IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉතාලියේ රියැලිටියකින් අමරසිරි පීරිස්ගේ මිනිබිරිය ඉදිරියෙන් ... - සාරා පීරිස්


ඉතාලියේ පැවැත්වෙන  Tour Music Fest [TMF} ගායනා තරගයේදී ලක්ෂ ගණනක තරගකරුවන් අතරින් දෙවන තරග වටයේ Live Music Auditionහිදී හතළිස් දෙනා අතරට තේරී පත් වූයේ සාරා පීරිස්‍් ශ්‍රී ලාංකේය දියණියයි. ඒ 28,000ක පමණ විදෙස් තරගකරුවන් අභිබවා යමිනි.

ශ්‍රී  ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන සටහන් තැබූ ප්‍රවීණ සංගීතවේදී අමරසිරි පීරිස් ඇයගේ සීයා වන අතර ගායන ශිල්පී මාධව පීරිස් ඇයගේ පියා ය.

ඉතාලියේ වෙරෝනා නගරයේ  ජීවත්වන සාරා  වයස අවුරුදු 15ක දියණියකි.

‘මම අධ්‍යාපනය ලබන්නේ වෙරෝනාවේ Agli Angeli විද්‍යාලයේ. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා. පුංචි කාලේ සිටම මගේ කනට ඇසුණේ සංගීතය. ඒ නිසා වෙන්න ඇති මම සංගීතයට ගොඩක් කැමති. ඒ නිසා ගායනය වගේම වාදනයත් හැදෑරීම් කළා.’

ළමා වියේ සිටම නිරන්තරයෙන් සංගීතය කන වැකුණු ඇය ඉතා කුඩා කල පටන්ම සංගීත අධ්‍යාපනයට යොමුවූ අතර ඇය පීරිස් පවුලේ සංගීත පරපුර නියෝජනය කරන තුන්වැනි පරම්පරාවයි. ඒ තුළින් නිසි අධ්‍යාපනය ලබන ඇය ඉතාලියේ පැවැත්වෙන අති විශාලම රියැලිටි ගායන තරගයට ඉදිරිපත් වන්නේ තම දක්ෂතාවන් මුළු ලෝකයටම පෙන්වීමේ අරමුණෙනි.

එම තරගාවලියේ වයස අවුරුදු 16 න් පහළ කාණ්ඩය සඳහා ඉදිරිපත් වූ ඵකම ශ්‍රී ලාංකික තරගකාරිනිය වන්නේ ද සාරා ය.

‘ඒ තරගය මට ලොකු අභියෝගයක්. මොකද සියලුම තරගකරුවන් විදෙස් ජාතිකයන්.මම එහිදී ගායනා කරන්නේ ඉංග්‍රීසි ගීත. ඒ සඳහා නිසි පුහුණුවීම් කටයුතු කරනවා.ඒවගේම තමයි මගේ ගායනයට එහි සිටින ප්‍රවිණ විනිසුරු මඩුල්ලෙන් නිරන්තරයෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් මා වෙනත් ජාතිකයකු කියා සලකන්නේ නෑ.නිරන්තරයෙන් අගය කරනවා.ඒ වගේම මම ගීතයක් ගායනා කිරීමේදී වේදිකාව යොදාගන්නා ආකාරය ගැන ඔවුන් ගොඩක් හොඳ දේ කියනවා. එවැනි ප්‍රතිචාර මගේ ඉදිරි ගමනට හයියක්’

ඇය තම  සීයා වූ අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන ශිල්පියා සමඟද , පියා වූ මාධව පීරිස් සමඟද නවමු ගීත කීපයක්ම ගායනා කර ඇති අතර ඉදිරියේදී එම ගීත ඵළිදැක්වීමට නියමිතය. සංගීත ක්ෂේත්‍රයට සිංහල ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම විශිෂ්ඨ ගීත ඉදිරිපත් කිරීම ඇයගේ අරමුණයි.ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණ ගීත කිහිපයක්ම  පටිගත කිරීමටත් ඇයට පසුගියදා අවස්ථාව ලැබුණි.

‘මම ගොඩක් කැමතියි සීයාගේ ගීතවලට.ඒ ගීත වගේ සිංහල ගීත ගයන්නත් ආසයි.අලුත් ගීතයක් ගැයුවාම සීයත් තාත්තත් එහි අඩුපාඩුකම් කියා දෙනවා. මට ඕනෑ හෙමින් හොඳ ගමනක් මේ සංගීත ක්ෂේත්‍රය ඇතුළේ යන්න. ඒ සඳහා මේ රියැලිටි තරගයත් මට උදව් වේවි.ඉදිරි තරග වටවලදීත් හොඳට ගායනා කර අපේ රටේ නම ඉස්සරහට ගෙනයන්න මම උත්සාහ කරනවා.ඒ වගේම අලුත් සිංහල ගීත කිහිපයකුත් කරන්න ආශාවෙන් ඉන්නවා. මේ ගමනේදී මට මගේ පිටුපසින් සිට හැමදෙයක් ම සොයා බලා කටයුතු කරන්නේ මගේ අම්මා. ඇය සුභාෂිණී පල්ලෙවත්ත. ඇය තමයි ඉතා කුඩා කාලයේම මාව සංගීත අධ්‍යාපනයට යොමු කර සියලු කටයුතු සොයා බලා ශක්තිය දෙන්නේ. ඒ වගේම තාත්තාත් සීයාත් අනෙක් සියලු දෙනාත් මාව අගයනවා. මගේ ගීත සඳහා සංගීත කටයුතු කරන ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්දේ මාමත් ඉතාම ආදරයෙන් මතක් කරනවා.’


 සුජිත් ප්‍රසංග
 සුමුදු හේවාපතිරණ


 



අදහස් (0)

ඉතාලියේ රියැලිටියකින් අමරසිරි පීරිස්ගේ මිනිබිරිය ඉදිරියෙන් ... - සාරා පීරිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site