IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එකගෙයි කෑම සංකල්පෙට මම කැමතියි - දසුන් පතිරණ


"එකගෙයි කෑම -දෙන්නම මගේ" කිව්ව ගමන්  මේ දවස්වල ගොඩක් අයට මතක් වෙන්නෙ දසුන් පතිරණ කියන රංගන ශිල්පියාව. ඒ ඔහු රංගනයෙන් දායක වුණ මියුසික් වීඩියෝ නිර්මාණයක් නිසා. ඉතින් අපි හිතුවා මෙවර සඳැල්ල කතාබහට ඔහුව එකතු කරගන්න. 

  • මේ දවස්වල එකගෙයි කෑමකට ප්‍රසිද්ධයි නේද?

ඔව්. 

  • මං හිතන්නෙ සිංදුවට වඩා සිංදුවෙ පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් වයිරල් වෙලා තියෙනවා. මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ලැබෙන්නෙ?

එකගෙයි කෑම කියන්නේ ඉස්සර අපේ රටේ තිබ්බ පැරණිම සංකල්පයක් වුණත් දැන් වෙනකොට ඒක යල්පැනපු සංකල්පයක්. ඒකත් එක්ක තමයි ගොඩක් අය නිර්මාණය ගැන කතා කරන්නෙ. සාමාන්‍යයෙන් මම සිස්ටම් එකෙන් එහා දෙයක් කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඉතින් සමහරු කැමතියි. සමහරු බනිනවා. මොනවා වුණත් ගොඩක්  ප්‍රතිචාර ලැබෙනවා.

  • "එකගෙයි කෑම" කියන්නේ ඔබ කිව්වා වගේ අපේ රටේ තිබ්බ පැරණි සංකල්පයක්. ඒ වගේ නිර්මාණයකට වර්තමානයේ දායක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ ?

අපිට පොඩි නොස්ටැල්ජියා ගතියක් ඒකෙ තියෙනවා වගේම ඒකෙන් අපිට අතීතෙ නැවත මතක් කරගන්න පුළුවන්. මම කොහොමත් කිසිම රාමුවකට කොටු වෙලා නැති කෙනෙක්. මට හිතුණොත් මේක හොඳයි කියලා මම ඒක කරනවා. කෙනෙක් මේකට අකැමැති වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා මේ වගේ නිර්මාණවලින් අපේ අතීතය, සංස්කෘතිය, අපි ජීවත් වුණ විදිහ මිනිස්සුන්ට දැනගන්න ලැබෙන  එක හොඳයි කියලා. ඇත්තටම එකගෙයි කෑම වගේ සංස්කෘතියක් ඇතුළෙ ජීවත් වෙන්න ලොකු තේරුම් ගැනීමක් තියෙන්නෙ ඕනෙ. මම හිතනවා අතීතේ හිටපු මිනිස්සු ළඟ ඒ තේරුම් ගැනීම ගොඩක් හොඳට  තිබිලා තියෙනවා. දැන් නම් ලංකාවේ ඒ සංස්කෘතිය වෙනස් වෙලා. මම නම් පෞද්ගලිකව කැමතියි ඒ සංකල්පයට.

  • ගොඩක් අය කියන දෙයක් තමයි දසුන් ඉන්නෙම ඒ වගේ චරිතවලට කියන කතාව. ඒ කතාව ඇත්ත ද ?

ඔව් මගෙන් සමහරු අහනවා ඇයි ඔයා වැඩිහිටියන්ට පමණයි නිර්මාණම කරන්නෙ කියලා. මේ මාතෘකා වැඩිහිටි මාතෘකානෙ. ඉතින් මගේ උත්තරේ  මම  වැඩ කරන්නෙ පොඩි අයට නෙවෙයි. මම වැඩ කරන්නෙ දෙයක් තේරුම් ගන්න පුළුවන් අයට. සමහරු  ඉන්නවා ළමයින් වෙනුවෙන් වැඩ කරන. හැබැයි මම කතා කරන්නෙ තාරුණ්‍යයට, වැඩිහිටියන්ට. ඉතින් මම දායක වෙන  නිර්මාණ ඇතුළෙ ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය වගේ මාතෘකා තියෙන්න පුළුවන්. නළුවෙක් විදිහට මට ඒක ප්‍රශ්නයක් නැහැ. ප්‍රේක්ෂකයන්ට අයිතිය තියෙනවා එයාලගෙ අදහස් දක්වන්න.

  • එතකොට ඇත්ත ජීවිතේ දසුන් මොන වගේ චරිතයක් ද?

සරලයි. ඇක්ෂන් කට් කිව්වට පස්සෙ මගෙ නළුකම ඉවර වෙනවා. ඊට පස්සෙ මම බොරු දේවල් කරන් නැතුව ඇත්ත විදිහට හිනාවෙලා දසුන් පතිරණ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා.

  • පුංචි තිරයේ වැඩකටයුතු කොහොමද ?

මේ දවස්වල මාසයක් ඩෙල්ෆ්වල ෂූටිං යනවා, ලලිත්  රත්නායක මහතාගේ ඩ්‍රාමා එකක වැඩ කරනවා. ඒ වගේම ඩබ්ලිව්. රවින්ද්‍රගෙ "SEA සෝ " නාට්‍යය විකාශය වෙනවා. තව අරුණ අබේරත්න සහෝදරයගෙ  "හේමලයෝ " කියලා නාට්‍යයක් එනවා ළඟදිම. තව දිනේෂ් හග්ගල්ල කියලා අලුත් අධ්‍යක්ෂකවරයෙක්ගෙ "මාව මතකද" කියලා නිර්මාණයක් කළා. 

  • පුංචි තිරය වගේම රිදී තිරයෙත් ඔබ කාර්‍යබහුලයි නේද ?

මේ අවුරුද්දෙ නම්  ජැක්සන් ඇන්තනි මහතා සමඟ කළ  "සීරුවෙන්" කියන චිත්‍රපටය ආවා. ලබන අවුරුද්දෙ අනිවාර් යෙන් "මාරියා" කියන චිත්‍රපටය එනවා. ඒක මුහුදෙ රූගත කළ චිත්‍රපටියක්. තව මේ අවුරුද්දෙ චිත්‍රපටියක් රූගත කරන්න බලන් ඉන්නවා.

  • රංගනය පැත්තෙන් මොනවද තියෙන ඉදිරි බලාපොරොත්තු?

ලංකාවෙන් යන්නෙ නැතුව රංගන කටයුතුවල නිරත වෙලා ඉන්න උත්සාහ කරනවා. ලංකාවේ නළුවෙක් විදිහට මැරෙන්න තමයි බලාපොරොත්තුව. අන්තිම මොහොතෙත් රඟපාන්න තිබ්බා  නම් ඇති.

  • පවුලෙන් ලැබෙන සහයෝගයත් මතක් කරමු.

ඒ සහයෝගය නැත්තම් සමහර විට මම මෙතන නැහැ. අම්මගෙයි තාත්තගෙයි ලැබුණු සහයෝගය නිසා තමයි මම මාව නළුවෙක් විදිහට ක්ෂේත්‍රයට ගේන්නෙ. ඒ වගේම මගේ බිරිඳ හංසි කියන්නේ මට ලැබුණු වාසනාවක් කියලා මම හිතන්නේ. ඇයගේ තේරුම් ගැනීම ඒ සහයෝගය නැත්තම් අද දසුන් පතිරණ කියලා නළුවෙක් නැහැ. ඒ සහයෝගයට මම ගරු කරනවා ඇත්තටම.

  • දසුන්ගෙ රංගන ජීවිතේ පටන් ගත්තු විදිහ කතා කළොත්?

පාසල් කාලේ ඉඳන්ම මම කළේ ඩාන්සින්, ඩ්‍රාමා. මොකද වෙන විෂයන් මට තේරෙන්නෙ නැහැ. අවුරුදු දහනවයෙදි මට මහේන්ද්‍ර පෙරේරාව හමුවෙනවා. ඒ හමුවීම තමයි ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙලා රංගනය ක්ෂේත්‍රයට  දොරවල් විවර වෙන්නෙ.

  • අද වෙන කොට නවක රංගන ශිල්පීන් බොහොමයක් ක්ෂේත්‍රයට එනවා. ඒ ගැන ඔබේ අදහස?

මම කියන්නේ ආසාවට විතරක්  ක්ෂේත්‍රයට  එන්න එපා, ඉගෙන ගෙන එන්න. මොකද මේක විෂයක්. ඒ නිසා ඉගෙන ගන්න.   ආසාවට ආපු ගොඩක් අය ටික කාලෙකින් ගෙදර යනවා මම දැකලා තියෙනවා. ඒ නිසා වැඩේ හරියට කරන්න බලාගෙන එන්න.



කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

එකගෙයි කෑම සංකල්පෙට මම කැමතියි - දසුන් පතිරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13262 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10952 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site