IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මිලා වූ මිෂෙල් - MICHELLE Dilhara


ඇය මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින්නේ මිලා නිසයි.  මිලා නමින් ඇය ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සුපුන් රත්නායකගෙ ලලයි-ලිලයි-ලයි  ටෙලි මාලාව සමගයි. මිලා වූ ඇය ගැන මේ වන විට  අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ බොහෝ දෙනා ඇය ගැන දන්නා නිසයි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන්නේ මිලා වූ මිෂෙල් දිල්හාරාය.

පසුගියදා පැවැත් වූ 2024 කැලීන් පොපියුලර් සම්මාන උළලේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය මට ලැබුණා. ඒ තමයි මගේ පළවැනි ජනප්‍රිය සම්මානය. ඒ සම්මානය පිටුපස බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අයට මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. මට මේ සම්මානය ලැබුණෙ ඒ හැමෝම නිසයි.  විශේෂයෙන්ම සුපුන් රත්නායක මහතා ඇතුළු ලලයි-ලිලයි-ලයි කණ්ඩායමට මගේ ස්තුතිය හිමිවිය යුතුමයි. මම ඒ නාට්‍යයට මිලා රාජරත්නම් ලෙස සම්බන්ධ වුණේ 19 වැනි කොටසේ සිට. මෙහි රඟපාන ප්‍රවීණ සහ ජනප්‍රිය සියලුම රංග ශිල්පීන් සහ ශිල්පිනියන්වත් ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි.

  • එසේ පවසන මිෂෙල් මේ පසුගිය අවුරුදු කීපයේදී දිගින් දිගටම නිර්මාණ වලට දායක වීම නිසා,  වඩාත් කාර්ය බහුල වූ බව කියයි. මේ දිනවල  ද ඇය කාලය ගෙවන්නේ අතිශය කාර්යබහුලවය.  

සමහර වෙලාවට මට ගෙදර අය එක්ක ඉන්නවත් වෙලාවක් ලැබුණෙ නැහැ. රූගත කිරීම් වලට අමතරව පාසල් වැඩ සටහන් සහ සරසවි වල සංවිධානය කෙරෙන වැඩ සටහන් වලටත් සහබාගී විමට නිරන්තරයෙන් මට ආරාධනා ලැබෙනවා. මේ සියලු දේට අමතරව වැන්සස් සර් සහ ශ්‍රියානි ප්‍රනාන්දු මිස් යටතේ සංගීතය හැදෑරීමත් කළා. ඒ එක්කම සංගීත විශාරද විභාග දෙකකටත් මුහුණ දුන්නා. ඉදිරියේදි තවත් සංගීත විභාග දෙකකට සුදානම් වෙනවා.  

 

  • කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා මිෂෙල් පසුගියදා ඉන්දීය චිත්‍රපටයක රඟපෑ අතර Adhiran වන එහි පෝස්ටරය එළි දැක්වීම පසුගියදා සිදුවිණ. ඊට අමතරව සොලෝ ටවුන් සිනමා පටය ඔස්ට්‍රේලියාවේදී මෙන්ම කැනඩාවේදී රිලීස් වූ වගත් ඇය සඳහන් කරන්නීය.

Adhiran ෆිල්ම් එක රූගත කළේ මිට මාස තුනකට විතර පෙරදී.  එය අධ්‍යක්ෂණය කළේ තිනේෂ් කණගරාජ් සර්. මාත් එක්ක අනෙක් ප්‍රධාන චරිතය රඟපෑවේ සුදර්ශන් රවීන්ද්‍රන්. Adhiran මගේ පළමු දමිළ සිනමා රංඟනයයි. ඇත්තටම මේ ෆිල්ම්ස් දෙක  මෙහි රිලීස් වෙනකල් මම මග බලා ඉන්නෙ. ඒ වගේම මගේ දෙවැනි පොතේ රිසර්ච් එකත් කරන ගමන් ඉන්නෙ.

  • මේ විදිහට කාර්යබහුව සිටින මිෂෙල් මේ දිනවල අරුණ ජයවර්ධනගෙ රස රහසක් ටෙලි නිර්මාණයේ සහ නුවණි වලිමුණි නිෂ්පාදනය කරන  වසන්ත රත්නායක අධ්‍යක්ෂණය කරන ටෙලි නිර්මාණයේ සහ  අලංක කළුආරච්චිගේ ඇය ලිය විය ටෙලි නාට්‍යයේ ද රූගත කිරීම් වලට දායකව සිටින්නීය.  ඊටත් අමතරව ඇය රඟපෑ ටෙලි නාට්‍යය දෙකක් ළඟදීම විකාශ වීමට නියමිතය.

 


  • සඳුන් ගමගේ

 

 



අදහස් (0)

මිලා වූ මිෂෙල් - MICHELLE Dilhara

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1065 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site