IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ෆැෂන් කරනවා කියල දුක් විඳින්න මම කැමති නෑ - සුරාජ් මාපා


ලතින් ඇමරිකානු නර්තන ශිල්පියෙක් සේම, නර්තන පුහුණුකරුවෙක් ද වන ඔහු නිරූපණ ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු ලෙසින් ද සිය දක්ෂතා පෙන්වයි. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ මගේ සඳ ඔබ ටෙලිනාට්‍ය ඔස්සේ 2000 වසරේදී රංගනයට පිවිසි ඔහු 2002 වසරේ විකාශය වූ සූරිය දරුවෝ ටෙලි නාට්‍යයෙන් වඩාත් ජනප්‍රිය විය. 2007 වසරේදී ජනප්‍රියම නළුවා හිමි සම්මානය දිනා ගත් ඔහු සුරාජ් මාපා සමඟයි මෙවර Fashion කතාබහ.

  • ෆැෂන් ගැන හිතෙන දේ?

මේක වෙනස් වෙන ලෝකයක්. ජීවිතේ කියන දේ කොයි වෙලාවේ නතර වෙයිද අපි දන්නේ නෑ. ඉතින් ෆැෂන් කියන්නේ වෙනස් වෙන ලෝකේ අපි ජීවත් වෙන ටික කාලේ අපි සතුටු වෙන අතරේම අනිත් අය සතුටු වෙන්න කරන දෙයක්. ජීවිතේ බෝරින් නැතුව ගෙවෙන්න අපි වෙනස්කම් කරන්න ඕනේ. ඒ වගේම තමයි ෆැෂන් කරද්දී අපිත් එන්ජෝයි කරනවා. ඇඳුම ගැන හිතන වෙලාවේ ඉඳලා, ඇඳුම නිර්මාණය කරන හෝ මිලදී ගන්න එක, ෆිටෝන්ස් බලන එක අන්තිමට ඇඳුම අඳින තැන වෙනකම්ම අපි එන්ජෝයි කරනවට තමයි ෆැෂන් කියන්නේ.

  • ඉවෙන්ට්වලට යද්දී මොන වගේ ඇඳුමක් ද තෝරා ගන්නේ?

ඉවෙන්ට් එකේ විදිය අනුව තමයි ඇඳුම් තෝර ගන්නේ. වර්තමානේ බොහොමයක් ඉවෙන්ට්වල තීම් එකක් තියෙනවා. ඩ්‍රස් කරන්න ඕනේ විදියක් එහෙම නැත්නම් කලර් තීම් එකක් දැනුම් දෙනවා. ඒවාට ගැළපෙන්න ඇඳුමක් තෝරා ගන්නවා. මම සාමාන්‍යයෙන් ඉවෙන්ට් එකට යන්න කලින් ඇඳුම ගැන සෑහෙන්න හිතෙනවා.

මම ඕවර්ඩ්‍රස් කරන්න කැමැති නෑ. කැතට පේනවට කැමැතිත් නෑ. අපි සෙලිබි්‍රටිස්ලා විදියට යන තැන ගැන, ඇඳුම ගැන අනිවාර්යයෙන් ලොකු අවධානයක් යොමු කරන්නම ඕනේ. විශේෂම දේ, මම අඳින ඇඳුම මොකක් වුණත් මට ඇඳුම කම්ෆර්ටබල් වෙන්න ඕනේ. ෆැෂන් කරනවා කියලා දුක් විඳින්න ඕනේ නෑනේ.  එහෙම දුක් විඳින්නේ නැතුව එන්ජෝයි කරන්න පුළුවන් විදියේ ෆැෂන්ස් කරනවා.

  • ඩාන්සින් සම්බන්ධ වැඩසටහන් හෝ ඉවෙන්ට්වලදී ඇඳුම් තෝරා ගන්නේ කොහොම ද?

ඒ වගේ වෙලාවක අපි ප්‍රධාන වශයෙන්ම අවධානය දෙන්නේ ගර්ල් පාට්නර්ට. ගර්ල්ගේ ඇඳුමට කලර් එකට මැච් වෙන්න තමයි අපේ ඇඳුම නිර්මාණය කරන්නේ. හැම නර්තන වර්ගෙකටම වෙන් වුණු විශේෂ වුණු ඇඳුම් විලාසිතා තියෙනවනේ. ඉතින් ලතින් ඇමරිකන් නැටුමක් නම් ඒ නැටුමට අදාළ ඇඳුම තෝරා ගන්නවා. ඒ වගේම තමයි ඩාන්ස් එකේ විදියට ගැළපෙනව ද කියලා අවධානය දෙනවා. ලතින් ඩාන්ස්වලදී ලිෆ්ටින් එහෙම තියෙනවනේ. ඒ වගේ වෙලාවට අතපය උස්සන්න පහසු විදියට ඇඳුම හදනවා. ඉවෙන්ට් එක තියෙන වෙලාව තැන අනුව කලර්ස් ගැන හිතනවා. ගර්ල් ලස්සනට හිටියොත් තමයි මාව ලස්සනට පේන්නේ. ඩාන්සින්වලදී මේල් පාට්නර් හයිලයිට් වෙන්නේ ගර්ල්ගෙන්. ඒ නිසා එයාගේ ඇඳුම හා කලර් එක තමයි වැදගත්.

  • සාමාන්‍ය ගමනක් බිමනක් යද්දී අඳින්නේ මොන වගේ ඇඳුමක් ද?

ගොඩක් වෙලාවට ඩෙනිමක් ෂර්ට් එකක් නැත්නම් ටී ෂර්ට් එකක්. වාහනෙන් බහින්නේ නැත්නම්  ෂෝර්ට් එකක් අඳිනවා. අපේ අම්මා ඉස්සර ඉඳන් කැමැති නෑ මම ෂෝර්ට්ස් කොලර්ලස් ටීෂර්ට් අඳිනවට. ඒ නිසා මම සාමාන්‍ය ගමනක් යද්දී ෂෝර්ට්ස් අඳින්නෙම නෑ. ඩෙනිම තමයි. ටීෂර්ට්වලටත් ෂර්ට්ස් අඳිනවා.  

ඒ කියන්නේ ෂර්ට්ස්වලට වැඩි කැමැත්තක් තියෙනවා?

ඔව් කැමැතියි. ඒ වගේම තමයි මගේ ෂර්ට්ස් බ්‍රෑන්ඩ්ස් තුනක් තියෙනවා. විස්කොස් ලිනන් වගේ මැටීරියල් තමයි මගේ ෂර්ට්ස්වලට ගොඩක් යූස් කරන්නේ. තව අලු‍ත් බ්‍රෑන්ඩ් එකක් ළඟදීම පටන් ගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ බ්‍රෑන්ඩ්ස් මම අඳින්නම ඕනේනේ. ඒ නිසා, ඒ වගේම මට මැච් වෙනවා කියලා හිතෙන නිසා ෂර්ට්ස්වලට වැඩි තැනක් දෙනවා.

  • ඔයාගේ බ්‍රෑන්ඩ්වලට අමතරව ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩඩ් දේවල්වලට කැමැති ද?

ඔව් මම බ්‍රෑන්ඩඩ් දේවල්වලට කැමැතියි. ඒකට හේතුව ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් කැමැති නෑ තමන්ගේ නමට හානියක් වෙනවට. ඒ නිසා එයාලා තමන්ගේ නිර්මාණවල කල් පැවැත්ම, ඒවාගේ කොලිටි එක කියන කාරණා ගැන ලොකු අවධානයක් යොමු කරනවා. බ්‍රෑන්ඩඩ් දේවල් ගොඩක් සැප පහසුයි. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මම වැඩිපුරම යූස් කරන බ්‍රෑන්ඩ්ස් දෙකක් වගේ තියෙනවා මට ෆිටෝන්ස් හරියටම හරියන.

මගේ අක්කලා දෙන්නම ඉන්නේ ඉතාලිවල. ඉතාලි කියන්නේ ෆැෂන්වල මහගෙදර වගේනේ. ඒ නිසා ඉතාලි එහෙම ගියාම මම සෑහෙන්න ඇඳුම් පැලඳුම් මිලදී ගන්නවා. ඊට අමතරව බ්‍රෑන්ඩඩ් දේවල් මට තෑගි විදියට ලැබෙනවා. කොයි තරම් බ්‍රෑන්ඩඩ් දේවල්වලට කැමැති වුණත් මම ලොකු ගණන් වියදම් කරලා ඇඳුම් පැලඳුම් මිලදී ගන්නේ නෑ. ඇවරේජ් ගාණකට තිබ්බොත් විතරයි මිලට ගන්නේ.

  • පර්ෆියුම්ස් ගැන කතා කළොත්.

මගේ ළඟ පර්ෆියුම් කලෙක්ෂන් එකක්ම තියෙනවා. ඒ අතරින් මම ගොඩක්ම කැමැති පර්ෆියුම් බ්‍රෑන්ඩ් කීපයක් තියෙනවා මම නිතර යූස් කරන.

  • වැඩිපුරම භාවිතා කරන ඇක්සරීස්, ජුවෙලරීස් මොනව ද?

අත් ඔරලෝසුව මට නැතුවම බෑ. මගේ ළඟ අත් ඔරලෝසු කලෙක්ෂන් එකකුත් තියෙනවා. විවිධ හැඩයේ, පාට, බ්‍රෑන්ඩ්ස්වල ඔරලෝසු වගේම, මිලාධිකම ඒවාත් තියෙනවා ඒ අතරේ.

ඊට අමතරව එක අතක වොච් එක බැන්දම අනිත් අතට පොඩි බ්‍රේස්ලට් එකක් දානවා. මම ආස නෑ අත පාළුවට තියෙනවට. ඒ ඇරෙන්න මුදු මාල වගේ දේවල්වලට වැඩි ආසාවක් නෑ. මගේ ළඟ තියෙනවා. ඒත් දාන්නේ නැති තරම්.

  • සපත්තුවලට ද සෙරෙප්පුවලට ද වැඩියෙන් කැමැති?

මම ගොඩක්ම ෂූස් තමයි දාන්නේ. ඒවගේත් බ්‍රෑන්ඩ්ස් තියෙනවා මම ගොඩක් කැමැතියි. පිටරට ගියාම සපත්තු සේල් හම්බවෙනවානේ. ඒ වගේ වෙලාවට මම ෂූස් කීපයක් ගන්නවා. ඒ නිසා මගේ ළඟ සපත්තු ලොකු එකතුවක් තියෙනවා දැන්. ඒත් ඉතින් පිටරට ෂූස් ලංකාවේ යූස් කරන්න තියාගන්න හරි අමාරුයි. මෙහෙ රස්නෙට ඒ සපත්තු ඔරොත්තු දෙන්නේ නෑ. අඩිය ගැලවෙනවා. ඩැමේජ් වෙනවා. ඒත් ආසාව නිසා කොහොම හරි යූස් කරනවා. පරිස්සම් කර ගන්න ට්‍රයි කරනවා. ඇඳුම්වලට මැච් වෙන්න ෂූස් දාන්න මම ගොඩක් ආසයි.

  • ටැටූස් පියර්සින්වලට කැමැති ද?

මම මේ ළඟදී කන විදලා කරාඹුවක් දැම්මා. ගොඩක් වෙලාවට කැරැක්ටර්ස්වලට ඕනේ වුණොත් තමයි පියර්සින් එහෙම කරන්නේ. ටැටූස්වලට ආසයි. මම සමහරවිට ළඟදී ටැටූ එකක් ගහයි. ඒත් අපේ ජොබ් එක එක්ක අපිට අපි කැමැති හැමදේම කරන්න බෑනේ. කැරැක්ටර්ස් වෙනස් වෙද්දී අපේ පෙනුමත් වෙනස් කරන්න ඕනේ නිසා ටැටූස් පියර්සින් කැමැති විදියටම කරන්න අමාරුයි.

  • කැමැතිම කලර් එක මොකක්ද?

බ්ලැක් තමයි වැඩිපුරම කැමති. ඊට අමතරව රෙඩ් කලර් ඇඳුම්වලටත් කැමැතියි. උදේ වරුවේ ෆන්ක්ෂන් එකකට වගේ නම් වයිට් කලර් කොස්ටියුම් එකක් යූස් කරනවා. රෑට නම් කළුම තමයි.

  • කැමැතිම ඇඳුම් විලාසිතාව මොකක් ද?

ෆුල් සූට් එක තමයි කැමැතිම.


පවනි උමයංගනා


 



අදහස් (0)

ෆැෂන් කරනවා කියල දුක් විඳින්න මම කැමති නෑ - සුරාජ් මාපා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26616 29

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18164 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10870 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 615 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 180 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site