු කණ්ඩායමක් ලංසු නොතැබීම කැපී පෙනුණි. 

වෙන්දේසියට ඉදිරිපත් නොකර සෑම කණ්ඩායමකටම ඔවුන්ගේ ක්‍රීඩකයන් 6 ක් තවදුරටත් කණ්ඩායම් තුළම රඳවාගැනීමට සඳහා අවස්ථාව ලබාදී තිබිණි. එලෙස ක්‍රීඩකයන් 46 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් නොකර රඳවාගැනීමට කණ්ඩායම් 10 හි හිමිකරුවෝ පියවර ගත්හ. 

රඳවාගත් ක්‍රීඩකයන් 46 දෙනා සහ වෙන්දේසියේදී අලෙවි වූ ක්‍රීඩකයන් 182 සමග මෙවර තරගාවලියට ක්‍රීඩකයන් 228 ක් සහභාගි වීමට නියමිතය. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 7 ක් ඇතුළත්ව සිටිති. මතීෂ පතිරණ හැර සෙසු ක්‍රීඩකයන් 6 දෙනා වෙන්දේසියේදී මිලකර ලබාගත් ක්‍රීඩකයෝ වෙති.   

ඉන්දීය රුපියල් කෝටි 13 ක මිලක් නියම කරමින් වෙන්දේසියට ඉදිරිපත් නොකර මතීෂ පතිරණ තවදුරටත් කණ්ඩායම තුළ රඳවාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෝ පියවර ගත්හ. 

වනිඳු හසරංග වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්විය. වනිඳු එහිදී ඉන්දීය රුපියල් කෝටි 5.25 කට ද, මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.4 කට ද රාජස්ථාන රෝයල් පිල මිලදී ගත්තේය.  මෙතෙක් ජාත්‍යන්තර තරගයකට සහභාගි වී නොමැති ඒෂාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.2 කට සන්රයිසස් හයිද්‍රාබාද් පිල මිලදී ගැනීම කැපී පෙනුණි.  කමිඳු මෙන්ඩිස් සහ ඒෂාන් මාලිංග අයි.පී.එල්. තරගාවලියට පළමු වරට සුදුසුකම් ලැබීමට විශේෂත්වයකි. 

මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිත් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 19 දෙනා අතරින් ක්‍රීඩකයන් 6 දෙනෙක් පමණක් අලෙවි වූ අතර පැතුම් නිසස්සංක, ඩිල්ෂාන් මධුෂංක සහ විජයකාන්ත් වියස්කාන්ත් වෙන්දේසියට ඉදිරිපත් කළ ද අලෙවි නොවීය.  

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායක චරිත් අසලංක, හිටපු නායකයන් වන දසුන් ශානක, කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, ළහිරු කුමාර සහ දුමිඳු සෙව්මිණ යන ක්‍රීඩකන්ට නම් නිවේදනය නොකරම අවස්ථාව අහිමි කළේය.  

- සස්මින් භාසුර



අදහස් (0)

ජයග්‍රාහී මාවතේ ඉදිරියටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1885 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1515 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site