IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දරු මුණුපුරෝ එකම දා යුග දිවියට

 

(චමිල් රූපසිංහ)

දරු මිණි බිරියන් සිටියත් විවාහ නොවු පවුල් 19 ක විවාහ කර විවාහ සහතික ලබාදිමේ වැඩසටහනක්  යටිනුවර ප්‍රාදේශිය ලෙකම් කාර්‍යාලය විසින් යටිනුවර කුරුගම ගම්මානයේදි සිදු කරණු ලැබීය.

මෙහිදි  මව පියා හා දරුවකුද එකම දිනයේදි විවාහ වි ලියාපදිංචි සහතික ලබා ගැනිම විශේෂ සිද්ධියක් විය.

මෙම වැඩ සටහන  යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 158 ගුරුගම ග්‍රාම නිලධාරි වසමේ කුරුගම ගම්මානයේදි  සිදුකරනු ලැබිය.

ගුරුගම ග්‍රාම නිලධාරි වසමේ කුරුගම ගම්මානයේ ජීවත් වන දමිළ පවුල් අතරින් චාරිත්‍රානුකූලව විවාහ වූවත් නීත්‍යානුකූලව විවාහ නොවූ යුවලවල් 19 ගේ විවාහ ලියාපදිංචි කීරීම මෙහිදි සිදුවිය.

කුරුගම ශ්‍රී මුරුගන් කෝවිලේ දී කුරක්කල් සොමේශ් පූජකතුමා විසින් චාරිත්‍ර සිදුකරමින් අනතුරුව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා මුලිකත්වයෙන් මෙම පවුල් 19 සදහා විවාහ සහතික පිරිනැමිම සිදුකල අතර තේ කර්මාන්තය ආශ්‍රිතව දිවි ගෙවන මොවුන් හට විවාහ ලියාපදිචි සහතික නොමැති වීම නිසා අර්ථසාධක අරමුදල් හා රජයේ කිසිදු වර්ප්‍රසාදයක් ගැනීමට නොහැකි තත්වයක් නොමැතිව මොවුන් ජීවත් වී ඇති අතර.මුණුබුරන් සිටින දෙමාපියන්ටද විවාහ සහතිකයක් නොමැත.

මේ අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා,යටිනුවර ප්‍රාදේශීය ලේකම්තුමා හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගිත්වයෙන් සිදුකෙරිනි.

 



අදහස් (1)

දරු මුණුපුරෝ එකම දා යුග දිවියට

ganegoda Friday, 16 December 2022 11:48 AM

ගමේ, රටේ තියෙන ජීවන ප්‍රශ්නවලට පිළිතුරු හොයාගත්තා නම් මේවා ඉබේම සිදුවෙනවා නේද? මොනවද මේ විකාර?

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site