IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඉඳුල් කට ගාන්න-කන් විදින්න නැකත් හදන්නේ කොහොමද ?

දරුවන්ට ඉඳුල් කට ගෑමේදී සහ කන් විදීමේදී නැකත් නැතිනම් ශුභ මුහුර්ත සකසා ගැනී​ෙම්දී ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත කීපයක් පවතී. 
  

ඉඳුල් කට ගෑම නැතිනම් බත් කැවීම   


ආයු, වර්ණ සැප, බල ප්‍රඥා යන මිනිසාට අවශ්‍ය ගුණයන් ලැබෙන්නේ. ආහාරයෙනි. එැවින් මුල් ආහාර පිළිගැන්වීම සුබ මොහොතකට සිදු කිරීම පෙරදිග සිරිතකි. ඉපිද සත් මසකින් නව මසකින් එකොළොස් මසකින් බුධ ගුරු සිකුරු යන දිනයක සඳු පුර පක්ෂයේ සිටියදී දරුවා උපන් නැකතේ පටන් ගැනෙන ජන්ම සම්පත් විපත් ක්ෂේම ප්‍රත්‍යාරී සාධක වද, මෛත්‍රී, පරම මෛත්‍රී කී පිළිවෙළින් විපත් ප්‍රත්‍යාරී වද නැකත් හැර පහත සඳහන් නැකැත් ඇති දිනයක බත් කැවීමට නැකත් සාදා ගත යුතු වේ. එම නැකත් නම් අස්විඳ, මුවසිරස, පුනාවස, පුෂ, උතුරු පල්, හත, සිත, සා, අනුර, උතුරු සල, දෙනට සියාවස, උත්‍රපුටුප, රේවතී වේ. මා, මුල, විසා නැකත් ඉතා අශුභ වේ.   
4 6 8 9 10 යන රාශිවල ගුරු සිටියදී ද 9 10 තැන් වල බුධ සිටියදී ද 6 7 8 12 සිකුරු සිටියදී ද 5 8 9 12 තැන් වල සඳු සිටියදී ද කුජ 8 ද 10 වැන්නේ කුමන ග්‍රහයෙකු සිටියදී ද ඉඳුල් කට ගෑමට අශුභයි.   


ශනි රවි කුජ 3 6 11 ට ද සුබ නැත.   


කන් විඳීමට


අතීතයේදී ඉන්දියාවේ නම් කන් විඳීම ස්ත්‍රී පුරුෂ භේදයක් නැතීව සිදු කෙරිණි. දැනට මෙම ක්‍රමය වෙනස් වෙමින් යයි. දරුවා උපන් 10 වන දවසේ පටන් ඉරට්ටේ මාස වර්ෂවලදී කන් විදීම යෝග්‍ය වේ.


රික්තා ආදී දෝෂයන්ගෙන් තොර සඳුදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දිනයක ලග්න​ෙය් ගුරු සිටියදී කන් විදීම යහපත්ය. 6 7 8 තැන් වල සිකුරු සිටියදී ද 6 8 12 තැන් වල ගුරු සිටියදී ද 8 වැන්නේ කුමන හෝ ග්‍රහයකු සිටියදී කන්විදීම අශුභයි. මුව සිරස අද පුනාවස පුෂ උතුරු පල් හත සිත උතුරු සල සුවණ දෙනට උතුරු පුටුප ​ෙර්වතී යන නැකත් ඇති දිනයක ඡන්ම නැකතට සීහෙන නැකතක් ද තෝරාගෙන කන් විදීම සුදුසුය.   

 

 

 


​ජ්‍යොතීර්වේදී හංවැල්ලේ 
ඇස්. සිරිවර්ධන   
133 සී. ජයන්ති පාර දොම්පේ.   
0767133886, 0717322467  



අදහස් (0)

ඉඳුල් කට ගාන්න-කන් විදින්න නැකත් හදන්නේ කොහොමද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site