IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


හරියට හදා ගත්තොත් වෙඩි පහරත් වළකන හෙණරාජ තෛලය

 

සිංහලයා සතු ජාතික විද්‍යාවන් අතර සිංහල වෙදකම ප්‍රමුඛ ස්ථානය ගනී. සිංහලයාගේ ජීවය හා නිරෝගීභාවය රැකුණේ එම වෙදකමෙනි. අප රටට යෝග්‍ය වූ අංගසම්පූර්ණ උසස් වෙදකමක් රාවණා යුගයේ සිට පැවැති බව ඉතිහාසයේ සඳහන් වෙයි. 

සිංහල වෙදකමේ ඉතිහාසයද සිංහලයාගේ ඉතිහාසය මෙන් ඉපැරණිය. ලංකා සමාජය, උත්තර භාරතීය ජනතාවගෙන් හා මෙහි විසූ යක්ෂ, නාග, දේව යන ස්වදේශිකයන්ගෙන්ද සමන්විත සෑහෙන දියුණුවකින් හෙබි ශිෂ්ට මිනිස් සමූහයක් වූ නිසා ඔවුන්ගේ සෞඛ්‍යය හා ආරෝග්‍ය වර්ධනයට උපයෝගි වූයේ සිංහල වෙදකමයි. 


මෙහි විසූ යක්ෂ ග්‍රෝතිකයෝ, පුලතිසි රාවණාදී පූර්ව පීතෘන් සතු වූ ශ්‍රේෂ්ඨ වෛද්‍ය ක්‍රමයන්හි හිමිකාරයෝ වූහ. වෙදකම, ජ්‍යොතිෂය හා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවන්හි යක්ෂයන්​ෙග් විශ්මිත බුද්ධි ප්‍රභාව කෙතරම්දැයි සිතිය හැක්කේ අද එයින් නටබුන්ව පැරණි නගරයන්හි ගල්කණු සෙයින් තිබෙන මාහැඟි විද්‍යාවන් පිළිබඳව පර්යේෂණයක යෙදීමෙනි. 


සිංහල වෙදකමේ ස්වර්ණමය යුගය 


රාවණා සමය ලංකා දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකිය. රාවණා අවධිය රස විද්‍යාව, රසායන විද්‍යාව, තෘණ විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර හා ගුප්ත විද්‍යාවන්ගෙන් හෙබි ශ්‍රේෂ්ඨ චිකිත්සා ක්‍රමයක් පැවැති සමය විය. ධාතු, මූල හා ජීව යන ත්‍රිවිධ පදාර්ථයන්ගේ සාරය පෙරා බොහෝ කල් නියම තත්ත්වයෙන් තබා ගැනීමටත් සන්නිපාත ආදී අසාධ්‍ය රෝග, නාඩි විධි ආදියෙන් විනිශ්චය කොට රෝග සමනයට එම බෙහෙත් යොදා වෙදකම් කිරීමට රාවණා ඇතුළු වෛද්‍ය සමාජයෙහි වූයෝ දැන සිටියහ. රාවණයන් ලියූ ‘අර්ත ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, කුමාර තන්ත්‍ර, උඩිස් තන්ත්‍ර’ ආදී ඉපැරණි වෙද ග්‍රන්ථවලින් ඒ බව පෙන්වීමට සාධක ඇත. 


රාවණා රජු දක්ෂ වෛද්‍යවරයෙකි. එහෙත් හෙතෙම ඉගෙන ගත් ගුරුවරයකු ගැන කියා නැත. අනුන් අතින් නොමැරෙණ වරයක් ලබා ගැනීම සඳහා මහා බ්‍රහ්මයා සතුටු කරනු පිණිස ‘ගෝ කර්ණ ආශ්‍රයට’ වී තපස් රැකි බව කියැවෙයි. (ගෝකර්ණ ආශ්‍රමය යනු ගව කණක හැඩහුරුකම් ඇති වරායක් අසබඩ පිහිටි අසපුවකි. ත්‍රිකුණාමලයට ගෝකර්ණ යන නම ව්‍යවහාර වූ බව සෙල්ලිපියක සඳහන්ව ඇත. ගෝ කර්ණයක හැඩහුරුව ඇති වරාය ත්‍රිකුණාමල වරාය වන අතර දැනට වැඩි කොටසක් මුහුදට දියවී ගොස් තිබෙන ගල්පර අතර වූ පැරණි දේවාලය, රාවණ රජු ඉගෙන ගත් ගෝකර්ණ ශ්‍රමය බව ජනප්‍රාවදයේ ඇත.) 


රාම-රාවණා යුද්ධයේදී බරපතළ තුවාල ලබා මියගිය අයට පණ දුන් බවකුත් කියවෙන නිසා බ්‍රහ්මයා සතුටු කොට ඉගෙන ගත් වෙදකමෙන් ඉමහත් ප්‍රයෝජන ගත් බව සිතන්නට පුළුවනි. එසේම යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුප්ත විද්‍යාවන් දියුණු වී පැවැති බව ‘අහසේ වළාකුල් තුළ සැඟවී පහරදීම’, ‘අදෘශ්‍යමානව සිට පහරදීම’ ආදිය ඒ පිළිබඳව එන ජනප්‍රවාදවලින් හැඟෙයි. 


 මෑත කාලීන සිංහල වෙදකමේ සමෘද්ධිමත් අවධිය ලෙස අනුරාධපුර යුගය හැඳින්විය හැකිය. ඉන්පසු පොළොන්නරු හා දඹදෙණි යුගයන් හිද දේශීය වෙදකම උසස් මට්ටමින් පැවැතී ඇත. 


 ඉන්පසු කෝට්ටේ හා මහනුවර යුගයන්හි, රටේ දියුණුවට බාධක වූ විදේශීය බලපෑම් බහුල වීමත් සමග දේශීය වෙදකමද පිරිහෙන්නට පටන් ගත්තේය. සියරට දේට වඩා පිටරට දේවලට ජනයාගේ රුචියත් ගෞරවයත් වැඩි විය. බටහිර දිගින් දිගටම පිළිගැන් වූ භාෂා, වෙදකම් හා ආගම් මෙරට වැසියාට නොපිළිගෙන ජීවත්විය නොහැකි තත්ත්වයක් ඇති විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට අප රට බෝ නොවන රෝග බහුල හා ගුණධර්මයන් පිරිපුන් ජන කොට්ඨාශයක් ඇති රටක් බවට පත්වෙමින් ඇත. 


දේශීය වෙදකම, ජ්‍යොතිෂය හා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සමග බද්ධව පැවැතීම නිසා දේශීය වෙදකමේ එන ඇතැම් ඖෂධයන් රෝග සුවයට යොදා ගැනීමෙන් ඔබ්බට ගිය විශ්මිත ගුණයන් පෙන්වීය. එම නිසා වර්තමානය වන විටත් එවැනි ඖෂධ කිහිපයක් පිළිබඳව ජනතාව තුළ කතාබහට ලක්වෙයි. 


 එනම් ‘උතුවන්කන්දේ සූර සරදියෙල් හෙණරාජ තෛලය සුරයක දමාගෙන පැළඳ ගෙන සිටි නිසා ඔහු වෙඩි නොවැදී සිටි බවත් එම සුරය කැඩී ගිය පසු ඔහුට වෙඩි වැදුන බවත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට අසීමිත බුද්ධියක් හා මතක ශක්තියක් හිමිවූයේ සරස්වතී තෛලය පමණ ඉක්මවා පානය කිරීම නිසා බවත් එම හිමියන්ගේ දේහය තවමත් නොදිරා පවතින්නේ එහිමියන් ‘සිද්ධාලෝක රසය’ නමැති රස ඖෂධය භාවිත කළ නිසාය... යන්න ඉන් කිහිපයකි. 


හෙණරාජ තෛලය හා හෙණරාජ කසාය යන ඖෂධයන් දේශීය වෙදකමේ එන ඉමහත් ගුණයන් හා ඵලයන් ලැබිය හැකි ඖෂධයන්ය. බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ‘හෙණරාජ තෛලය’ පිළිබඳව මෙම ලිපියෙන් විස්තර කිරීමට අදහස් කළෙමි. 


 ● බලගතු හෙණරාජ තෛලය සාදාගන්නා අයුරු හා ගුණයන් 


පුස්කොළයේ සඳහන් ආකාරයට මෙම තෛලයේ ගුණයන් මෙසේය. 


පානය කිරීමට:- 

මෙම තෙල් බිංදු 7 ක් පානය කිරීමෙන් කැවුණු වස විස අණවින දුරුවෙයි. දහ අටසන්නි, පිස්සු, ඔල්මාද, යක්ෂ ඔල්මාද විසි වැදෑරුම් ප්‍රමේහ, හන්දිපත් කොරවීම්, වාතාබාධ දුරුවෙයි. 


 පැළැදීමට:- 

මෙම තෙල් ඇඟේ ගාගෙන හෝ සුරයක දමා පැළඳ ගෙන දඩයමේ ගියහොත් දඩයම් හිර ඇරී සතුන් ලැබෙයි. තුවක්කු දුනු හිර ඇරෙයි. යුධයට ගියහොත් වෙඩි සැර, කැපුම් කෙටුම් නොවැද ජය ලබයි. වලස්, දිවි, කුළු ගව ආදී සතුන්ගෙන් විපත් නොපැමිණෙයි. පිසාච යක් බිය හා රාජ උදහස් ඇති නොවේ. සූදුවෙන් ජය ලබයි. සතුරු බලවේග මැඩ, තේජස බලය රැකෙයි. 


වශීකරණයට:- 

මෙම තෙල් ස්වල්පයක් කටරොලු මල් යුසින් අතේ ගාගෙන කැමැතියන් ස්පර්ශ කිරීමෙන් වශීවෙයි. 


තෛලය සෑදීමට අවශ්‍ය ඖෂධ:- 

ඇත්දෙමට යුෂ - නැළි 1 
වෙනිවැල් යුෂ - නැළි 1 
අරත්ත අල යුෂ - නැළි 1 
මගුල් කරඳ යුෂ - නැළි 1 
කුරුඳු පොතු යුෂ - නැළි 1 
දෙහි පොතු යුෂ - නැළි 1 
බටුකර යුෂ - නැළි 1 
කාමරංගා යුෂ - නැළි 1 
ගොරකා යුෂ - නැළි 1 
හරන්කහ යුෂ - නැළි 1 
හීරැස්ස පලු යුෂ - නැළි 1 
අන්කෙන්ද යුෂ - නැළි 1 
අමුකහ යුෂ - නැළි 1 
වේලා යුෂ - නැළි 1 
යකිනාරන් යුෂ - නැළි 1 
ඉඟුරු යුෂ - නැළි 1 
වරා මුල් යුෂ - නැළි 1 
දොඩම් පොතු යුෂ - නැළි 1 
කුකුරුමුවන් ගෙඩි යුෂ - නැළි 1 
දෙහි යුෂ - නැළි 1 
නාරන් යුෂ - නැළි 1 
අන්නාසි යුෂ - නැළි 1 
කලුවා අල යුෂ - නැළි 1 
පනම් පෙති යුෂ - නැළි 1 
දෙමට මුල් යුෂ - නැළි 1 
බෙහෙත් අනෝදා යුෂ - නැළි 1 
ඉරමුසු මුල් යුෂ - නැළි 1 
නික මුල් යුෂ - නැළි 1 
දෙමට ගෙඩි යුෂ - නැළි 1 
පෙනෙල පොතු යුෂ - නැළි 1 
දොඩම් යුෂ - නැළි 1 
පුහුල් යුෂ - නැළි 1 
සටහන- නැළි 1 = බෝතල් 1 ලෙස ගන්න 


කල්කය සෑදීමට අවශ්‍ය ඖෂධ 


අරළු, නෙල්ලි, වියළි ඉඟුරු, සුදු ලූනූ, අබ, ගම්මිරිස්, සුවස ලුණු, සවිඳ ලුණු, බළල් ලුණු, වෙඩි ලුණු, යවකාර ලුණු, ලේවා ලුණු, සවුක්කාරම් ගල්මද, ගල් නහර, උළුහාල්, වදකහ, හිරියල්, වැල්මී, සීනක්කාරම් ඕංකාරම්, නව සාරම්, අක්‍රපට්ටා, කොත්තමල්ලි, දේවදාර, සුවඳ කොට්ටම්, කරාබු නැටි, සාදික්ක, වසාවාසි, පෙනෙල ගෙඩියේ පොතු, වියළි කහ, ශුද්ධ ජාපාල, සුදුදුරු, කළුදුරු, අසමෝදගම්, දේවදුරු, තිප්පිලි, හරන්කහ, පෙරුංකායම්, සුදු හඳුන්, රත් හඳුන්, මේවා එක් වර්ගයකින් කලං 3 බැගින් ගෙන චූර්ණකර දොඩම් පැඟිරෙන් අඹරා ඉන්පසු හිඟුරුපට යුෂින්ද අඹරා තබාගන්න. 


සාදන ආකාරය 


ඉහතින් සඳහන් කළ යුෂ සියල්ල නැවුම් මුට්ටියකට වත්කර එයට බෙහෙත් එඬරු තෙල්, කොහොඹ තෙල්, තල තෙල්, මී තෙල්,​ පොල් තෙල් හා ගි​ෙතල් නැළි 1 බැගින් වත්කර, සුපිරිසුදු ස්ථානයක මඩුවක් සාදා එහි වියන් බැඳ වට තිර ඇද ළිප් බැඳ පැඟිරි දර හා කුරුඳු දර දමා සුබ මොහොතින් ගිනි මොළවා, රතන සූත්‍රය උච්චාරණය කරමින් මුට්ටිය ළිප තබන්න. 


 එය අඩක් සිඳීගෙන එන විට කල්කය දමා ගිනිකර පදම එන තෙක් සිඳින්න. (එම තෙලින් සුදු ලූණු සුවඳ නික්මෙයි නම් එය නියම පදමයි.) එකල ළිපෙන් බාගෙන නිවුණු පසු වීදුරු බඳුනකට තෙල වත්කර ගැනීම නියමයයි. ඉන් ඉක්බිතිව රතන සූත්‍රයෙන් 108 වර ජීවම් කර කිළි නොමැති ස්ථානයක සුරක්ෂිතව තබා ගැනීම මැනවි.


තෙල ලිප තැබීමට සුභ මොහොත පිළියෙල කිරීම.


මේ සඳහා ජ්‍යොතිෂානුකූලව සුභ වේලාවක් සකස්කර ගත යුතුය. මෙහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය කෙටියෙන් මෙසේය. අස්විද, බෙරණ, මුවසිරස, පුනාවස, පුෂ, අනුර, සුවන, දෙනට, සියාවස, රේවතී, උත්‍රපල් උත්‍රසල හෝ උත්‍රපුටුප යන නැකතක් සහ පුර පක්ෂයේ පෑලවිය, තියවක, ජලවක, සැටවක, අටවක, නවවක, එකොළොස්වක හෝ තුදුස්වක යන තිථියක් උදාව පවතින දිනයක් වීම අවශ්‍ය වේ. 


එම දිනය සඳු, කුජ, බුධ, ගුරු හෝ කිවි දිනයක් වී මේෂ, කටක, කන්‍යා, තුලා හෝ මකර ලග්නයක් උදාව පැවැතීම හා එම ලග්නයේ 6, 7, 8 යන රාශී පාපි ග්‍රහ පීඩා නොවී පැවැතීමද අවශ්‍යයය. එසේම ශුභ හෝරාව හා සූක්ෂමය ගණනය කර වේලාව සාදා ගන්න. 

 


 මෙම උතුම් ශාස්ත්‍රයන් ලොවට බිහිකළ ආදි පීතෘන්ට උපහාරයක් වේවා... 

 

 

 


ප්‍රසන්ජන සිල්වා 
 ජ්‍යොතිෂවේදී පාරම්පරික වෛද්‍ය 
‘වෙදගෙදර’ අංක 19, මිනුවම්පිටිය පාර, පානදුර 



අදහස් (1)

හරියට හදා ගත්තොත් වෙඩි පහරත් වළකන හෙණරාජ තෛලය

WA Nandasena Thursday, 16 July 2020 03:18 AM

මෙම තෙල් සත්‍ය බල පිහිටවා සින්දුවාගෙන ඇත්ද... තෙල් වල මිල කොහොමද.?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1390 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 512 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 595 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site