IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉඩ අඩු තැනකට වැඩි ඉඩක් පෙන්වන පැන්ටි‍්‍ර කබඞ්

වසරක් ගෙවී වසරක් උදාවෙමින් තිබේ. මේ වන විටත් නිවසට අලූතින් එක් කර ගත යුතු අංග පිළිබඳව ඔබ සිතමින් ඉන්නවා වන්නට පුළුවනි. මෙහිදී මුළුතැන්ගෙය පිළිබඳ උනන්දු වන ගෘහිණියකට අලූතින් පැන්ටි‍්‍ර කබඞ් එකක් සකස් කර ගන්නට කැමැත්තක් තිබෙනවානම් එහිදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සාකච්ඡා වෙයි.

මුළුතැන් ගෙයට පැන්ටි‍්‍ර කබඞ් එක් කර ගැනීමෙන් අපේක්ෂා කරන්නේ පිළිවෙළ සහ පිරිසුදු බවයි. මෙය කොතරම් මිල අධික නිමැයුමක් වුවත් ගෘහිණියක් කෙසේ හෝ මුළුතැන්ගෙයි පිළිවෙළ කර ගන්නට පැන්ටි‍්‍ර කබඞ් එකක් සකස් කර ගැනීමට උනන්දු වෙයි. අද වන විට ලී නිමාවට අමතරව විවිධ අමුද්‍රව්‍ය භාවිතයෙන් පැන්ටි‍්‍ර කබඞ් නිම වන ආකාරය දක්නට ලැබේ. සම්පුර්ණ ලී නිමාවෙන් යුතු, සිමෙන්ති හා ලී මිශ‍්‍ර, විදුරු හා ඇලූමිනියම් මිශ‍්‍ර ආදී වශයෙන් පැන්ටි‍්‍ර කබඞ් දක්නට ලැබේ. මෙහිදී තමන්ගේ නිවසට සුදුසු කුමන නිමාවෙන් යුතු පැන්ටි‍්‍රයක් දැයි පහත කරුණු අනුව තීරණය කරන්න. 


නිවෙසට වඩාත් සුදුසු පැන්ටි‍්‍රය කුමක්ද?
පැන්ටි‍්‍ර කබඞ් නිවසට එක් කර ගැනීමේදී නිවසේ ප‍්‍රමාණය, මුළුතැන් ගෙයි ප‍්‍රමාණය මෙන්ම තමන්ට දැරිය හැකි වියදම යන සාධක පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඔබට පැන්ටි‍්‍ර සකස් කිරීම සඳහා ඇත්තේ අඩු ඉඩ කඩක් නම් වීදුරු භාවිතයෙන් ඉඩකඩ පෙන්වන ලෙස කබඞ් සකස් කර ගත හැක. ඒ වගේම එම ස්ථානයට ලැබෙන ආලෝකය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. ආලෝකය අඩු තැනක් නම් එවැනි ස්ථානයකට වඩාත් සුදුසු වන්නේ වීදුරු සහ ඇලූමිනියම් මිශ‍්‍ර කබඞ්ය. කෙසේ නමුත් කුඩා ඉඩකඩක වුවත් ඔබට ලී නිමාවෙන් යුතු පැන්ටි‍්‍රයක්ම අවශ්‍ය නම් ලී වඩාත් අ`දුරු පැහැ නොකළ යුතුය.


විවිධ වර්ණවලින් තෝරා ගත හැකිය
දුඹුරු, කොළ, කළු, රතු වැනි විවිධ වර්ගවලින් ඔබට පැන්ටි‍්‍ර කබඞ් නිර්මාණය කර ගත හැක. මෙම වර්ණ එම ස්ථානයේ බිත්තිවල වර්ණ සමග ගැළපීමෙන් වඩාත් ආකර්ෂණීය පෙනුමක් එක් කර ගත හැක.


භාවිතයේ පහසුව බොහොම වැදගත්
අද බොහෝ දෙනෙක් පැන්ටි‍්‍ර කබඞ් නිර්මාණයේදී එකම ආකෘතියක් භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. නමුත් එසේ විය යුතු නැත. අප පැන්ටි‍්‍රයක් එක් කර ගන්නේ භාණ්ඩ පිළිවෙළින් අසුරා තැබීමටය. මේ නිසා පැන්ටි‍්‍රය එසේ විය යුත්තේ තමන්ට භාණ්ඩ අසුරා තැබීමටත් ඒවා භාවිතයට ගැනීමටත් පහසු ආකාරයටය.


විවිධ පෙනුම දෙන කබඞ්
අද වන විට පැන්ටි‍්‍ර කබඞ් ඇ`දුම් කබඞ් ආකාරයෙන්ද නිර්මාණය වෙයි. ශීතකරණය පවා දැමිය හැකි කබඞ් නිර්මාණය වීම දක්නට ලැබේ. බොහෝ විට මෙවැනි නිර්මාණවල දී වර්ක් ටොප් එක මත බඩු භාණ්ඩ ගොඩගැහෙන්නේ නැත. එයින් වැඩි පිළිවෙළක් නිවසට එක් කරයි.

 



 

 



අදහස් (0)

ඉඩ අඩු තැනකට වැඩි ඉඩක් පෙන්වන පැන්ටි‍්‍ර කබඞ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site