IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


කේන්ද්‍රයෙන් හෙළි​ෙවන ධනවත්කම

 

ඡන්ම කේන්ද්‍රයක 2 වන භාවය ධන ස්ථානය වන අතර චන්ද්‍ර කේන්ද්‍රයෙන් 2 වන භාවය, සූර්ය කේන්ද්‍රයෙන් 2 භාවය මෙන්ම කේන්ද්‍රයේ සෑම භාවයකින්ම 2 වන භාවය ධන භාවය ලෙස සැලකේ.  
 
එමෙන්ම සෑම භාවයකින්ම 12 වන භාවය එම භාවයේ කාරකත්වයට කිසියම් හානියක් ගෙන දේ. උදාහරණයක් ලෙස 4 වන භාවයේ අධිපති වන ග්‍රහයා 4 වන භාවයෙන් 12 වන භාවය වන 3 වන භාවයේ පිහිටීම 4 වන භාවයේ කාරකත්වයට යම් හානියක් ඇති කරවයි.   


11 වන භාවය සියලු ලැබීම් පෙන්වන අතර රැකියාව, තත්ත්වය ගැන කියැවෙන 10 වන භාවයේ ධන ස්ථානය ද වේ.   


11 වන භාවයේ අධිපති වන ග්‍රහයා 2 වන භාවයේ පිහිටීම මෙන්ම පරිවර්තනය වීම (රාශි මාරු කරගෙන පිහිටීම) ධනය සම්බන්ධව ඉතා යහපත් වේ. 11 වන භාවයේ සහ දෙකවන භාවයේ අධිපතීන් අතර සම්බන්ධයක් තිබීම ධන යෝග වේ. 4 වන භාවයේ අධිපති 5 වන භාවයේ පිහිටීම එම භාවයෙන් කියැවෙන ගේ දොර ඉඩ කඩම් යාන වාහලවලට යහපත් වන අතර පාප පීඩා නොවූ සඳු සිකුරු 4 වන භාවයේ පිහිටීම තම මවගේ පාර්ශ්වයෙන් දේපළ හිමි වන ග්‍රහ පිහිටීමකි. (4 වන භාවයට සඳු සහ සිකුරු දිග් බලය) 9 වන භාවය අධිපති 2 වන භාවයේ පිහිටීම උරුම හිමිකම් වලින් දේපළ හිමි වන ග්‍රහ පිහිටීමකි.


දෙවන භාවයේ අධිපති භාග්‍ය ස්ථානය මෙන්ම ත්‍රිකෝණ ස්ථානයක් වන 9 වන භාවයේ බලවත්ව පිහිටීම ධනය සම්බන්ධව ඉතා යහපත් පිහිටීමකි. එහෙත් 9 වන භාවය අධිපති 8 වන භාවයේ පිහිටිය හොත් එම භාග්‍ය නැති කර දමයි. එහෙත් 8 වන භාවය අධිපති 11 වන භාවයේ පිහිටීම සහ 2 වන භාවය අධිපති 8 භාවයේ පිහිටීම ස්වීප් දිනුම් රහස් ආකාරයේ අන්සතු ධනයක් හිමි වීමේ භාග්‍ය ඇති අතර විවාහයෙන් පසුව දියුණු වීමේ හැකියාවක්ද පෙන්වයි. 2 වන සහ 11 වන භාව වලට 8 වන සහ 12 වන භාව අධිපතීන්ගේ පාප දෘෂ්ටියෙන් පීඩා වන්නේ නම් කරදර මෙන්ම නොයෙක් පීඩා නිසා තම දේපළ මෙන්ම ධනයට ද හානි පැමිණේ. 11 සහ 2 වන භාව අධිපතීන් කේ්න්ද්‍රයට අශුභ ග්‍රහයින්ගේ නැකැත් පාද වල අසුබ ​ෙදර්කාණවල පිහිටීමද අයහපත්ය.   


එම ග්‍රහයින්ගේ දශා අතුරු දශාවලදී අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වේ. 11 වන භාවයට පාප ග්‍රහයින් සම්බන්ධ වීම පාප දෘෂ්ටිවලින් පීඩා වීම අයථා ක්‍රම වලින් මුදල් ඉපයීමට පෙළඹේ. අධ්‍යාපනය සම්බන්ධ 4 5 9 වන භාව දුර්වල වුවද 2 6 10 11 වන භාව බලවත්ව තිබේ නම් දියුණුවේ ඉහළට යෑමේ හැකියාව පවතී. ධනය ගැන විමසීමේදී ධනයට කාරක වන ගුරු ග්‍රහයාගේ පිහිටීම ගැන ද සැලකිලිමත් විය යුතුය. ගුරු පීඩා වීමද අයහපත් වේ. කේන්ද්‍රයේ භාව 12 ටම භාව කාරක ග්‍රහයකු සිටින අතර සමහර භාව සඳහා ග්‍රහයින් කිහිප දෙනෙකුම සිටී. මෙහිදී 2 5 9 10 11 යන භාව සඳහා ගුරු භාව කාරක ග්‍රහයකු ද වේ.   

 

 

 

 


ජ්‍යොතිර්වේදී   
කීර්ති එල්. බමුණු ආරච්චි   
82/2 ඒ. සිරි පැරකුම් මාවත   
අමුණුගොඩ,  ඉඹුල්ගොඩ. 0776651887



අදහස් (0)

කේන්ද්‍රයෙන් හෙළි​ෙවන ධනවත්කම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site