(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජීවනෝපාය අහිමිව අසරණ වූ පුද්ගලයන්ට රජය මගින් ලබා දුන් රුපියල් 5000 දීමනාව තමන්ට මෙතෙක් නොලැබුණු බව පවසමින් හොරණ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අංක 612 කහටපිටිය ග්‍රාම සේවා වසමේ පවුල් 50 කට ආසන්න පිරිසක් වසා දමා තිබූ එම කාර්යාලයේ ඉදිරිපිට බිම වාඩි වී සිය විරෝධය පල කළහ.
එම වසම භාරව සිටින ග්‍රාම නිලධාරීවරයි හිතවත්කම මත රුපියල් 5000 ලබා දෙන බව පවසමින් ඔවුහු පැවසූහ.
මේ වන විට රජය මගින් රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර ආරම්භ කර ඇති නමුත් මූලිකව ලබා දුන් එම 5000 මුදල ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කර සතියකට අධික කාලයක් ගත වුවද එයට මෙතෙක් පිළිතුරක් නැතැයි එම පිරිස පැවසූහ.
මේ පිළිබඳව හොරණ ප්‍රාදේශීය ලේකම්වරියට එම මුදල අපේක්ෂාවෙන් පැමිණි පුද්ගලයෙක් දුරකථනය හරහා පැමිණිලි කළ අතර එම මුදල නොලැබුණු පිරිසේ නම් ඇතුළත් ලිපියක් ලබා දෙන ලෙස දැන්වූ බව එම පිරිස සඳහන් කළහ.
මේ පිළිබඳ හොරණ ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. එස්. සජීවනා මහත්මියගෙන් විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.
‘‘හිතවත්කම මත කිසිම ග්‍රාම සේවා නිලධාරියෙකුට රජයේ මෙම මුදල ලබා දෙන්න හැකියාවක් නෑ.
එම පිරිසට යම් අසාධාරණයක් වී ඇද්දැයි සොයා බැලීමට කටයුතු කරනවා‘‘ යැයි ප්‍රාදේශීය ලේකම්වරයි පැවසුවාය.

2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2444
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
5000 දීමනාව නොලැබුණැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් විරෝධතාවක්