IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


පියයුරු පවසන තොරතුරු

ස්ත්‍රියකගේ රූසපුව මෝදු කරවන දෙතන හෙවත් පියයුරු යුගල පිහිටි ස්වභාවය අනුව ඇයගේ චරිත ගතිගුණ ජීවන තොරතුරු යම් පමණින් කියා පෑමට ගත ලකුණු ශාස්ත්‍රයට හැකිකමක් වේ. කවියන්ගේ චිත්‍ර ශිල්පීන්ගේ ද කලා නෙතට හසුවූ දෙතන ශ්‍රී රාහුල හිමියන් කාව්‍යශේකරය නමැති තම කාව්‍ය ග්‍රන්ථයෙහි තිසර තන ලෙසින් තිබෙයි. 
  
ස්ත්‍රියකගේ පියයුරු එක සමාන නම් ද ඝන හා පිරුණු ස්වභාවයෙන් යුතුව මැනවින් වැඩී ඇත්නම් ද ඉතාම ශුභ ලකුණකි. ඇය සිය සැමියාට රති සුවය සැලසීමට දක්ෂ වේ. පින්වන්ත දරුවන් ලැබීමේ වාසනාව ද උරුමය. ගෘහ ජීවිතයේ ගැටලු පැටලිලි අවමය. උසස් රැකියා, තනතුරු ආදිය ලබා ගරු බුහුමන් සහිතව ජීවත් විය හැක. ප්‍රසිද්ධිය නිතැතින්ම පාහේ ලැබෙයි. ආදරය නිර්මලය. උණුසුම්ය.   


දකුණු පියයුරට වඩා වම් පියයුර උස් නම් වැඩිපුර ගැහැණු දරුවන් ද වම් පියයුරට වඩා දකුණු පියයුර උස නම් වැඩිපුර පිරිමි දරුවන් ද ලබන බව කියැවේ. මුල මහත් වූ පියයුර අගින් සිහින් නම් මැදි වයසින් පසු ජීවිතය අභාග්‍ය සම්පන්නය. නමුත් ඇය තරුණ කල සුව පහසු දිවියක් ගෙවන්නීය. පියයුරු අතර ඇති පරතරය වැඩි නම් චරිත ගතිගුණ නරක අතට යොමු වෙයි. එකිනෙකට දුර සිහින් අග මහත පියයුරු අයහපත් ප්‍රතිඵල සහිතයි.   
නොවැඩුණු හෝ මිටි පියයුරු හිමි ස්ත්‍රියට දරුඵල හීනය, අශුභ සිතිවිලි ද බලපවතී. හිත උණුවෙතොත් ඒ කලාතුරකිනි. පියයුරු වකුටු නම් අසම්මත විවාහයක් සිදුවීමට නියමිතය. බොහෝ දුරට කුල හීන විවාහයකි. වැහැරුණු පියයුරු ඒ මේ අත පැද්දේ නම් බහු විවාහ ගති ලකුණකි. එකකට වඩා අනෙක හීනි නම් ද එම ප්‍රතිඵලයම ගෙනදෙයි.   


අග කළු පිරිපුන් පියයුරු නොපැද්දේ ද දකුණු පියයුර අනෙකට වඩා මදක් දික් වේ ද ඇයගේ විවාහය සීමා වේ. තන පුඩු සම පමණින් වටව පිරිපුන්ව පිහිටා ඇත්නම් ඇය තම සැමියාට රිසි සේ කම් සුවය ලබාදෙන ළඳකි. පියයුරු අග දිග නම් ද රති සුව සහිතය. එහෙත් එබඳු ස්ත්‍රියකගේ සිතිවිලි නරකය. සොරකමට පෙළඹේ. කුඩා පියයුරු අග අප්‍රසන්නව පිහිටා ඇත්නම් දුක්බර දිවියකි. පියයුරු අග රතු පැහැ නම් අනුකම්පා රහිතය. කළු පැහැ පියයුරු අග පිහිටීම ශුභ දේහ ලක්ෂණයකි.   


යම් ස්ත්‍රියකගේ පියයුරුවල උපන් ලප පිහිටා ඇත්නම් ඇය මනා සෞඛ්‍යයකින් හෙබිය. ආදරයේ දී ඉතාමත් අවංකය. හොඳ බිරිඳක් වෙයි. උපන් ලපය වම් පියයුර යට නම් අධික ශුභඵලයි. වෙසෙසින් දරුඵල පෙන්නුම් කරයි. එය පිරිමි දරුවන් ලබන පිහිටීමකි. ඉන්නන් පිහිටීම ද දරුඵල සම්බන්ධයෙන් ඇති ශුභඵල ලකුණකි. දකුණු පියයුරු මත ඉන්නන් පිහිටීම වැඩිපුර දූවරු ලබන බවට ඉඟියකි.   

 

 


නයෝමි පබසරා මැණිකේ   
මාවනැල්ල   

 



අදහස් (0)

පියයුරු පවසන තොරතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 134 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 84 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1670 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site