මාදුරු ඔය 14 බළකා විශ‍්‍රාමිකයන්ගේ සංගමය සිය ප‍්‍රජා සත්කාර සේවයේ තවත් පියවරක් ඉදිරියට තබමින් අනුරාධපුර බෝගහවැව, පදවිය කුඩා රත්මලේ ප‍්‍රාථමික විදුහලට පන්ති කාමරයක් සහ ගුරු විවේකාගාරයක් සහිත නව ගොඩනැඟිල්ලක් පසුගියදා පරිත්‍යාග කළේය.
විදුහල්පතිනි කේ.එච්.එම්.කේ. දීප්ති මහත්මියගේ ඉල්ලීමක් පරිදි සංගමය විසින් පරිත්‍යාගශීලීන්ගේද ආධාර ඇතිව මේ කාර්යය කළේය.
2017 වර්ෂයේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වන සියලූම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණද එදින දරු දැරියන්ට පිරිනැමිණි. වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ බී.එච්.ඞී.එස්. පීරිස් මහතා සංගමයේ සභාපතිවරයාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd