IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුත් වසර ජයගන්න සුභ මොහොතින් ගමන් යන්න

අප ගමන් පිටත් වන්නේ කිසියම් අරමුණක් ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙනි. අතරමග කරදර, බාධක, විපත් අනතුරු වලින් තොරව ගමන නිමා කිරීමට ගමනාරම්භ කරන මොහොත ඉතා වැදගත් වේ.   


සුබ මොහොත නොසලකා හැර සමහර දිනයන්හි ගිය ගමන් වලදී සිදුවූ ප්‍රමාදවීම්, නිෂ්ඵල වියදම්, අරමුණු ඉටු නොවීම්, පුද්ගලයන් මුණ නොගැසීම් ආදීය පිළිබඳ අත්දැකීම් ඔබට ඇත. ඔබ අසුබ වේලාවක ගමන පිටත් වූ නිසාවෙන් එසේ වූවා විය හැකිය. වැදගත් ගමනක් පිටත්වීම සුබ මොහොතින් කළ යුතු බව ජ්‍යොතිෂය නියමය වේ. එබැවින් නව වසරේ ඔබගේ කටයුතු සඵල කර ගැනීම සඳහා ගමන් යාමේදී සැලකිල්ලට ගත යුතු ජ්‍යොතිෂමය කරුණු කිහිපයක් අද ඉදිරිපත් කරයි.   


ගමනාරම්භය සඳහා සුදුසු සුබ තිථි වන්නේ පුර හෝ අව පක්ෂයෙහි 2, 3, 5, 7, 10, 11, 13 තිථි වේ. අස්විද, මුවසිරස, පුනාවස, පුෂ, හත, අනුර, සුවණ, මුල, දෙනට, රේවතී යන නැකැත් සුබය. සුබ ලග්න වන්නේ මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, ධනු වේ. සිකුරු හා ගුරු හෝරාවන් සුබ හෝරා වේ.   


පුර සහ අව 8, 14, 15 අමාවක තිථිද බෙරණ, කැති, අස්ලිස, මා, පුවපල්, සා, විසා, පුවසල, පුවපුටුප නැකැත්ද ගමනාරම්භය සඳහා ඉතා අසුබය. රාහු කාලය මග හැරිය යුතු අතර මරු සිටින දිශාවට පරිඝ දණ්ඩ මුණ ගැසෙන දිශාවට, යෝගිනී සිටින දිසාවට රවි සිටින දිසාවට මුහුණ නොදිය යුතුය. එදින සඳු සිටින දිශාවට මුහුණලා ගමනාරම්භ කිරීම ඉතා සුබ වන අතර එම දිසාවට මුහුණදීමට නොහැකි නම් සඳු සිටින දිශාව දකුණත සිටින සේ ගත හැකිය.   


උපතේදී චන්ද්‍රයා සිටි රාශිය ලග්නය වශයෙන් උදාවන මොහොත ගමනාරම්භයට ඉතා සුබ අවස්ථාවකි. අස්ත නොවූ ගුරු හෝ සිකුරු බලවත්ව ලග්නයේ සිටින අවස්ථාවද මගියා යන දිශාව අයිති ග්‍රහයා සිටින රාශියෙන් 5 වැන්නේ බලවත් සුබ ග්‍රහයෙකු මොහොතද කවරාකාරයකින් හෝ චන්ද්‍රයා බලවත්ව සිටින මොහොතක්ද ගමනාරම්භයට ඉතා සුබ වේ.   


ගමනාරම්භයට සුබ මොහොතක් සාදා ගැනීමේදී මගියාගේ ජන්ම පත්‍රයේ ලග්නාධිපති බලවත්ව සිටින කාලයක් යොදා ගැනීම සුබ වේ. තත්කාල කේන්ද්‍රයේ ලග්නය ලෙස ලග්නාධිපති සිටින රාශිය තෝරා ගත යුතුය. චන්ද්‍රයා 8 හෝ 12 වැන්නේ සිටින අවස්ථාද ලග්නාධිපති 8 වැන්නේ සිටියදීද ලග්නාධිපති පාප දෘෂ්ටි ලැබ හෝ පාපයන් සමග සංයෝගව සිටියදීද 22 වන දෙර්කාණාධිපති ලග්නයේ හෝ චන්ද්‍රරාශියහි ගමන් කරන අවස්ථාවලද ජන්ම කේන්ද්‍රයේ 5, 7, 9 භාවයක් ලෙස යෙදෙන රාශියක් ලග්නය වශයෙන් ගෙන ගමන් යාමෙන්ද චන්ද්‍රයා පාපකර්තරීව සිටින අවස්ථාවලදී ගමන් යාමෙන්ද සුබ ඵල නොලැබේ.   


විවිධ කාර්යයන් සඳහා ගමන් යාමට සුබ යෝග   


ආවාහ විවාහ සඳහා   


7 වැන්නාධිපති හා 7 වැනි භාවය බලවත්ව පවතින අවස්ථාව   


මනාලියක බැලීම සඳහා   


මනාලයාගේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා ගෝචරයෙන් 3 වැන්නේ ගමන් කරන පංචාංග සුද්ධ අවශ්‍යතාවක සුබ හෝරාවකින් පිටත්වීම   


දූ දරුවන්ගේ කටයුතු සඳහා   


5 වැන්නාධිපති බලවත්ව සිටියදී 5 වැන්නේ සුබ ග්‍රහයින් සිටින අවස්ථාව   


විභාග සඳහා   


විභාග අපේක්ෂකයාගේ ජන්ම කේන්ද්‍රයෙහි ගෝචර වශයෙන් 3, 5, 10 භාවයන්හි ග්‍රහයින් බලවත්ව සිටියදී ඒ භාවාධිපතීන්ද බලවත්ව සිටින කාලය.   


ගුවන් ගමන් සඳහා   


පංචාග ශුද්ධ අවස්ථාවක වායෝ රාශියක් තත්කාල ලග්නය ලෙස ගෙන ජන්ම ලග්නාධිපති බලවත්ව වායෝ රාශියක් වූ කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සිටින අවස්ථාව   


මුහුදු ගමන් සඳහා 

 
ජල රාශියක් තත්කාල ලග්නය ලෙස ගැනීම හා සඳු, ගුරු, නැප්චූන් වැනි ග්‍රහයෙක් තත්කාල ලග්නයේ සිටින මොහොතක් යොදා ගත යුතුය. සිකුරු බලවත්ව සිටීමද 9 වන භාවය හා එහි අධිපතියා බලවත්ව සිටීමද සුබය. කුජ 1, 7, 8 භාවයක නොසිටිය යුතුය.   


නිවාස ඉඩකඩම් දේපළ පිළිබඳ වැඩ සඳහා   


ජන්ම කේන්ද්‍රයෙහි 4 වැන්නේ සුබ ග්‍රහයින් සිටියදී 4 වැන්නාධිපති බලවත්ව සිටින කාලය සුබයි.   


නඩු හබ සඳහා උසාවි යෑමට   


පුර පක්ෂයේ 1, 2, 3, 6, 7, 10, 11, 13 තිථියක්ද අස්විද, රෙහෙන, මුවසිරස, පුෂ, උත්‍රපල්, හත, සිත, අනුර, දෙනට, රේවතී යන නැකතක්ද යෙදුණු සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, දින සුබයි. තත්කාල කේන්ද්‍රයේ 5, 9 භාවයක ගුරුද 1, 4, 7, 10 කේන්ද්‍රස්ථානවල සහ පුරුෂ රාශිවලට සුබ ග්‍රහයන්ද තැබීම සුදුසුය. 6 වැන්නට පාපයන් තැබීම ලග්නාධිපතියා 6 වැන්නාධිපතියා සමග කවර ආකාරයකින් හෝ සංයෝග වීම අසුබය.   


සතුරන් නැසීම සඳහා   


තත්කාල ලග්නයේ කුජ හෝ ශනිද 10 වැන්නේ රවි - බුධද 11 වැන්නේ සිකුරුද සිටින අවස්ථාවක් යොදා ගැනීම සුබයි.   


පොදු වශයෙන් ගත් කළ මේෂ ලග්නය උදාව පවතිද්දී ගමනාරම්භ කිරීමෙන් හදිසි අනතුරු මාරක බාධක තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. වෘෂභ ලග්නයෙන් ගමනාරම්භ කිරීමෙන් නොයෙක් සැප, සතුට, ප්‍රීතිය ඇති කෙරේ. මිථුන ලග්නයෙන් ගමන් යාමෙන් හදිසි අනතුරු කල කෝලාහල වලට මුහුණදීමට සිදුවිය හැකි අතර කටක ලග්නයෙන් ගමන් යාමෙන් ජයග්‍රහණය අත්කර ගත හැක. දේශපාලන කටයුතු සඳහා පිටත්වීමට කටක ලග්නය ඉතා සුබයි.   


සිංහ ලග්නයෙන් ගමන් යාමෙන් දියුණුවද කන්‍යා ලග්නයෙන් ගමන් යාමෙන් රෝග පීඩාද ඇති කෙරේ. වෘශ්චික ලග්නය උදාව පවතිද්දී ගමනාරම්භ කිරීමෙන් රෝග පීඩා වණ කැළැල් තුවාල ආදිය ඇති විය හැකි අතර ධනු ලග්නයෙන් සතුරු බල බිඳ ජය හිමි කරගත හැකිවේ.   


මකර ලග්නය කරන කොටගෙන ගමන් යාමෙන් නින්දා, අපහාස, අස්ථාන චෝදනා ආදියට ලක්විය හැකි අතර කුම්භ ලග්නයෙන් සොර සතුරු පීඩා, ගුටිබැට වලට ලක්වීම ආදිය සිදුවිය හැකිය. මීන ලග්නයෙන් ගමන් යාමෙන් වැසි සුළං ආදී ස්වභාවික විපත්වලට මුහුණදීමට සිදුවිය හැකිය.   

 


නිසි ලෙස මේවා පිළිපදින ඔබ සැමට සුබ නව වසරක් වේවා.   

 


කපිල ඉන්දික ගුණදාස   
ජ්‍යොතිෂ උපාධි (ඉන්දියා)   
වාස්තු විද්‍යා උසස් ඩිප්ලෝමා මාලිබොඩ, දැරණියගල.   

 



අදහස් (0)

අලුත් වසර ජයගන්න සුභ මොහොතින් ගමන් යන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31138 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site