ජුඩ් සමන්ත
හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේ දී වාහන 4 ක් එකිනෙක ගැටීමෙන් අද (14) අලුයම අනතුරට පත්වී තිබේ.
බස් රථ දෙකක්,සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
වාහන තදබදයක් හේතුවෙන් නවතා තිබූ මෝටර් රථයක මීගමුවේ සිට කල්පිටිය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ගැටී තිබේ. එම මෝටර් රථය ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක ගැටී එම බස් රථය ද ඉදිරියෙන් තිබූ තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් එක් මෝටර් රථයකට බරපතල හානි සිදුවී ඇත. අනතුරට පත්ව ඇති වාහනවල සිටි කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.