(දිලීප් ජයසේකර)
තණමල්විල කුමාරගම සූරිආර ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී කංසා හේන් 3ක් වටලා එක් පුද්ගලයකු අද(15) අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි අයෙකු වන අතර, කුමරාගම පදිංචිකරුවෙකි.
එක් හේනක අඩි 4 බැගින් උස කංසා පැළ 1570ක්, තවත් හේනක අඩි 6ක් පමණ උස කංසා පැළ 1262ක් හා අඩි පහමාරක් පමණ උස කංසා පැළ 1221ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු ගලවා විනාශ කළහ.
කුමාරගම සුරිආර ප්‍රදේශයේ කැලෑබද කොටසක ස්ථාන තුනක කුඩා ප්‍රමාණයේ හේන් සකස් කර තිබුණි.
අත්අඩංගවට පත් සැකකරු වැඩිදුර විමර්ෂණ සඳහා තණමල්විල පොලීසියට බාර දී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කංසා හේන් ලොකුවට අල්ලනවා. නමුත් කුඩුකාරයෝ, මිනීමරුවෝ නිදැල්ලේ.