(ඩී.ජී.සුගතපාල)
ගිනි අවි පෙන්වා වෙළඳ වල්වලින් කප්පම් ගනිමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සහ උණ්ඩද සමග සූරියවැව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අලිඔලු පාර සුරියවැව පදිංචි සැකකරුවෙකි.
සැකකරු ඊයේ(14) සවස අලිඔලු පාර වෙළඳ සලකට පැමිණ ගිනි අවියක් පෙන්වා වෙළඳ සල් හිමියාට තර්ජනය කොට සිගරැට් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ පොලිසියට ලැබුණ තොරතුරක් අනුව වහා ක්‍රියාත්මකවු පොලිස් නිලධාරින් වෙළඳ සලට ගොස් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබු එම්.එම්.9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක්ද එම උණ්ඩ තුනක්ද පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත හංගපු ආයුධ ඇති... ඒවා සොයාගන්න එක්ක යන්නම ඕනේ...